IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


සංචාරක යටිතල පහසුකම් ගැන හොඳට හිතන්න

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ, සංචාරක අමාත්‍යාංයේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (17) පැවැති සාකච්ඡාවේදීය. 

මෙවර අයවැයෙන් සංචාරක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ ඒ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ මෙහිදී නිලධාරීහු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළහ.

සංචාරක ක්ෂේත්‍රයේ නව පියවරක් තබමින් සංචාරකයින් මිලියන 03ක් මෙම වසරේදී මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට මෙම ප්‍රතිපාදන යොදා ගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන මහත්ම මහත්මීහු සහ සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 



අදහස් (3)

සංචාරක යටිතල පහසුකම් ගැන හොඳට හිතන්න

sarath Monday, 17 March 2025 05:33 PM

රුවන් රණසිංහ ඇමතිතුමනි, ඔබගේ ගෙදර සිට කිලෝමීටර් 4 දුරින් තිබෙන, රැකව ගම්මානයේ වැල්ලඔඩය මාර්ගයේ සංචාරක හෝටල් 15ක් පමණ තිබෙනවා. රෙස්ටුරන්ට් 5ක් පමණ තිබෙනවා. තව සංචාරක හෝටල් 7-8 හැදෙමින් පවතිනවා. කුඩා මාදැල් වරායවල් 2 තිබෙනවා තවම පාරට තාර ටිකක් දමලා නැහැ. වැසි කාලයට විශාල වලවල්, සංචාරක වාහන යන්න බැහැ... සංචාරකයෝ ප්‍රවාහනය සිදු කරන්නේ ත්‍රිරෝද රථ වලින්, මාරකොල්ලියේ ලැගුන් පරදිස්, mangrow Beach shalley හෝටල් ඇතුළු හෝටල් 20 කට පමණ යන්න තිබෙන පාරවල් වල සංචාරකයෝ තබා සාමාන්‍ය මනුස්සයෙකුටවත් යන්න බැහැ... ඔබගේ ප්‍රදේශයේ තිබෙන සංචාරක හෝටල් වලින් 40%ක් තිබෙන්නේ ඉතා අසීරු ප්‍රවේශ මාර්ග, කරුණාකර මේවා සොයාබලා සංගණනයක් කර ලබන ටුවරිස්ට් සීසන් එකට හෝ මේවා හදලා දෙන්න.

:       0       13

Nihal Monday, 17 March 2025 09:07 PM

හිඟන්නෝ සංචාරකයන් පිටුපස යන එකටත් පියවරක් අවශ්‍යයි,එයට ඔවුන් කැමතිම නැත,එ එෛතිහාසික පඬුවස්නුවරත් සංචාරකයන්ට නරඹන්න අවස්ථාව සලසනවානම් පලාතේ දියුණුවටත් යහපතක් වෙනවා

:       0       1

R.T.sarath Tuesday, 18 March 2025 09:22 AM

රුවන් රණසිංහ මහත්මයා හොඳ අධ්‍යාපනයක් තිබෙන හොඳ ගුණ යහපත් කෙනක් නමුත් ඔහු කලින් ප්‍රාදේශීය සභාවකවත් හිටපු කෙනෙක් නොවේ , මේවා කරන්න එයාට පලපුරුදක් නැහැ, ප්‍රදේශයේ ජනතාව විවිධ දුක් ගැනවිලි එයාට කීවට ක්‍රියාත්මක කරන්න ඔහු දන්නේ නැහැ , එක නිසා රජයේ නිලධාරී ඕනේ ඕනේ විදිහට පග ගහනවා , කිසිම දෙයක් පගාව නොදුන්නොත් කරන්නේ නැහැ. ජනතාව ඉන්නේ හරිම පීඩනයෙන්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

දියත

කටානට පැය 16ක ජල කප්පාදුවක්
2025 මාර්තු මස 18 2 0

කටාන ජල සම්පාදන ක්‍රමයේ කටාන උතුර කලාපයේ, ජල කුලුණුවල සහ බෙදාහැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (19) පැය 16 ක කාලයක් ජල සැපයුසම අත්හිටුවන බව ජා


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ දෙදෙනෙක් මාට්ටු
2025 මාර්තු මස 18 4 0

කැස්බෑව ඇතුළු ප්‍රදේශ ගණනාවක මත්ද්‍රව‍්‍ය බෙදා හැරීමේ නිරත ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් දෙදෙනකු රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අ


දේශීය ආදායම් කොමසාරිස් පත් කරයි
2025 මාර්තු මස 18 77 0

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආනයනික කිරිපිටි මිල ඉහළට
2025 මාර්තු මස 18 203 0

ආනයනික කිරිපිටි මිල ලබන අප්‍රේල් මස 1 වනිදා සිට සියයට 4.7 කින් ඉහළ දැමීමට තීරණය කළ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සමූහයේ ප්‍රධානියෙවක් ‘ලංකාදිප’යට පැවසීය.


විදුලි සැරවැදී තරුණයා මරුට
2025 මාර්තු මස 18 14 0

පුත්තලම තුනේ කණුව ප්‍රදේශයේ සත්ව ගොවිපොළක සේවය කරමින් සිටි තරුණයකු විදුලි සැර වැදී අද(18) මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.


භික්ෂූන් වහන්සේලා බුද්ධ ගයාවේ විරෝධතා
2025 මාර්තු මස 18 280 0

බුද්ධගයාවේ පාලනය, සම්පූර්ණයෙන්ම බෞද්ධ මණ්ඩලයකට භාරදෙන මෙන් ඉල්ලා, මහාබෝධි විහාරය අසල ආරම්භ කර ඇති උපවාසය දිගටම පැවැත්වෙන බවත්, ඉන්දියාවේ බෞද්ධ භික්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 374 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 864 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 320 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site