IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සෞඛ්‍ය ’’ක්ලීන්’’ කරන්න මෙහෙයුම් කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවා තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනුබද්ධිත ආයතන ප්‍රධානීහු 37 දෙනෙක් සාමාජිකත්වය දරති.

මෙම කමිටුව ත්‍රෛමාසිකව රැස් වී “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස සෞඛ්‍ය ක්‌ෂේත්‍රය තුළ  ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට සහ අදහස් හා යෝජනා සාකච්ඡා කිරීමට නියමිත අතර, කමිටුව විසින් සකස් කරනු ලබන කාර්තුමය ප්‍රගති වාර්තා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ‌යේ ලේකම් වෙත ඉදිරිපත් කරනු ඇත.

රෝග නිවාරණය, වැළැක්වීම, පාලනය සහ මූල්‍ය අංශය යන සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන අංශ  ශක්තිමත් ව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හා ඒකාබද්ධව  සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉදිරියට ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මට්ටමින් ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සැපයීම, එම ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කිරීම සහ අධීක්ෂණය කිරීම ද මෙම කමිටුවේ අරමුණු වේ.



අදහස් (8)

සෞඛ්‍ය ’’ක්ලීන්’’ කරන්න මෙහෙයුම් කමිටුවක්

ජගත් ලියනගේ Saturday, 08 March 2025 03:26 PM

ලන්කාවේ සියලුම ආයතන ක්ලීන් කළ යුතුයි...

:       0       4

Lahiru Saturday, 08 March 2025 04:46 PM

සෞඛ්‍ය සේවය ක්ලීන් කරන්න නම් ඉස්සෙල්ලාම දොස්තරලා ඇතුළු සෞඛ්‍ය සේවකයින් සියළු දෙනාටම ඇඟිලි සළකුණු සටහන් කිරීම අනිවාර්යය කළ යුතුයි. ඇඟිලි සලකුණු නොතියන්නේ ඇයි කියලා දොස්තරලාගෙන් ඇහුවාම ප්‍රසිද්ධ මාධ්‍යවලදී ඔවුන් කියන්නේ දොස්තරලා ඔක්කෝම උදේට දුවගෙන එන්නේ ශල්‍යාගාරයට කියලා. ඒ අනුව ලංකාවේ තියෙන ශල්‍යාගාර ප්‍රමාණය සහ ඉන්න දොස්තරලා ප්‍රමාණය එක්ක බැලුවොත් සෑම පුද්ගලයෙක්ම අවුරුදු දෙකකට සැරයක් සැත්කමකට ලක් වෙන්න ඕනෑ. මොන බොරුද මෙයාලා මේ කියන්නේ. අඩුම තරමේ උදේට තියන්න බැරි නම් පිට වෙන වෙලාව හරි තියන්න පුළුවන්. එහෙමවත් තියන්නේ නෑ. Extra duty, overtime කියලා ලක්ෂ ගණන් මහජන බදු මුදල් ගසා කනවා. ප්ලේන්ටියක්වත් බොන්න සල්ලි නැති මිනිස්සු ඉන්නන රටේ වසරකට බිලියන 50ක් විතර මෙවැනි අයතා විදිහට ගසා කනවා නම් කොහොමද රටක් විදිහට නැගිටින්නේ...? බහුතරයක් වෛද්‍යවරු රාජකාරී වෙලාවේත් පුද්ගලික සේවයේ යෙදෙනවා අන්තර්ජාලයෙන්ම බලාගන්න පුළුවන්. මොනවාද රජයක් විදිහට ඒවාට ගන්න විසඳුම්... ඇඟිලි සලකුණු තියන්න බැරි නම් යුද හමුදාවේ හෝ සිවිල් ආරක්ෂකයා සාමාජිකයින් සෑම රෝහලකම ගේට්ටුවලට දාන්න. කාර්ය මණ්ඩලය එන යන වෙලාව මාක් කරන්න පුළුවන්...

:       8       23

රට වැසියා Saturday, 08 March 2025 04:48 PM

සෞඛ්‍ය ක්ලීන් කරන්න කලින් බහුතර දොස්තරලා අඩුම පැය අට සේවය කරනවාද කියලා බලන්න.

:       7       21

Janith Saturday, 08 March 2025 04:50 PM

සෞඛ්‍ය සේවය හදනවා නම් මුලින්ම දොස්තරලාගේ ඒකාධිකාරිය බිඳින්න ඕනෑ. විශේෂයෙන් GOMA සංගමය තහනම් කළ යුතුයි. මොකද එයාලා තමයි සෞඛ්‍ය වෘත්තිකයින් වෘත්තිකයින් අතරත් ප්‍රශ්න ඇති කරන්නේ. හෙදියන්ට උපාධිය දෙනවාට විරුද්ධ වෙන්නේ... මම සෞඛ්‍ය සේවයට අකුල් හෙලන්නේ...

:       11       21

Kalhara Saturday, 08 March 2025 04:54 PM

ක්ලීන් කරනවා... නම් ක්ලීන් කරන්න ඕනෑ ඉස්සෙල්ලාම වෘත්තීය සමිතිකාරයෝ ටික. කිසිම වැඩක් කරගන්න දෙන්නැති කාලකන්නිම පිරිසක්. එක්කෝ ස්ට්‍රයික්.. නැත්තං උද්ඝෝෂණ. නැත්නම් පුද්ගලික කඩවල්වල වැඩ. වෙලාව තිබ්බොත් රජයේ වැඩ කරනවා. පේන්නේ නැද්ද මේ දවස් වල ගොමා එකේ පට්ටියම රජයෙන් පඩි අරගෙන දේශපාලුවන්ගේ පස්සෙන් යනවා. එයාලාට රෝහල්වල වැඩ නැතුව ඇති...

:       9       21

Niranga Saturday, 08 March 2025 08:22 PM

ලංකාවේ දොස්තරලා බාල බෙහෙත් විද්දා. ඒකට ඒ අය ස්ට්‍රයික් කළේ නෑ. ඔවුන්ගේ වාසියට ස්ට්‍රයික් කරනවා.

:       1       0

abeygunasekarasampath95 Saturday, 08 March 2025 10:38 PM

දේශපාලනීකරණයක් නේද මේ කරන්නේ?

:       0       1

රුවන් Sunday, 09 March 2025 08:02 AM

GMOA එක සුද්ද කරා නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 50% ප්‍රශ්න විසඳෙනවා. GMOA එකේ ලොක්කෝ ඔක්කෝම පඩි වැඩි කරන්න කිව්වට ඉන්නේ වැඩි හරියක් නවලෝකයේ, ලංකා හොස්පිට්ල් එකේ. එවා සාධාරණද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 48 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 43 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 166 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 376 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක්
2025 අප්‍රේල් මස 22 318 0

කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.


පාස්කු ප්‍රහාරය: වාර්තාව අධ්‍යයනයට කමිටුවක්
2025 අප්‍රේල් මස 22 447 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 554 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 300 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site