IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සා.පෙළ ප්‍රතිඵල එන්න කලින් උ: පෙළ පටන් ගැනීම අවුලක්

(රංජන්  කස්තුරි) 

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බව අධ්‍යාපන විශේෂඥයෝ පවසති.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රථම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ගුරුවරුන් සහ සිසුන් යන දෙපාර්ශවයම දැඩි අපහසුතාවකට පත්වන බව ද ඔවුහු පෙන්වා දෙති.

පාසල්වල දැනටමත්  උසස් පෙළ සිසුන් කණ්ඩායම් දෙකක් සිටින අතර තවත් ශිෂ්‍ය කණ්ඩායමක් ඇතුළත් කර ගැනීමට ඉඩකඩ ප්‍රමාණවත් ද යන්නත් ඔවුන්ට ගැන්වීම් කටයුතු කිරීම සඳහා ගුරුවරුන් යොදා ගන්නේ කෙසේද පිළිබඳවත් ප්‍රායෝගික ගැටලු පවතින බව ද ඔවුහු පෙන්වා දෙති.

මීට අමතරව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර තමන් කැමැති උසස් පෙළ විෂය ධාරාවක්  තෝරා ගැනීමට යාමෙන් සිසුන් අපහසුතාවට පත්වන බව ද අධ්‍යාපන විශේෂඥයෝ කියති.

මේ පිළිබඳව කළ විමසුමකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප්   ස්ටාර්ලින් මහතා සඳහන් කළේ ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් ලබා දීමට අධ්‍යාපන බලධාරීන් සමත් වන්නේ නම්  මෙම  සිසුන්ට  උසස් පෙළ පන්ති ආරම්භ කිරීම පිළිබඳ ගැටලුවක් නොමැති බවය.

උසස් පෙළ පන්ති නොපවතින පාසල්වල සිසුන්ට අනුයුක්ත පාසල් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළත් එහිදී ද ඇතැම් ජනප්‍රිය පාසල්වල  විදුහල්පතිවරුන්  වෙනත් පාසල්වලට ඇතුළත් කර ගැනීමට මැලිකමක් දක්වනු ඇති බවද ඔහු කීය.

එහිදී ගැටලු රාශියක් ඇතිවිය හැකි බව ද ස්ටාර්ලින් මහතා සඳහන් කළේය.



අදහස් (10)

සා.පෙළ ප්‍රතිඵල එන්න කලින් උ: පෙළ පටන් ගැනීම අවුලක්

ලලිත් අම්බලන්ගොඩ Friday, 17 May 2024 08:14 AM

කල යුත්තේ හැකි ඉක්මනින්ම සාපෙල පතිඵල නිකුත් කිරිමයි.එසේ නොකොට මේ කරන වැඩ වලින් තව දුරටත් අමාරැවේි වැටෙන්නේ මේ රටේ යමක් කමක් කර කියා ගත නොමැකි දෙමාපියන්ගේ දරැවන්.මේ පිළිබද තින්දු තිරණ ගන්න දේශපාලකයින්ට මොලේ නැහැ. අපේ අධ්‍යාපනයෙන් පවා බිහිකරන්නේ අවසානයේදී වහලෙක්.ඒ නිසා කල යුත්තේ හැකි ඉක්මනින්ම සාපෙල පත්ඵල නිකුත් කිරීමයි.වැඩවර්ජන වැනි දේවල් තියෙනව නම් ඒවට හැකිඉක්මනින්ම විසදුම් දෙන්න. කවුරැ කලත් අධ්‍යාපනය සමග කරන සෙල්ලම ඉතා භයානකයි.දරැවන් බිලිලට ගන්න එපා. මේපිළිබද අදහස් විමසන්න කථ කලොත් මම ලැහැස්තියි මුහුණ දෙන්න. මේ කරන්නෙ ඉදිරියේදී අධ්‍යාපනයෙන් එන වැඩ වර්ජන වලට තාවකාලික විසදුමක්. පන්ති පටන් ගත්තොත් පතිඵල දෙන්න අවුරැද්්දක් ගියත් කමක් නැහැ කියන මතයේ ඉදං තමයි දේශපාලකයින් කටයුතු කරන්නේ. ඒ නිසා තව ුදරටත් ජනතාව හා දරැවන් රවටත්න එපා. හැකිඉක්මනින්ම සියලු වැඩ පසෙකල සාපෙල පතිඵල නිකුත් කරන්න වග බලගන්න. මමත් ගුරැවරයෙක්. හිටපු විදුහල්පතිවරයෙක්. පය බරවායට පිටකර බෙහේත බදිනව කියන්නෙ මේකට තමයි.ලොකු ලොකු සල්ලි කාරයො ටියුෂන් මාස්ටර්ලා ගෙදරට ගෙනවිත් ලක්ෂ ගනන් දීල දරැවන්ට උගන්නාවි.

:       0       13

අම්බලන්ගොඩ ලලිත් Friday, 17 May 2024 08:20 AM

දේශපාලකයොත් රටේ හරි ප්‍රශ්න හදුනාගෙන නැනැ. එක්කො දැන දැන අහක බලන් ඉන්නව. සමහර විදුහල්පතිවරු ඉන්නවා දරුවන්ට උපරිම ලෙස අසාධාරණය අය.ඒ අය ඉන්න ඕන විදුහල්පති පුටුවල නොවෙයි. හිර ගෙවල් වල. අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ විදුහල්පතිවරයා මේ න විට වසර 19 ක් අඛණ්ඩිව ඒ පාසලේ විදුහල්පති ලෙස ඉන්නවා. ඒක තමයි දකුනේ දේශපාලකයින්ගේත් නිලධාරින්ගෙත් සුපර් මාකර්ට එක. විදුහල්පති ලාභය බෙදනනේ තමන්ට ආරක්ෂාව දෙන දේශපාලකයින්ට සහ නිලධාරින්ට. ඉතිං එහෙම අයට ඔය ලමයින්ගෙ පශ්න තේරෙන්නෙ නැහැ. හැබැයි ඒවට වැඩි කලක් නැහැ.

:       1       7

Prabath Friday, 17 May 2024 08:28 AM

ටියුෂන් පටන් ගැනීම ප්‍රශ්නයක් නැද්ද ?

:       2       9

ඒ ළමයා Friday, 17 May 2024 09:15 AM

මේ පිස්සටත් යන්න කියන්න පුතා ඉන්න කැනඩාවටම, ඕනෙනම් තම ළමයි ටිකක් දාලා සල්ලිත් අරගෙනම යන්න කියන්න.

:       0       7

සහන් Friday, 17 May 2024 09:56 AM

මේ ළමයින්ට 11 වසර අවසානයේ විෂය නිර්දේශ ආවරණය කර ගන්න බැරි වුනා A/L කල් දමලා . ඕනෑවට එපාවට O/L කළෙත් , අපේ කාලෙ A/L පටන් ගත්තෙත් සැප්තැම්බර් වල . තීරණ ගන්න උන්ගෙ ළමයි ඉගෙන ගන්නෙ පිටරට වල හෙජින් ගිවිසුම් ගහල අපේ සල්ලි හොරා කාල . මොකෙක් හරි කියන ඕන දෙයකට යස් සර් කියන හරක් ටිකක් තමයි ඉන්නේ මේ රටේ ඉහල තැන්වල

:       0       10

Asanga Friday, 17 May 2024 10:13 AM

කරුණාකර සාමන්‍ය පෙළ ප්‍රථිපල මාසයකින් දෙන්න​.... දරුවන් ගේ කාලය කා දමන්න එපා

:       1       9

HD Friday, 17 May 2024 10:50 AM

ගැලරිය සතුටු කරන තීරණ.

:       0       9

එස් සමරවික්‍රම Friday, 17 May 2024 11:58 AM

විශ්ව විද්‍යාල වල කටයුතු වර්ජනය නිසා දැනටමත් අඩාලයි නව සිසුන් බඳවා ගැනීමේ කටයුතු වර්ජනය නිසා නතරවී ඇත විභාග නතරවී ඇත සියලු සිසුන් ගෙවල් වල රජයේ විශ්ව විද්‍යාල දරුවන් වසර ගණනාවක් රස්තියාදුකාර පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනට රජය දායක වේ මෙවන් දැවෙන ප්‍රශ්න යට ගසමින් මෙවන් බොරු සංදර්ශන පවත්වමින් නොසිට ඇමති හා රජය කල යුත්තේ දරුවන් වසර ගණනාවක් රස්තියාදුකාර නොකර ඉක්මනින් උපාධි ලබා දීම සදහා ඇති සැබෑ බාධා ඉවත් කිරීම සදහා පියවර ගැනීමයි

:       0       5

කර්නාටක් Friday, 17 May 2024 05:24 PM

වෙන මුකුත් එපා. ප්‍රථිඵල ඉක්මනින් දෙන්න විභාග දෙපාර්තමේන්තුව. වෙන බයිලා වැඩක් නැහැ...

:       0       1

ටි. පුංචිහේවා Sunday, 19 May 2024 11:45 AM

AL ටියුෂන් පන්ති පටන් ගන්නත් එපා කියන්න. මෙි වගේ හරක් ඉන්න ගුරැ සංගම් නේ තියෙන්නෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 659 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 913 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2005 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4287 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2239 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 839 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site