IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ෂාරුක් පුතුට ඇප වුණේ ජුහී චවුලා

මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටි සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් හට ඇප තැන්පත් කිරීම සඳහා ඉදිරිපත් වූයේ ෂාරුක් සමඟ චිත්‍රපට රැසක ඔහුගේ පෙම්වතිය ලෙස රංගනයෙන් දායක වූ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නිළියක ද වන ජුහී චවුලාය.

ආර්යන් ඛාන් පසුගිය 28 වැනිදා ඇප මත නිදහස් ලැබුවත්, ඊට අදාළ ඉන්දීය රුපියල් ලක්ෂයක ඇප අත්සන් කිරීමේ කටයුතු සිදුවූයේ ඊයේ (29) දිනයේය.

සියලු කටයුතු අද (30) අවසන් වනු ඇති බවත් අද දිනයේ ෂාරුක් පුතු ආර්යාන් බන්ධනාගාරයෙන් නිදහස ලබනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ජුහී චවුලා, ෂාරුක් ඛාන්ගේ පමණක් නොව, ෂාරුක්ගේ බිරිඳ ගෞරි ඛාන්ගේ ද හොඳම මිතුරියකි. ෂාරුක්ගේ පුතු වෙනුවෙන් ඇප වීමට ජුහී චවුලා කටයුතු කිරීම ඉන්දීයහ මාධ්‍යවල දැඩි අවධානයට ලක් විය.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)



අදහස් (3)

ෂාරුක් පුතුට ඇප වුණේ ජුහී චවුලා

Asanga Saturday, 30 October 2021 12:31 PM

අපරාදේ... තව ටිකක් ඉන්නයි තිබ්බේ...!!!

:       12       8

SLSunday, 31 October 2021 09:50 AM

මේ ළමයින්ට ඇති වෙනකල් සැප තියෙනවා, කුඩු විකුණලා සල්ලි හොයන්න ඕනේ නැහැ. වෙන්නේ කුඩු මුදලාලිලා මේ වගේ ළමයින්ව ටාගට් කරනවා. ඇබ්බැහි වුණාම කුක්කන් වගේ ඕනේ දෙයක් කරනවා. එයින් වාසි දෙක තුනක් තියෙනවා . 1. දිගටම මත් කුඩු ගන්න මේ ළමයින් වියදම් කරනවා. 2.මේ ළමයින්ට සමාජයේ තියෙන පිළිගැනීමත් එක්ක මත්කුඩු දෙන්නම් කියන පොරොන්දුව පිට ඔවුන් ප්‍රවාහනයට යොදාගන්නවා... එය මත්කුඩු විකුණන්නට ආරක්ෂාකාරිම උපායක් . 3. ඔවුන්ගේ මුදල් ඇති මිතුරන් ද කුඩු දැලට අසු කරගෙන ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. ලංකාවේත් සල්ලි තියෙන, මුදල් ගැවසෙන පවුල්වල දරුවන් මෙම අගාධයට වැටිලා තියෙනවා. රජය, පොලිසිය, සියල්ලම එකතු වෙලා නවත්වන්න හැදුවත් ලේසි වැඩක් නෙවෙයි. මුදල් යහමින් ගැවසෙන ව්‍යාපාරයකට ඕනේ තරම් පිරිස් යොමුවෙනවා. උදා- දැන් මත්කුඩු මුහුද මැදදී ජාවාරම් කරුවන්ගෙන් අරගෙන රට තුළට ගෙනෙන්නේ මුහුදු යන ධීවරයින්. මෙයට හැමෝම එකතුවෙලා විනිශ්චය කළයුතු ප්‍රශ්නයක්. රජයේ ප්‍රතිපත්ති ගොඩක් වෙනස් වෙන්න ඕනේ... රටේ මත්කුඩුවලට තියෙන වෙළඳපොල වටිනාකම අඩු කරන්න ඕනේ... අද ශාරුක්ගේ දරුවා වෙන්න පුළුවන්.., හෙට ඔබේ මගේ දරුවා වෙන්න පුළුවන්.

:       0       0

fairoos Sunday, 31 October 2021 12:28 PM

මෙහෙ වගේ තමයි එහෙත් ... සල්ලි තියෙන අයට ඇප...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1289 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2789 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 17 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 671 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 442 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1419 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 627 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1790 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site