(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන් පිරිසක් එහි කටයුතු සඳහා මුදල් අමාත්‍යවරයාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය නැතිව රුපියල් කෝටි 15 ක බැංකු ණයක් ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) එම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කර ඇත.
එම ගනුදෙනුව අනුමැතියකින් තොරව සිදු කර ඇති බව ඒ නිලධාරීන් කෝප් කමිටුව හමුවේ පිළිගෙන ඇතැයිද සඳහන් වේ.
මේ සිද්ධිය වී ඇතැයි පැවසෙන්නේ 2018 වර්ෂයේදීය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල 2005 අංක 27 දරණ පනතේ 19(1) හා (2) ඒ අනුව මණ්ඩලයේ කටයුතු සඳහා ණයක් ලබා ගැනීමේදී මුදල් අමාත්‍යවරයාගෙන් විමසා අදාළ අමාත්‍යවරයාගේද එකඟත්වය මත ලබා ගත යුතු වුවත් මෙම ණය මුදල ලබා ගැනීමේදී එවැනි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කර නොමැති බව කෝප් කමිටුව පවසයි.
මේ අනුව ආයතනයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කාරක සභාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන්ට දැනුම්දී ඇත.
මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාහන දෙකක් ශ්‍රී ලංකා ජාතික සේවක සමිතිය හා ජාතික සේවක සංගමයට මසකට ඩීසල් ලීටර් 160 ක් සමග ලබාදීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේ අවධානය යොමුවී ඇත.
මේ තත්ත්වය වහාම නිවැරදි කරන ලෙස කෝප් කමිටුව එම මණ්ඩලයේ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.
එහෙත් මේ දක්වා එහි ප්‍රගතිය වාර්තා කර නැතැයි කෝප් කමිටු වාර්තාවක සඳහන්වේ.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සී.ටී.බී.ය හිතුමතේ ගත්තු ණයක් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය
චන්දන Monday, 13 June 2022 03:06 PM
කෝප් කමිටුවෙන් මේවා හොයා ගන්නවා වගේම වැරදි කරුවන්ට දඬුවම් දෙන්නත් ඕනෑ. නැත්නම් ඔය කමිටුවත් නිකම්ම කමිටුවක් විතරයි.
Kamal Koyrala Monday, 13 June 2022 03:24 PM
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල 2005 අංක 27 දරණ පනතේ 19(1) හා (2) ඒ අනුව මණ්ඩලයේ කටයුතු සඳහා ණයක් ලබා ගැනීමේදී මුදල් අමාත්‍යවරයාගෙන් විමසා අදාළ අමාත්‍යවරයාගේද එකඟත්වය මත ලබාගත යුතුවුවත් මෙම ණය මුදල ලබා ගැනීමේදී එවැනි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කර නොමැති බව කෝප් කමිටුව පවසයි. මේ අනුව ආයතනයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කාරක සභාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන්ට දැනුම්දී ඇත...
Nihal Harischandra Monday, 20 June 2022 09:39 PM
කෝප් කමිටුවට බලය දෙන්න, දඬුවම් නියම කිරීමට. මේ ගත්තු ණය ගියේ කොහෙද ?? ඒවාට මොකද උනේ. ඒවටත් උත්තර දෙන්න කියන්න.