IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සෞඛ්‍ය සාකච්ඡා සාර්ථකයි

(නිමල කොඩිතුවක්කු)

ජනාධිපතාවරයාගේ මැදිහත්වීමෙන් තම ගැටලු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග පැවැත්වූ සාකච්ඡා වල පළමු පියවර සාර්ථකව අවසන් වූ බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.

ඒ අනුව සෞඛ්‍ය සේවයට අනුබද්ධ වෘත්තීය සමිති 72 ක් එක්ව අද (7) දිනයේ කැඳවීමට තිබූ සංඛේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.

තම ගැටලු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකකම්වරයා සමග මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (6) පස්වරු 4.30 ට පමණ මෙම සාකච්ඡා පැවති බවත් වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව ලබාදෙන්නැයි සෞඛ්‍ය වෘත්තිය සමිතිකළ ඉලල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට එහිදී මඳල් අමාත්‍යාංශයේ නියෝජිතයන් කටයුතු කළ බවත් රවී කුමුදේශ් මහතා පැවසීය.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී තම ගැටළු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ව්‍යුහාත්මක විසඳුමක් සඳහා නිල කමිටුවක් පත් කළ බවත් ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ එම නිල කමිටුව සඳුදා රැස්වීමට නියමිත බවත් ඒ අනුව සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය ලබන අඟහරුවාදා තෙක් තාවකාලිකව අත් හිටුවන බවත් කුමුදේශ මහතා තවදුරටත් කීවේය.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය සේවයට අනුබද්ධ වෘත්තීය සමිති 72 ක් එක්ව මෙයට පෙරද අවස්ථා තුනකකදී වර්ජනයක නිරත විය.

 



අදහස් (6)

සෞඛ්‍ය සාකච්ඡා සාර්ථකයි

Rohitha Tuesday, 06 February 2024 07:59 PM

දැන් ඇටෙන්ඩන්ට්ස්ලාටත් රුපියල් 35000ක් දෙනවාද?

:       2       28

PATTA hora Tuesday, 06 February 2024 08:05 PM

කුණු වුණ රටේ පණුවෝ රොත්තක සාකච්ඡා.. මොවුන් අයිති නොවන දේ ඉල්ලන කප්පන් කාරයෝ, මහ එකා මස්කඩ කාරයා. රටේ ජනයා බිල්ල. ජරා හැත්ත...

:       7       39

Che Tuesday, 06 February 2024 08:45 PM

ඒ අයට දෙනවා නම් ගුරුවරුන්ටත් 35000ක් ඕනෑ...!

:       0       2

සමන්ත Wednesday, 07 February 2024 08:36 AM

මොවුන් ඉල්ලන්නේ තමන්ට අයත් නොවන දෙයක් බැවින්, එය නොදී වැඩ කරන ලෙසට නියෝග කරන්න. ඉන්පසුව යම් දීමනාවක් දෙන්න. ඒ සඳහා එකඟ නොවන්නේ නම් සේවයෙන් ඉවත්කර ඉන්දියාවෙන් තාවකාලික පදනමක් මත සේවකයින් ගෙන්වන්න...! ​

:       0       0

Perera Wednesday, 07 February 2024 10:02 AM

අන්දන නිසා සූප්පුවක් කටේ ගහලා ගෙදර එවලා වගේ...!

:       0       0

Ranil Wednesday, 07 February 2024 12:50 PM

නියමයි .කාටත් 35 ගානේ දීලා ආයිත් ටැක්ස් එකක් ගහන්නම් .එතකොට රාජ්‍ය සේවක නොවන අය හොස්පිටල් එන්න ඕන නේ නිකන්ම මැරිලා යාවි .මේ රටේ ජීවත් වෙන්නේ රාජ්‍ය සේවකයන් පමණි .රාජ්‍ය සේවකයන්ගෙන් රට පුරවා රට දියුණු කරමු .හැම කෙනෙකුටම රජයේ රැකියාවක් .දියුණු රටක්

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 77 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 87 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1459 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 630 2

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 1064 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 319 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38886 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site