IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


සැකකරුවෝ අධිකරණයට ගෙන එද්දී විරෝධතාවක්

( සුමිත් පොතුපිටිය )

කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින  සැකකරුවෝ හතරදෙනා  අද (15) දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබූහ.

දැරිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවළ, හෝටලයේ හිමිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා  මෙලෙස අධිකරණයට රැගෙන විත් තිබිණී.

සැකකරුවන් අධිකරණයට රැගෙන එන මොහොතේ, මියගොස් ඇති දැරියගේ මව ඇතුළු 100 කට ආසන්න පිරිසක් අධිකරණ භූමියෙන් පිටත ඉදිරිපිට ගාලුපාරේ පෙළගැසී දැරියට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා නිහඩ විරෝධතාවකද නියැලී සිටීයහ.

මියගිය දැරියට සාධාරණය  ඉටුකරනු, පොලිසිය විමර්ශන නිසියාකාරව සිදුකරනු, ප්‍රමිතියකින් තොර ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු යන මැයෙන් විරෝධතා පුවරු අතැතිව  ගාලුපාරේ මීටර් 50 ක පමණ දුරකට පෙළගැසී සිටී විරෝධතාකරුවෝ නිහඩ විරෝධතාවේ නියැලී සිට මද වේලාවකට පසු විසිර ගියහ.

කළුතර නගරයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අයුරු දකින්නට ලැබිණි.



අදහස් (17)

සැකකරුවෝ අධිකරණයට ගෙන එද්දී විරෝධතාවක්

Prase Monday, 15 May 2023 11:37 AM

දුව කැමැත්තෙන් ආතල් ගන්න ගිහින් දැන් සාදාරන ඉල්ලන්න ව හොඳම ජෝක්.

:       52       52

පැරකුම්Monday, 15 May 2023 01:04 PM

ඔබ හරියට හරි. අඩිගහන වෙලාවේ අම්මගෙන් ආපු කෝල් එකට කියලා තියෙන්නේ අපි මේ දන්සලේ ඉන්නේ කියලා. සිය කැමැත්තෙන් කරගත්තු දේ වරද අන් අයට පටවන්න තරම් අපේ අධිකරණය දුර්වල නැත...

:       33       43

janahithaMonday, 15 May 2023 04:18 PM

වයස 16 දරුවෙකුගේ මනස තේරුම් ගන්න ඔබ වුණත් කාමාතුරයන්ගේ ගොදුරක් වෙන්නට තිබුණු පිරිමි ගැහැණු බේදයක් එයට නැත.. මොවුන්ට උපරිම දඬුවම් දිය යුතුය. සෞදි අරාබියේ මෙන් හිස ගසා දැමිය යුතුය. උදව් දුන් දෙන්නා සමග...

:       0       8

bandaMonday, 15 May 2023 01:52 PM

ආතල් ගන්න යන ඔක්කොම මරන්න තියෙන අයිතිය මොකක්ද?

:       9       31

AkilaMonday, 15 May 2023 02:49 PM

මැරුවා කියලා කොහේද තියෙන්නේ? මේවාට වැඩිපුරම වගකියන්න ඕනේ දෙමව්පියෝ...

:       11       17

Rosa Monday, 15 May 2023 11:41 AM

අනේ, ඇයි මෙහෙමත් "අහිංසක මිනිස්සුන්ට " විරෝධතා දක්වන්නේ.., කොච්චර නරකද ....මේ සියලු බොරු චෝදනා වලින් නිදහස් වෙලා හෙට අනිද්දම ඔය හතර දෙනාටම "ඇප " නොලැබුනොත් මෙන්න කැට ......

:       7       27

රටවැසියා Monday, 15 May 2023 11:49 AM

මිනිස්සු ආවේගශිලි වෙමින් සිටිති, රටේ ප්‍රශ්න හමුවේ ප්‍රචණ්ඩකාරි වෙමින් සිටිති. රටේ අපරාධ ද සිග්‍රයෙන් වැඩි වෙමින් ඇත! මිනිස්සුන් ආවේගශීලිත්වයත්වය සහ නොදැනුවත්කම හමුවේ, රටේ නිතිය ක්‍රියාත්මක කරන ආයතනය මනා සිහි බුද්ධියකින් සහ ද මනුෂ්‍යත්වයට ගරු කරමින් ද ක්‍රියා කල යුතුය, අපර‍ාධකරුවා පමණක් නොව නිදෝස් අය ද ඳඩුවම් ලැබිය හැක, එසේ වු අවස්ථා එමට ඇත.

:       3       21

හේරත්Monday, 15 May 2023 01:46 PM

ඇත්ත, මේ වැනි සිද්ධි රූපාවාහිනි චැනල් වල සජීවි මෙගා ටෙලි නාට්‍යය කරනවා, රටේ හැමදේම රූපාවාහිනියෙන් දැකලා තමන්ගේ දැනුම ලබාගන්න නුගත් මිනිස්සු කුලප්පුවෙනවා. 2010 ‍මිනුවන්ගොඩ සේයා දැරියගේ ඝාතනයෙත් ‍පොලිසිය හිතුමතේට තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන "පොලිස් වද" දුන්නා, අද ඒ තරුනයින් මානසික රෝගීන් වෙලා! - බිල්ඩිමේ ප්‍රමිතිය හොඳ නැ කියලා, හොටල් අයිති අය අත් අඩංගුවට ගන්නලු!!! - දැරිවිය කොච්චියට පැනලා මැරුන නම්, මේ මිනිස්සු මොනවා කියයිද? සියල්ලටම පෙර තුන්වේලට බත් කන සිංහල-බෞද්ධයින්ට බුදු දහමේ උගන්වන "සිහිය" සහ "ප්‍රඥාව" පහල වේවා කියා පතමු

:       4       21

චන්දිම ෆොන්සේකාMonday, 15 May 2023 05:16 PM

ඔබ දන්නවද තව දෙයක්. මේ සිදුවීමෙන් හොඳටම හම්බ කරන්නේ යූ ටියුබ් චැනල් කාරයින්. අන්තර්ජාලයේ කුතුහලය ඇතිවෙන විදියේ ශීර්ෂපාඨ යොදමින් එක එක්කෙනාගෙන් ගත්තු වොයිස් කට් දාගෙන හොඳට හම්බ කරනවා.

:       0       7

sand Monday, 15 May 2023 12:12 PM

හයක් හතරක් තේරන්නේ නැති ළමයෙක්ලු, මැරුණු ගැහැනු කෙනා පවුලු, රවට්ටගෙන ගෙනියලා විකුණලාලු, පව් වැටිලා තබ්බ තැන සූප්පුවක් තිබුනේ නැද්ද දන්නේ නැහැ.. අඩිය ගහන්න ගෙනියපු...

:       34       34

RuhunuMonday, 15 May 2023 12:28 PM

කටට සූප්පුවක් ගැහුවා නම් හරි...

:       25       23

payagala apiMonday, 15 May 2023 04:25 PM

ඔබගේ නිවසේ දූදරුවන්ගේ තත්වයත් සොයාබලා ගන්න කළුතර ටියුෂන් ගුරුවරයෙක් මේ ළමයින් වරදට පොළඹවා ඇති බව පෙනෙන්නේ නැතිද? ජනතාව පෙරට ආ යුතුවන්නේ කළුතරින් සොරුන් වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තු යවන උන්දැලා රටට සාපයක්...

:       0       4

Weta Monday, 15 May 2023 02:46 PM

ඔක්කෝම හෝටල්වල ප්‍රමිතිය හොයලා බලන්න... මේ වගේ කට්ටිය හොටල්වලට යවන්න ඔන්න..

:       3       4

BamunuarachchiTuesday, 16 May 2023 09:55 AM

හෝටලේ ප්‍රමිතියයි අඩු වයස් කාරයින්ව හෝටලයට ගෙන කාමර දීමයි අතර තිබෙන සම්බන්දය මොකක්ද? ප්‍රමිතිය හොඳනම් හොඳ ඇඳක් ලැබෙයි.

:       0       0

Bamunuarachchi Monday, 15 May 2023 03:02 PM

මොන සාධාරණයක්ද බලාපොරොත්තු වෙන්නේ. ඒ කෙල්ලව බලෙන් එක්ක ගිහින් අරක්කු පෙව්වේ නැහැ. කෙල්ල කැමැත්තෙන් ගියා. වැඩේ ගැස්සුණාම බිමට පැන්නා. මේ හෝටලේ බාර නොගත්තා නම් වෙන එකකට යාවි. මේ ගමන ගියේ කෙල්ල දැනුවත්ව.... කෙල්ලට ආපසු යන්න හොඳටම පුළුවන්කම තිබුණා... නමුත් ගියේ නැහැ. මෙයා ඔය කියන ශාන්ත දාන්ත තීන්ත කූඩුවක්‌ නොවෙයි...

:       9       14

පැරකුම්Monday, 15 May 2023 03:41 PM

විස්තරය හොදින් කියවා බලන කෙනෙකුට පැහැදිලිවම තේරෙනවා අම්මටත් බොරුකියල ගියේ. බොරු NIC එකකින් හෝටලයට ඇතුල් උනේ දැනදැනම නොවේද. අම්මගෙන් ආපු කෝල් එකට ඇයි අපි ඉන්නෙ දන්සලේ කියල තවත් බොරුවක් කීවෙ. වැරැද්ද තනිකරම කෙල්ලගෙ අතේ. අම්මනම් තාමත් හිතන්නෙ දුව සාන්තු වරියක් කියල. අපේ අධිකරණය නිවැරදි තීන්දුවක් දේවි.

:       2       9

janahithaMonday, 15 May 2023 04:27 PM

පාසල් දරුවන් නොමගට යවන අය ගැන කතාවක් නැහැ... ඔබගේ දුව යන්නේ කිනම් ටියුෂන් පන්තියටද...? වහාම සොයා බලන්න... වයස 15-18 අතර ළමුන් බොහෝමයක් මොවුන්ට සුව වී ඇති බව කියනවා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 184 0

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 16 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


අවුරුද්දට අධිවේගි මාර්ගවලින් කෝටි හතරහමාරක ආදායමක්
2025 අප්‍රේල් මස 21 79 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු


ඔස්මන් ඝාතනයට අත්අඩංගුවටපත් අයෙක්ගේ නිවසේ ගිනි අවි-පතුරොම්
2025 අප්‍රේල් මස 21 484 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු


’’වී එයිට් පදින්න ඉඩ දෙන්න’’
2025 අප්‍රේල් මස 21 1068 2

වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන


ගේ ඉල්ලලා ලියුමක් ආවොත් දෙනවා
2025 අප්‍රේල් මස 21 698 3

තමාගේ නිවස බාර දෙන්නැයි තවමත් ලිපියක් තමාට ලැබී නැති බවත් ලිපියක් ආවොත් භාර දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 420 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 268 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 423 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site