(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රති ව්‍යුහගතකරණය සඳහා මහ භාණ්ඩාගාරයෙන් අදාළ යෝජනා තවමත් ඉදිරිපත්ව නැතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් ප්‍රති ව්‍යුහගතකරණය සඳහා අභිලාෂ කැඳවීම ගැටළුකාරීවී ඇති බව වරාය නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් පැවසේ.
එසේම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් තවමත් ආයෝජකයකු ඉදිරිපත්ව නැතැයි අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් පැවැසීය.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රති ව්‍යුහගතකරණය සඳහා මේ මස අග අභිලාෂ කැඳවීමට බලාපොරොත්තුවෙන් සිටින බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය 5 වැනි දා පැවසීය.
එම කටයුතු පෙබරවාරි මාසයේදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
කවුරු කෙසේ කීවත් තමාගේ පැත්තෙන් කළ හැකි සියලු සියලු දේ කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා ගුවන් සේවය ඉහළ තැනකට එසවීම තමාගේ බලාපොරොත්තුව බවද සඳහන් කළේය.
වැඩිපුර ගුවන් ගමන් ලංකාවට ගේන්න යැයි ගුවන් සමාගම්වලින් ඉල්ලීමක් කළ බව අමාත්‍යවරයා ලංකාදීපයට පැවැසීය.
කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහාළු පර්යන්ත දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කො
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන
තම අලුත උපන් බිළිඳා ළිඳකට දමා ඝාතනය කළ මවක අත්අඩංගුවට ගත් බව චාවකච්චේරි පොලිසිය පවසයි.
එක්සත් ජාතික පක්ෂය හා සිදුකළ පළමු සාකච්ඡාව සාර්ථක බවත් ඒ අනුව පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමට එකගත්වය පළවූ බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ම
රත්නපුර සබරගමුව මහ සමන් දේවාලය සතු එහි තැන්පත් කර තිබූ ඇත්දළ යුගල දෙකක් දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා භාරදීමට කටයුතු නොකිරීම පිළිබඳව බෞද්ධ කටයුතු
නැගෙනහිර, උතුරු,උතුරු - මැද මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ශ්‍රී ලංකන් වෙනසට ලොකු තැනකින් ’බකට්’’ එකක්
Nimal Saturday, 07 October 2023 05:53 PM
තමුන්ගේ පැත්තෙන් නම් කොමිස් ටික නම් හරියටම අරන් ඇති. එතකොට නම් නිදි කිරා වැටෙන්නේ නැතිව ඇති...
කිරිපුතා Saturday, 07 October 2023 06:22 PM
දකුණු ආසියාවේ තිබුණු හොඳම ගුවන් සේවය. අදටත් ඉන්දියන් මිනිසුන් කතා කරන්නේ හරි කැමැත්තකින්. දැන්නම් උපරිම පිරිහිලා. ඒක හරිම කණගාටුවට කාරණයක්. ඒ සඳහා දේශපාලකයින් සේම සේවකයින් ද වග කිව යුතුයි.
janahitha Saturday, 07 October 2023 07:08 PM
ඉතාමත් පලපුරුදු ඉංජිනේරුවන් ඉන්නවා.. සේවකයින්ට දොස් කියන්න බැහැ ප්‍රශ්නය නම් පාලකයින් විසින් ගුවන් සේවය හරහා මුදල් වංචා කිරීමය. පැහැදිලිවම මෙය ඔප්පු වෙලා තිබුණත් ඒ පාලනය වෙනස් නොකර එය වැළැක්විය නොහැක...
janabala asamagi Saturday, 07 October 2023 07:09 PM
සොරුන් පාලනයෙන් බැහැර කරවූ ශ්‍රී ලාංකික මෙන්ම රටම බේරාගත හැක්කේ එමගින්...
Rata Perata Saturday, 07 October 2023 07:27 PM
මට හිතෙන්නේ ලංකාවේ තියෙන දුර්වලම අමාත්‍යාංශය තමයි මුදල් අමාත්‍යාංශය... දන්නවනේ කොච්චර දුර්වල මිනිහෙක් ද කියලා ඇමැති...!
sanath Sunday, 08 October 2023 02:32 PM
මම කවදාවත්ම ගුවන් යානයක ගිහින් නැහැ. ඔය ගුවන් සේවයේ පාලකයන් සහ සේවකයින් සොරකම් කළ නිසා මේක පාඩුවෙලා පාඩුව පියවාගන්න රජයෙන් ඩොලර් කෝටි ගාණක් මේවට ගෙවලා, ඉදිරියටත් ගෙවන්න සිදුවෙලා දුප්පත් අපේ E.P:F. මුදලේ පොළිය බලහත්කාරයෙන් අරන් මෙවැනි අනවශ්යස සමාගම්වල පාඩු පියවීම කොපමණ අසාධාරණයක්ද? ඕකේ තිබෙන බද්දට ගත් ගුවන් යානා ටික නැවත එම සමාගම්වලට බාරදීලා ඕක වහලා දමන්නේ නැත්තේ මොකද? ඕක පාඩු ලබන නිසා මිලදී ගන්න කවුරුවත් නැහැ. ගුවන් යානා නිතරම ප්ර්මාද වන නිසා සහ කාර්මික දෝෂවලට ලක්වන නිසා, මගීන් ඕකෙ ටිකට් ගන්නේ නැහැ. ඕක ඉදිරියටත් පාඩු ලබනවා. අපේ E.P:F. මුදල් අපේ අවසරයක් නොමැතිව බලහත්කාරයෙන් අසාධාරණ ලෙස මෙවැනි දේවල්වලට වියදම් කිරීමට විරුද්ධව අපිට පාරට බහින්න කාලය පැමිණ ඇත...
de silva berlin Sunday, 08 October 2023 02:38 PM
මම මුදල් ඇමැති නම් වෘත්තීය සමිති සහ පාලනාධිකාරිය යන දෙපාර්ශවයම රැස්වීමකට කැඳවා ප්‍රකාශ කරනවා ජනවාරි 01 වැනිදා සිට රජයෙන් එක රුපියලක්වත් පාඩු පියවන්න දෙන්නේ නැහැ. ඔබ දෙපාර්ශවය එකතුවෙලා වියදම් කපාහැර කැමැති නම් මේක ඉදිරියට ගෙන යන්න බැරිනම් වහලා දමන්න කියලා...
Bamunuarachchi Monday, 09 October 2023 04:31 AM
එතකොට ප්‍රතිව්‍යූවගත කරන්න ඕනේ කියන්නේ ලොකු මිනිස්සු නොවෙයිද? ඒගොල්ලෝ සොක්කෝද?