(පද්මා කුමාරී කංකානම්ගේ)
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව දෙස් විදෙස් සංචාරකයින් සදහා කල්පිටියේ ඩොල්පින් මසුන් නැරඹුම් ඇරඹී ඇති බව ,කල්පිටිය පරිසර හිතකාමී සංචාරක පදනමේ සභාපති මඩු රාජ් ප්‍රනාන්දු පැවසීය.දෙසැම්බර් අග භාගයෙන් ඇරඹෙන ඩොල්පින් නැරඹුම් සමය අප්‍රේල් අග භාගය හෝ මැයි මුල් භාගය තෙක් දිව යයි.
ඩොල්පින් නැරඹුම් සදහා සංචාරකයින් රැගෙන යන යාත්‍රා සෑම සංචාරයකටම පෙර හා පසු විෂ බීජ හරණය,යාත්‍රාවේ ගමන් ගන්නන් අතර මීටරයේ පරතරය පවත්වාගෙන යාම,ආහාර පාන ගැනීමේ දී කොරෝනා නීතී හා ආචාර ධර්ම පිළිපැදීම මෙහිදී අනිවාර්‍ය බවද ඒ මහතා පැවසුවේ ය.ඩොල්පින් මසුන් නැරඹීමට සහහාගීවන සියලු සංචාරකයින්ගේ තොරතුරු ඇතුලත් ලේඛනයක් සෑම යාත්‍රාවකම පවත්වා ගෙන යා යුතු ය.
වන ජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල කුමාර මොරතැන්න මහතා මෙසේ කීය.
"ඩොල්පින් මසුන් නැරඹීමට, වන ජීවී දෙපාර්තුමේන්තුවේ ප්‍රවේශ පත්‍ර නිකුත්කරන කවුලු තුනක් ක්‍රියාත්මකයි.කන්ද කුලිය,කුඩාව සහ ඉලන්තඩ්ය යන ප්‍රදේශවල පිහිටි එම කාර්‍යාල මගින් ඉදිරියේ දී සංචාරකයින් අධීක්ෂණ කෙරෙනවා."
"සෑම දේශීය සංචාරකයෙකු සතුවම තමා පදිංචි පළාතේ මහජන සෞඛ්‍ය ලධාරිගෙන් ලබා ගත්,තමා නිරෝධායනයට ලක් නොවන්නෙකු බව තහවුරු කෙරෙන වාර්තාවක් තිබිය යුතුය.විදෙස් සංචාරකයින් සතුව ගුවන් තොටුපලේ දී කෙරෙන පී.සී.ආර්.වාර්තාව වැදහත් වෙනවා.සියලුම සංචාරකයින්ගේ උණ බැලීමත් මේ කාර්‍යාලවල දී සිදු වෙනවා."
ඩොල්පින් නැරඹුම් යාත්‍රාවේ ගමන් ගන්නා කාර්‍ය මණ්ඩල දෙසතියකට වරක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක්කිරීමට ද නියමිත ය. කල්පිටි අර්ධද්දීපයේ ඩොල්පින් මසුන් නැරඹුම් සදහා යාත්‍රා 116 ක්,මේ වන විට වන ජීවී දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි වී ඇත.
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෞඛ්‍යාරක්ෂිතව ඩෝල්පින්ලා බලන්න කල්පිටි එන්න
Mangala Tuesday, 22 December 2020 09:03 AM
"ඩොල්ෆින් මසුන් නැරඹීමට, වන ජීවී දෙපාර්තුමේන්තුවේ ප්‍රවේශ පත්‍ර නිකුත්කරන කවුලු තුනක්'' ඩොල්පින් වන ජීවියෙක්ද? මේවා තමයි විහිලු...
de silva Tuesday, 22 December 2020 02:12 PM
මොන පිස්සු වැඩක්ද? මෙ කොරෝනා අස්සේ ඩොල්ෆින්ලා බලන්න යන්නේ... මුහුදේ යන බෝට්ටුවක කොහොමද ඔය කියන පරතරය තබාගන්නේ...?
gamini Tuesday, 22 December 2020 07:42 PM
පද්මා කුමාරි, සෞඛ්‍යාරක්ෂිතව ඩොල්ෆින්ලා නම් මීටර 02ක දුර තබා තිබෙන බව පැහැදිලි වේ. නමුත් ඔබ සඳහන් කර ඇති ආකාරයට කොරෝනා නීති හා ආචාර ධර්ම පිළිපැදීම මෙහිදී අනිවාර්ය බව සඳහන් වුවද දෙස් විදෙස් සංචාරකයින් කිසිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිටින බව කිසිඳු සේයාරුවක් දක්නට නොමැත. ඩොල්ෆින් මසුන් නැරඹීමට සහහාගි වන සියලු සංචාරකයින්ගේ තොරතුරු ඇතුළත් ලේඛනයක් සෑම යාත්‍රාවකම පවත්වා ගෙන යා යුතු බව නම් අනිවාර්ය කර ඇත. ලියන්නා කෙසේ ලීවද කියවන්නා සහ නරඹන්නා සිහිබුද්ධියෙන් කියවිය යුතුවේ.
ජයරත්න වික්‍රමාරච්චි-කරුවලගස්වැව Wednesday, 23 December 2020 01:57 AM
සුපිරි පින්තූර ටිකක්...