(විමුක්ති එස් රුද්‍රිගු)
බෙංගාල බොක්කේ ශාන්ත මාටින් දූපත ඇමෙරිකාවට පවරා දුන්නේ නම් තමන්ට තව දුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ සිටීමට හැකියාව තිබූ බව හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඉකොනොමික් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කළාය.
ශාන්ත මාටින් දූපත ඇමෙරිකාවට පවරා ඔවුන්ට බෙංගාල බොක්ක පාලනය කිරීමට ඉඩ ලබා දුන්නේ නම් අරගලය ඇති නොවන බව හසීනා මහත්මිය පැවැසුවාය.
අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වී බංග්ලාදේශයෙන් පළා ඒමට ප්‍රථම තම ජනතාව අමතා මේ බව ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූවත් එම අවස්ථාවේදී එය ප්‍රකාශ කිරීමට නොහැකි වූ බව හසීනා මහත්මිය ප්‍රකාශ කළාය.
ශාන්ත මාටින් දූපත බෙංගාල බොක්කෙහි ඊසානදිග කොටසේ වර්ග කිලෝමීටර 3 ක් පමණක් වන කුඩා දූපතකි.
බංග්ලාදේශ සිසුන්ගේ මළ සිරුරු මතින් විරුද්ධ පාර්ශ්වයන්ට බලය ලබා ගැනීමට අවශ්‍ය වූ බවත් තමන්ට බංග්ලාදේශ ජනතාව මියයන අයුරු බලා සිටිය නොහැකි වූ බවත් හසීනා පැවැසුවාය. අවාමි ලීගය ඉලක්ක කරමින් විරෝධතාව ක්‍රියාත්මක වූ බවත් තමන් හැකි ඉක්මනින් බංග්ලාදේශයට නැවත වරක් යන බවත් හසීනා මහත්මිය ප්‍රකාශ කළාය.
ජනතාව තමන් නායකයා ලෙස තෝරාගත් බැවින් බංග්ලාදේශයට නායකත්වය දුන් බවත් තවදුරටත් නායකත්වය දීමට අවශ්‍ය නොවන බව බංගලාදේශ ජනතාවම පැවැසූ බැවින් තමන් රටින් පිටවූ බවත් හසීනා මහත්මිය පැවැසුවාය. බංග්ලාදේශයේ රැඳී සිටියා නම් එරට සම්පත්වලට විශාල හානියක් සිදුවීමට ඉඩ තිබූ බවද ඇය ප්‍රකාශ කළාය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ
ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ෂෙයික් හසීනා ඇමෙරිකාවට ඇඟිල්ල දිගු කරයි
ජයනාත් Sunday, 11 August 2024 05:27 PM
මෙන්න මේ කතාව ලංකාවේ ජනතාවට තේරුම් යන්නේ කවද්ද?
Nandalal de Silva - France Sunday, 11 August 2024 05:33 PM
පුවත්පත්, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නම් මෙවන් චූර්නිකා අප අසා හෝ කියවා තිබුණේ නැහැ. ඒකාධිපතිනියක් ලෙසින් ඇය හංවඩු ගසා, අරගලකාරීන් විසින් "gota go home" ක්‍රමයට රටින් පැනලා ගියාට පසු කාට හෝ ඇඟිල්ල දිගු කිරීමේ සම්ප්‍රදාය ගැන පුදුම විය යුතු නැත. අපට ඒවා දැන් හොඳට පුරුදුයි...!
fairoos Sunday, 11 August 2024 05:35 PM
අපේ කෙනෙක් නම් රජයේ වියදමින් සැපට ඉන්නවා...!
මැක්ස් Sunday, 11 August 2024 06:24 PM
ලංකාවේ අරගලයේ බංගලි වර්ෂන් එක...!
රංබොඩ Sunday, 11 August 2024 06:50 PM
මේ කියූ දෙය තමයි සිදුවුණේ. කැරැල්ලට සම්බන්ධ වූ මිනිසුන් ඒ වගක් නොදනී. දැනගන්නා විට පෙරහර ගොස් ය. අපේ රටට සිදු වුණෙත් එවැන්නකි..
Lalla Sunday, 11 August 2024 08:16 PM
එතකොට කාබනික මේනියාවත් ඇමරිකානු උගුලක්ද? අර්බුදයකදී පළමුව වියයුතු ආහාර සුරක්ෂිතතාව නැතිකළ මෝඩ තීරණය ගත්තේ ඇමරිකාවද?
යෝගා Sunday, 11 August 2024 07:12 PM
මෙහෙ අරගලය පිටිපස්සේ හිටියේත් ඔය රටම තමයි. හැබැයි ඒක කියන්න ගැහැණියෙක් වෙලත් හසීනාට තිබෙන කොන්ද අපේ පිරිමින්ට නෑ...!
YogiSunday, 11 August 2024 09:29 PM
වැඩක් හරියට කරගන්න බැරි හැමෝම කරන්නේ තව කාට හරි ඇඟිල්ල දික් කරන එක. මතකයිනේ අපේ නන්දේ... නහයෙන් අඬාගත්තු ගමන්මයි. අරයා කරන්න දෙන්නේ නෑ. මෙයා කරන්න දෙන්නේ නෑ. ෂෙඩ් එහෙක පෙට්‍රල් ගහපු පොරක් ජනපති කරාම ඔහොම තමයි...
Manjula Pradeep Sunday, 11 August 2024 07:26 PM
දැන් තේරෙනවා නේද? අපෙත් කළේ ඔය ටිකම නේද කියලා. ජේවීපී එක මොන කතා කිව්වත් ඔය බලවේගවලට අහුවෙලා ඔවුන් කියන හැටියට තමයි වැඩ කරන්නේ...!
ධනුෂ්ක Sunday, 11 August 2024 08:08 PM
එතකොට ඇමරිකාව ද ආණ්ඩුවේ ජොබ් කෝටාව වෙනස් කරලා. පක්ෂයේ අයට ආණ්ඩුවේ ජොබ් දෙන්න හැදුවේ..!
Chuti Malli Sunday, 11 August 2024 09:25 PM
අපෙත් පොරක් හිටියා ගෝඨාභය කියලා වැඩ බැරි දාස කෙනෙක්. ඔක්කොම අනාගෙන අන්තිමට බැහැල යන්න වුණාම කිව්වේත් ඔහොම කතාවක්. බැහැලා ගියා කිව්වාට ඇත්තටම මිනිස්සු පැන්නුවා.
වත්සි Sunday, 11 August 2024 09:26 PM
සමහර කොමෙන්ට් අනුව පෙනී යන්නේ ජියෝ පොලිටික්ස් හෙවත් ගෝලීය දේශපාලනය ක්‍රියා කරන්නේ කෙසේද යන්න ගැන මෙලෝ හසරක් ඔවුන් නොදන්නා බවයි. දන්නා එකම දේ ජේවිපියට ආවැඩීම සහ ඒවාට ලයික් දැමීම පමණි. පව් අනේ එයාලා...!
Geeth MeeellaSunday, 11 August 2024 10:49 PM
Geopolotics කියලා බර වචන දැම්මාට ඇත්තටම මතක නෑ... දැන් මිනිස්සු අරගලය කරේ මොකද කියලා. මිනිසුන්ට එදා වේල කන්න නැති කරලා, හම්බකරන් කාපු කෘෂිකර්මය විනාශ වෙන ප්‍රතිපත්ති ගෙනැල්ලා, හොර දේශපාලුවන් විසින් රට බංකොලොත් කරනකොට, තක්කඩි දේශපාලුවන් විසින් රටේ තියෙන සම්පත් විකුණලා ගිනි පොලියට ණය ගන්නකොට, බෙහෙත් වෙනුවට වස ගෙනැල්ලා දරුවන්ට දෙනකොට නපුංසකයින් වගේ බලාගෙන ඉන්න බෑ. කොන්දක් තියෙන, හිටගන්න වීරියක් තියෙන මිනිස්සු එකතුවෙලා මැරෙන්න හරි පාරට බැස්සා. එතකොට ඔය කියන ජියෝ පොලිටික්ස් හොයන්න වෙලාවක් තිබුණේ නෑ...
සෙනෙවිරත්න Sunday, 11 August 2024 09:46 PM
මංජුල ප්‍රදීප්, එතකොට එදා ගෝඨාභය එලවපු දවසේ ආපු සේරම ජවිපෙද? අනේ ලැජ්ජයි රට කරවා ගන්න බැරිව හත්පොලේ ගාගෙන පැනලා ගිය මිනිහා වෙනුවෙන් පෙනී ඉන්න මේ ඇමරිකන් සහ ජවිපෙ භීතිකාවෙන් පෙලෙන අය ගැන. තමන් කරපු වැරැදි නිසා මිනිස්සු පාරට ගෙන්වා ගත්තා මේ දෙන්නම, ඒවාට කවුරුත් පලි නැහැ.. සමහරු කවමත් හිතන්නේ මීට දශක පහ හයකට පෙර ලෝක තත්වයේ ඉඳගෙන...
Manjula PradeepMonday, 12 August 2024 06:16 PM
ගෝඨාභය කරපු දේවල් කරපු විදිය වැරැද්දක් තිබුණාට ඒවා ගත්තු උත්සාහයන් කිසි එකක වැරැද්දක් තිබුණේ නැහැ. ඒ දවස්වල අපි බලාගෙන හිටිය ෆේස්බුක් වලින් ගහපං, මරපං කියලා වැඩිපුරම කිව්වේ ජේවීපී කාරයෝ... නමුත් ඒ කිසිම පෝස්ට් එකකට මම report කරාට වැඩක් වුනේ නැහැ. මිනිස්සු ගහලා මරලා දානකම්. 88/89 කාලෙත් ජවිපෙ කාරයෝ වැඩක් ඇති ශක්තිමත් අනෙක් වාමාංශික කොල්ලෝ කෙල්ලෝ ෆෝම් කරලා අන්තිමට අහිංසකයන්ගේ ජීවිත නැති කලේ මේ පාරත් ඒ විදියටම සේරම කරලා ඉවරවෙලා අනුර කුමාර කිව්වේ අපේ කවුරුවත් ඒ කිසි දෙයක් කරේ නෑ කියලා. ඒක නිසා අපි ඡේවීපී එකේ අතීතයත් ඉතිහාසයත් හොඳින් දන්නා නිසා දන්නවා ජවිපේ කොහොමද වගේ දේවල් වලදී යටින් ක්‍රියාත්මක වෙන්නේ කියලා...!
Sanath Sunday, 11 August 2024 09:58 PM
මෙයා පිස්සු කතා කියනවා. බංග්ලාදේශයේ නිදහස් සටනේ රණවිරුවන්ගේ පවුල්වලට රජයේ සේවයේ රැකියාවලින් 30% දෙනවා කියල කැබිනට් තීරණයක් ගත්ත නිසා තමයි මේ මීනීමරු අරගලය ආරම්භ වුණේ. වෙන හේතුවක් නැහැ.
ලහිරුනිකා Monday, 12 August 2024 02:05 PM
ඒක ඉල්ලා අස්කරගත්තානේ. ඒක හේතුවක් කරගෙන හසිනා පන්නන්න බංගලි පෙරට්ටන්ට NGO කාරයෝ බුරියානි දීලා ඇවිස්සුවා. ඒකයි ඇත්ත. පිටට පේන්නේ එකක්, ඇත්ත වෙන එකක්....
රුචිරසිංහ Sunday, 11 August 2024 10:32 PM
අපේ කට්ටියට තවම තේරෙන්නේ නෑ ලෝකේ දේශපාලනය යන හැටි. ලීන්මැඩී දේශපාලනය දන්නා අයගේ කොමෙන්ට් තමයි තියෙන්නේ. බංගලියන්ට දෙවැනි නෑ. කවුරු මොනවා කීවත් ගෝඨාභය තමයි රට හදන්න හිටපු මනුස්සයා. කරන්න දුන්නේ නැත්තේ කව්ද කියලා NGO බුරියානි කාපු කට්ටියට තවම වැටහීමක් නෑ.
B Amarasinghe Monday, 12 August 2024 03:27 AM
ඇගේ අවසන් තීරණය වැරදි ඇති නමුත් ඇත්තෙන්ම ඇය බංග්ලාදේශය දියුණුවට පත් කරලා තියෙනවා. අපේ අය වගේ ආර්ථික ඝාතකයෝ වුනේ නෑ /ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ලිබියාවට කලෙත් ඕක. දැනට බංග්ලාදේශය තවත් ලිබියාවක් වෙන ලකුණු තමයි පේන්න තියෙන්නෙ
sam Monday, 12 August 2024 09:52 AM
මොනවා වුණත් ලංකාවේ දේශපාලුවෝ වගේ නෙමෙයි රටට ආදරේ ඇති නායිකාවක් ලංකාවේ දේශපාලුවෝ බලාගෙන ඉන්නේ ලංකාවේ කැළයක් විකුණලා හරි ආදායමක් හොයගන්න