IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


“සීඅයිඩීය මගේ වරප්‍රසාද කඩකරලා’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  2018-2019 අතර කාලයේදී තමාගේ දුරකතන සංවාද වලට රහසිගතව සවන්දී ඇති බවත්  මහේස්ත්‍රාත්වරයකුගේ අවසරයකින් තොරව  එසේ කටයුතු කිරීම නිසා තමාගේ පෞද්ගලික  අයිතිය මෙන්ම  පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණයවී ඇති බවත්  සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී  අද (21) පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ  කතානායකවරයාගේ අවසරය ඇතුව  වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.

දුරකථන සංවාද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීම නිසා  දුරකථන සේවා සැපයුම්කරුවන්ද තමාගේ වරප්‍රසාද කඩ කර ඇති බව පැවසූ  රණවක මහතා තමාගේ වරප්‍රසාද කඩ කළ  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ  දුරකථන සේවා සැපයුම්කරුවන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා මූලික පරීක්ෂණයක් සිදුකරන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද  පැවැසුවේය.

එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ   දඩුවම් කළ හැකි වරදක් බවද  ඔහු සඳහන් කළේය.

එසේම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් වාර්තාවක් කැඳවා  එම වාර්තාව මැතිසබයට ඉදිරිපත්  කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද  පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

නාගරික සංවර්ධන අමාත්‍යාංශය අමාත්‍යාංශයේ සිදු වී යැයි කියන වංචාවක් සම්බන්ධයෙන්  තොරතුරු විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දෙමින්  තමාට නොතීසියක් එවා තිබූ බවත් ඒ අනුව තමා  පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා  එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමාගේ දුරකතන සංවාදවලට  සවන් දී ඇති බව එහිදී කෙරුණු  කරුණු විමසීම්වලදී  තමාට වැටහුණු බවද  ඔහු පැවසුවේය.



අදහස් (7)

“සීඅයිඩීය මගේ වරප්‍රසාද කඩකරලා’’

WCA Thursday, 21 October 2021 12:46 PM

ඒකනේ දැන් කට්ටිය ඩුබායි යන්නේ හැමදේටම .

:       1       9

චන්දන Thursday, 21 October 2021 12:59 PM

තමන් කුමන්ත්‍රණය කරන්නේ නැතිව හරි දෙයක් කතා කලා නම් මොකා පටිගත කළාම මොකද. ඇමරිකාව රහස් ඔත්තු සේවා හරියටම ක්‍රියාත්මක වන නිසා එහි ආරක්ෂාව තහවුරුව තිබෙනවා .

:       14       15

beau Thursday, 21 October 2021 12:59 PM

වරප්‍රසාධ වලට මුවා වී හොර වැඩ කරන්නද ඔබතුමා පාර්ලිමේන්තු ගිහින් ඉන්නේ .

:       12       17

SUNIL MILANO Thursday, 21 October 2021 01:19 PM

සී.අයි.ඩී එක හරියට කලානම් මෙයාගේ වරප්‍රසාධ කඩවීම කෙසේ වෙතත් මෙයා ඉන්න ඕන හිර ගෙදර

:       13       18

DM Thursday, 21 October 2021 01:47 PM

ඔබ තුමන්ලා එකතුවෙලා අපේ වරප්‍රසාද කඩන එක ගැන කතාවක් නැද්ද?

:       4       16

Darma Thursday, 21 October 2021 04:25 PM

ඒ කියන්නෙ යහපාලනේ ආණ්ඩුවටම සැකයි කැබිනට් ඇමති ගැන

:       1       6

Bamunuarachchi Saturday, 23 October 2021 01:12 PM

2018-2019 කාලේ තිබුණේ ඔහෙලගේ ආණ්ඩුවක් නේද? ඔහේලගේ කාලේ ඔහෙලාට පරිස්සම් වෙන්න බැරි වුණා නම් දැන්ද පරිස්සම් වෙන්න හදන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 54 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 461 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


පළාත් කිහිපයකට අදත් වැසි
2024 නොවැම්බර් මස 17 43 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 2076 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 684 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 4359 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 334 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1774 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site