IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සිංගප්පූරුවට ඇතුළු වීම රටවල් කීපයකට තහංචි

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත.

ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහ බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.

සිංගප්පූරුවේ කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය විසින් ඊයේ (30) තහනම පනවා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ලංකාව ඇතුළු ඉහත කී රටවල ගත කර ඇති සියල්ලන් හට මේ අනුව හෙට(02 ) සිට සිංගප්පූරුව වෙත පැමිණීම තහනම් වන අතර මෙම රටවල සංක්‍රාන්ති (transit) සඳහා දිගුකාලීනව හා කෙටිකාලීනව කාලය ගත කළ අයට ද මෙම නියමය වලංගු වනු ඇත.

සිංගප්පූරු බලධාරීන්ගෙන් පූර්ව ප්‍රවේශ අනුමැතිය ලබා ගත් අයට ද එය අදාළ වන බව එරට රජය කියා සිටී.

මේ අතර බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල සංචාරය කර දැනට සිංගප්පූරුවට පැමිණ ඇති අය හට දින 14 ක නිරෝධායන කාලයක් අනිවාර්යය කර තිබූ අතර මෙය තවත් දින 7 කින් දීර්ඝ කරනු ලබන බව සිංගප්පූරු කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය වැඩිදුරටත් සඳහන් කර සිටී.

 



අදහස් (9)

සිංගප්පූරුවට ඇතුළු වීම රටවල් කීපයකට තහංචි

චමින්ද ජයනාත් ජයසූරිය Saturday, 01 May 2021 03:56 AM

ඒක හරි අසාධාරණයිනේ අප්පා... තාම ඉතිං අපේ රටේ සමාජ ව්‍යාප්තියක් නෑනේ...

:       0       0

Anura Saturday, 01 May 2021 07:36 AM

ඒ මිනිස්සු බුද්ධිමත් අය...

:       2       42

roseSaturday, 01 May 2021 02:15 PM

ඉන්දියාවේ කොවිඩ් නැද්ද එතකොට...?

:       0       0

banda Saturday, 01 May 2021 09:30 AM

ලංකාවේ රෝගය සමාජගත වෙලා නැතිවත් අපි මෙහෙම කරන්නේ මොකද?

:       0       0

Zaman Saturday, 01 May 2021 11:35 AM

ඉන්දියාවට මේ නීති අදාල නැතිද?

:       0       5

kumara Saturday, 01 May 2021 12:02 PM

මුඩුක්කුවක හිටපු අය ඒ මුඩුක්කුවෙන් අයින් වෙලා... මුඩුක්කුවෙ දැනටත් ඉන්න අයට දාන සත්තම්... අයියෝ සල්ලි කිව්වලු...!!!

:       6       0

Ruwan Saturday, 01 May 2021 12:47 PM

උගත් බුද්ධිමත් කිව්වට අපේ ඉන්නේ ගොඩක් ටියුබ්ලයිට් නේ....

:       0       4

ranjith Saturday, 01 May 2021 02:32 PM

ඇත්ත, බුද්ධිමත් මිනිස්සු කොරෝනා පාලනය කරගන්න උත්සාහ කරන හැටි.

:       0       0

විපරමා Sunday, 02 May 2021 08:58 AM

ඒ රටේ එහෙම වුණත් අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. මොලේ උඩ ඉන්න බලලෝභී පාලකයින් මෙහෙ ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site