(ගයාන් සූරියඅරච්චි)
මිනී මැරුම් චෝදනා යටතේ රක්ෂිත බන්ධානාගර කර සිටින සැකකරුවන් තිදෙනකුට ඇප ලබාදීම සදහා මහේස්ත්‍රාත්වරයාට මුදල් ලබාදිය යුතු බව පවසා කාන්තාවන් තිදෙනකුගෙන් රුපියල් 60,000 ක මුදලක් ලබාගත් බව කියන කලවංචිකුඩි මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කලවංචිකුඩි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකි.
පසුව පොරොන්දු වූ පරිදි උසාවි දිනයේදී රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින සැකකරුවන්ට ඇප නොලැබීම හේතුවෙන් එම කාන්තාවන් තිදෙනා නඩු විභාග අවසන්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඒ බව විමසා ඇති අතර සැකකාර කොස්තාපල්වරයා රුපියල් 60,000 ක මුදලක් ලබාගත් බව ද එම කාන්තාවන් මහේස්ත්‍රාත්වරයාට පවසා ඇති බව පොලිසිය කියයි.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් ඒ බව පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයාට සහ අල්ලස් ලබාදුන් කාන්තාවන් තිදෙනාට එරෙහිව ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට බාර දෙන බව ද පොලිසිය පවසයි.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
සැකකරුවන්ට ඇප ගන්න ආරක්ෂකයා පගාව අරන් මාට්ටු