IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ෂෙයික් හසීනාට නඩු පිට නඩු

(විමුක්ති එස් රුද්‍රිගු)

බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට එරෙහිව නඩු පිට නඩු වැටෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කළේය. හසීනාට සහ අවාමි ලීගයේ අමාත්‍යවරුන් කීපදෙනෙකුට එරෙහිව විවිධ පාර්ශ්ව විසින් නඩුකර කීපයක් ගොනුකරනු ලැබ ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කළේය.

හසීනාට එරෙහිව එල්ලවී ඇති මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාර චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පෙත්සමක්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු 2015 වසරේදී බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ චෝදනාව යටතේ හසීනාට සහ තවත් පුද්ගලයන් සිවු දෙනෙකුට එරෙහිව ඩකා මෙට්‍රොපොලිටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද ගොනු කරනු ලැබ ඇත.

එසේම ෆයිසුල් ඉස්ලාම් රාජොන් නම් 18 හැවිරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු විරෝධතා අතරතුර ඩකා නගරයේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හසීනාට සහ තවත් පුද්ගලයන් 24 දෙනකුට එරෙහිව ඩකා මෙට්‍රොපොලිටන් මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩුවක්ගො නු කෙරිණි.

මොහොම්මද්පූර් ප්‍රදේශයේ වෙළඳසැල් හිමියකු පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වීමේ සිදුවීමට අදාලව හසීනාට සහ තවත් පුද්ගලයන් සය දෙනෙකුට එරෙහිව මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ පසුගියදා ගොනු කරන ලද නඩුවේ අවසන් විමර්ශන වාර්තාව එළඹෙන සැප්තැම්බර් මස 25 වැනිදා ප්‍රථම අධිකරණය ඉදිරිපත් කරන ලෙසද ඩකා මෙට්‍රොපොලිටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළේය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ගොනු කරනු ලැබූ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හසීනා, අවාමි ලීගයේ මහා ලේකම් ඔබයිදුල් ක්වේඩර්, හිටපු අමාත්‍ය අසදුස්සාමන් ඛාන් සහ තවත් අවාමි ලීගයේ ඉහළ පෙළේ සාමාජිකයන් කීපදෙනකු නම් කර තිබේ. එසේම අවාමි ලීගය සහ අවාමි ලීගයට සම්බන්ධ සංවිධානද මෙම පෙත්සමේ වග උත්තරකරුවන් කර ඇත.

රජයේ රැකියා කෝටාව සම්බන්ධයෙන් පැවැති විරෝධතා අතරතුර මියගිය ශිෂ්‍යයකු වූ අරීෆ් අහමඩ් ෂියාම්ගේ පියවූ බුල්බුල් කබීර් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබිණි. හසීනා සහ අවාමි ලීගය රජය ශිෂ්‍ය විරෝධතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කළ බවත් ඒ හේතුවෙන් විරෝධතාවලදී මරණයට පත්වූ සංඛ්‍යාව ඉහළ ගිය බවත් ඉන් මානව හිමිකම් උල්ලංඝනය වූ බවත් පවසමින් කබීර් සිය පෙත්සම ගොනු කරනු ලැබුවේය.

ශිෂ්‍ය විරෝධතා අතරතුර මාධ්‍ය හමුවක් පවත්වමින් හසීනා ජනතාව කුපිත කරවන ආකාරයේ ප්‍රකාශයක් කළ බවත් එය සිසුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයට හේතුවූ බවත් පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත. එසේම විරෝධතාවල නියැලි සිසුන් 450,000 කට එරෙහිව අපරාධ නඩු 286 කට අදාළව වැරදි සහගත ලෙස චෝදනා ගොනු කර ඇතැයිද එම පෙත්සමේ සඳහන් වේ.



අදහස් (4)

ෂෙයික් හසීනාට නඩු පිට නඩු

K.Sunil Perera Thursday, 15 August 2024 01:32 PM

ආයේ බංගලාදේශයේ පස් වත් පාගන්න ඉඩ නොතැබිය යුතුයි .රාජපක්ෂ මාදිලියේ පාලකවරු ලොවෙන්ම තුරන් කලයුතු පාලකයින්

:       57       12

fairoos Thursday, 15 August 2024 02:43 PM

ඒකට අපේ ලංකාවෙනම් කිසිම කේස් එකක් නෑ .නන්දසේනගේ ඔක්කොම වියදම් රජයෙන්

:       46       11

අරවින්ද මොනරවිල Thursday, 15 August 2024 07:00 PM

බංග්ලාදේශයේ ෂෙයික් හසිනාට වෙච්චි දේවල් ලංකාවේ රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලියට වෙන්න තියෙන්නේ තව පෝයවල් දෙකකට අඩු කාලයක්.

:       0       1

පාල ගාල්ල ගේ Friday, 16 August 2024 05:29 AM

මෙවර රාජපක්ෂලා රනිල්ගෙන් ඉල්ලනවාමයි. ලියලා තියාගන්න .

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 47 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 316 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 407 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3316 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1228 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 1189 3

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23034 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22880 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site