IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ෂොපින් මලු නැති නම් දීමනාවක්

(සුජිත් හේවාජුලිගේ)

පොලිතින් මලු (ෂොපින් බෑග්) නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබාදීමට ප්‍රධාන සුපිරි වෙළෙඳසල් පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී එකඟ වී ඇත.

මේ අනුව එලෙස දෙන දීමනාවේ ප්‍රමාණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට පැමිණීම සඳහා සුපිරි වෙළෙඳසල් හිමියන් ලබන 21 වැනිදා කාරක සභාවට කැඳවූ බව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

පොලිතින් සහ ප්ලාස්ටික් පාවිච්චිය අධෛර්යමත් කිරීමෙන් පරිසරය ආරක්ෂා කර ගැනීම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අරමුණ බවද හෙතෙම සඳහන් කළේය.

සුපිරි වෙළෙඳසල්වලින් නිකුත් කරන පොලිතින් මලු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම වෙළෙඳ සල් හිමියෝ පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා කැඳවනු ලැබූහ. ඔවුන් මෙම එකඟත්වයට පැමිණියේ ඒ අවස්ථාවේදීය.

 



අදහස් (7)

ෂොපින් මලු නැති නම් දීමනාවක්

මැක්ස් Sunday, 17 March 2024 10:08 PM

කෙසේ හෝ මෙම පොලිතීන් ව්‍යසනයෙන් අත් මිදෙන්නට කටයුතු කරමු. අජිත් මාන්නප්පෙරැම මහතාගේ කාර්ය භාරය දේශපාලන භේදයකින් තොරව පසසමු.

:       0       13

sam Monday, 18 March 2024 04:29 AM

සුපිරි වෙළෙඳසල්වලින් නිකුත් කරන පොලිතින් මලු (ෂොපින් බෑග්) සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම වෙළෙඳ සල් හිමියෝ පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා කැදවා වැරදි එකඟත්වයට පැමිණ ඇත. ෂොපින් මලු නැති නම් දීමනාවක් අවශ්‍ය නැත. කලයුතුවන්නේ දීමනාව වෙනුවට විවිද ප්‍රමාණයේ washable fabric grocery bags සහන මිලට ලබාදීමට අර්ම්බයේදී කට යුතු කිරිමවේ. ඉන්පසු මාස 6ක් වැනි කෙටි කාලයක් තුල සුපිරි වෙළෙඳසල්වලින් නිකුත් කරන පොලිතින් මලු (ෂොපින් බෑග්) සියලු පොලිතින් මලු ඉවත් කරනා බව දන්වා grocery counters අසල poster in 3 languages පැහැදිලි කියවා ගනීමට සැලැස්වීම සිදු කලයුතුවේ. මෙවැනි සිදුකිරීමක් තුල පරිසර හානිය පමණක් නොව නව රැකියා අවස්ථවන් පවා බිහිවේ. රජය මගින් washable fabric grocery bags සකස් කිරීමට යොදා ගන්න fabrics පිලිබදව ප්‍රමිතියක් නිකුත් කිරීම සිදු කලයුතුවේ

:       0       11

අනුර Monday, 18 March 2024 04:43 AM

කාලීන අවශ්‍යතාවයක්. මට මතක විදිහට ඒ කාලේ යෝජනාවක් ගෙනාවා ෂොපින් මලු නිකුත් කිරීමේදී සුපිරි වෙළඳසැල් මගින් යම් මුදලක් අය කිරීමට. නමුත් එය ා උසාවි නියෝගයකින් අත්හිටෙව්වා. හැකිනම් මෙයට ප්‍රතිශෝධනයක් ගෙනැවිත් යම් මුදලක් අයකරන්න. එවිට මහජනයා නිරායාසයෙන් විකල්පයක් සොයා ගනී

:       0       10

kam Monday, 18 March 2024 06:21 AM

ලංකාවේ මිනිස්සු හැදෙන්නේ දීමනාවක් දුන්නොත් විතරයි. පරිසරය ගැන කිසි තැකීමක් නැහැ.

:       0       11

69Sri2019 යේ සෞභාග්‍යය Monday, 18 March 2024 06:31 AM

අපිත් ඒකට කැමතියි ඒත් සමහරක් පුද්ගලික වෙළඳ ආයතන අප ගෙනයන බෑග් ඇතුලට ගන්න දෙන්නෙ නැහැ. ඒවා ආරක්ෂක නිළධාරින් ළග ඇති රැදවුමේ තියල අංක අරගෙන යන්න වෙනවා. ඊට පස්සෙ ඇතුලෙදි ලැබෙන පොලිතීන් ඇසුරුම් අපේ බෑග් වලට දාගන්න වෙනවා. සාමාන්‍යයෙන් බැලුවොත් මාසෙකට ලැබෙන පොලිතීන් ප්‍රමාණය කිලෝ 50ක ඇසුරුම් කවරයේ භාගයක් පමණ වෙනවා. සමහරක් ගෑනු මිනිස්සු මේවා අනුන්ගේ නිවාස අසලට දමා පුලුස්සනවා . මෙනිසා පොලිතීන් හා රබර් අපද්‍රව්‍ය පිලිස්සීම කරන විට උපරිමයෙන් දඩුවම් කරන්න කටයුතු කලොත් හොදයි. තවත් එකක් තමයි කුඩා ප්‍රමාණයේ පොලිතීන් කවර දැන් දැන් කසිප්පු ඇසිරීම සදහා ගන්න බවක් අහන්න ලැබුනා. ඒවා වහාම තහනම් කලොත් තවත් සහනයක් ලැබෙනවා.

:       0       8

පිටරැටියා Monday, 18 March 2024 03:07 PM

යුරෝපීය රටවල තමුන් ගෙනියන මලුවල තමා වැඩිපුරම බඩු ගෙනියන්නේ ,දූෂණයෙන් පිරි ලංකාව වගේ රටක බෑග් කවුන්ටරයේ තියලා යන්ඩ කියන්නේ නිකම්ද ?

:       0       3

Bandara Tuesday, 19 March 2024 08:02 PM

අදහස හොදයි අවට. පරිසරය ගැන කිසිදු තැකීමක් නොකරන මිනිස්සු සියයට 90 කට වඩා ඉන්නෙ. දිගු කාලීනව පාසල් පද්ධතියේ සිට සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම පොලීතීන් භාවිතයේ ආදීනව සම්බන්ධ ආකල්පමීය දැනුමක් අවබෝධයක් ලබා දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 480 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1809 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1120 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1912 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1323 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38531 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25367 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 921 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site