IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ෂාරුක් ඛාන්ගේ පුතා පොලිසියේ

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් ඇතුළු 13 දෙනකු මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ, මත්කුඩු ළඟ තබා ගැනීම සහ භාවිතට ඇතුළු චෝදනා සම්බන්ධයෙනි.

මුම්බායි සිට ගෝව බලා ගමන් කරමින් තිබු නැවක සාදයක් පැවැති බවත්, එය මත්ද්‍රව්‍ය සාදයක් බවත්, ලැබුණු ඔත්තුවකට අනුව වැටලීම් කළ විට එහි තරුණ තරුණියන් අතර ආර්යන් ඛාන් ද සිටි බවත් මුම්බායි පොලිසිය වැඩි දුරටත් පවසා ඇත.

ආර්යන් ඛාන් සමඟ අත්අඩංගුවට ගත් 13 දෙනාගෙන් තිදෙකු තරුණියන් බව ද පැවැසෙයි.

අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී හමුවී ඇත්තේ හසිෂ්, එම්ටී සහ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය වන අතර ඒවා පොලිස් භාරයට ගෙන තිබේ.

ආර්යන් ඇතුළු පිරිස රැඳවුම් බාරයට ගෙන ඔවුන්ගෙන් පොලිසිය ප්‍රශ්න කරන බව 'ඉන්දියා ටුඩේ' පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ලැබුණු ඔත්තුවට අනුව, පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ නිලධාරීන් කීපදෙනකු සිවිල් ඇඳුමින් සාදයට සහභාගී වී ඇත. සාදය ආරම්භ වී ඇත්තේ නෞකාව මුම්බායි නුවරින් යාත්‍රා කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුවය.

23 හැවිරිදි ආර්යන් ඛාන් ෂාරුක් ඛාන්ගේ වැඩිමල් දරුවාය. ආර්යන් ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුවෙකි. ෂාරුක් ඛාන් සහ බිරිඳ ගෞරි ඛාන්ට ආර්යාන්ට අමතරව සුෂානා නමැති 21 හැවිරිදි දියණියක ද අබ්රාම් නමැති අට හැවිරිදි පුතෙක් ද සිටී.

(ඉන්දියා ටුඩේ)



අදහස් (4)

ෂාරුක් ඛාන්ගේ පුතා පොලිසියේ

hesa Sunday, 03 October 2021 07:44 PM

දෙමාපියන් කෝටිපතියන් වන විට දරුවෝ හිස උදුම්මා ගෙන විහින් නැසෙනවා. අධ්‍යාපන කටයුතු කියමින් පුතා ගන්නව ඇති සල්ලි..එවන් දෙමාපියන්ටත් දරුවන් ගැන සොයා බලන්න කාලයක්, උවමනාවක් නැහැ..

:       2       26

SLMonday, 04 October 2021 09:49 AM

ඔයාගේ අම්මලත් ඔයා පොඩි කාලේ යන එන හැමතැනම පස්සෙන් ගියාද? මත් කුඩු වැටලීම රජයේ කාර්යයක්... රජය දැනගන්න ඕනේ රටේ ඉන්න ළමයින්ට ආරක්ෂාව දෙන්න. ඉස්සර වගේ නෙවෙයි, දැන් ළමයෙක් ගෙදරින් එළියට යද්දීම ළමයි රවටල මත්කුඩු, පෙති විකුණන්න ඕනෑතරම් මිනිස්සු ඉන්නවා. හැම ළමයෙක්ම බුද්ධිමත් නැහැ. ඔවුන්ගෙන් බේරෙන්න. බදු මුදලින් පාලනය වන පොලිසිය, නාකොටික්, බුද්ධි අංශ, රජයක් කියලා දේවල් රටක තියෙන්නේ ඒ හැම ළමයෙක්ම බේරාගන්න...

:       3       2

මහසෙන් Sunday, 03 October 2021 08:06 PM

මෙහෙත් ඉන්නවා ඔහොම පුත්තු ඕන තරම්

:       0       37

gamage Sunday, 03 October 2021 10:21 PM

නොමිළේම ආර්යන් ඛාන් කරළියට ගෙන ඒමේ මාකටින් එකක්. මේඩ් ඉන් ඉන්දියා

:       7       9

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1810 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 376 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 788 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4764 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 620 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3615 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 295 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1723 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site