(රෝෂන් තුෂාර)
ඝාතනයට ලක් වූ ප්‍රසිද්ධ ව්‍යාපාරික දිනෙෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකථන සහ පරිගණක දත්ත සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා රජයේ රස පරීක්ෂක වරයාට සිහිකැඳවීමේ ලිපියක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ශණ කැකුණුවෙල මහතා අද(20) නිකුත් කළේය.
මරණකරු භාවිතා කළ විද්‍යුත් උපාංග සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තාව තවමත් ලැබී නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එම සිහි කැඳවීමේ ලිපිය නිකුත් කිරීමට නියෝග කළේය.
මරණකරුගේ ජංගම දුරකථන සිම්පත ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා කිරීමට බිරිඳට ලබාදීම සම්බන්ධයෙන් වන ඉල්ලීම රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු සලකා බලන බවද අතිරේක මහේස්ත්‍රාත් වරයා දන්වා සිටියේය.
අදාළ සිම්පත ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් සලකා බලා ඒ පිළිබඳ වාර්තාවක් ලබන නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට දන්වා සිටියේය.
දිනෙෂ් ෂාෆ්ටර් ඝාතනයට ලක්වීමට පෙර ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා කළ දුරකථන අංකය දැක්වෙන සිම්පත හෝ නව සිම්පතක් තමාට ලබාගැනීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිද කළ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා එසේ පැවසීය.ජනාධිපති නීතිඥ අනුජ පෙමරත්න මහතා මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අනාවරණය කර ගැනීමේ විමර්ශන තවදුරටත් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේය.
බොරැල්ල පොදු සුසාන භූමිය අසලදී සිදුවූ අභිරහස් සිද්ධියක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ෂාෆ්ටර් මහතා ඉකුත් වසරේ දෙසැම්බර් මස 16 දින මියගොස් තිබුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෂාෆ්ටර්ගේ විශේෂඥ වාර්තාව ඉක්මනින් ඉල්ලයි