(කාංචන කුමාර ආරියදාස)
රට තුළ පවතින ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව ගෑස් හිඟය සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය හිඟය නිසා මෙරට සංචාරකයන් අඩුවී සීගිරිය සංචාරක කලාපය දැඩි පාලු ගොස් ඇති අයුරු එහි කළ සංචාරයකදි දැකගත හැකි විය.
විදේශිකයනට ආහාර පාන ලබාදුන ඇතැම් සංචාරක නිකේතනවල ඇඳන් මේස පුටු මත සුනඛයන් වැනි සතුන් ලැග ගෙන සිටින අයුරු ද දැකගත හැකියි.
එමෙන සංචාරක මඟ පෙන්වන්නන් ත්‍රීරෝද රථ ප්‍රවාහන සපයන්නන් සීගිරිය ඉදිරිපිට වී තවත් ගල් උඩ ඔවුන් වාඩිවී කාඩ් සෙල්ලම් කරන දසුන් ද සීගිරියේ මේ දිනවල දැක ගැනීමට හැකි විය
විදේශිකයන්ට ආහාරපාන ලබා දුන් ස්ථාන පාළුවට ගොසිනි එමෙන්ම කාමර කුලියට ලබාදුන් ස්ථාන ඔරු සෆාරි කරත්ත සෆාරි අලි සෆාරි ගිය අය ද එම කරත්තවලට බදින සතුන් අලින් නඩත්තු කරගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බව පෙන්වා දෙති
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සීගිරි සංචාරක කලාප පාළුවට යයි
diss Sunday, 19 June 2022 08:10 AM
නිකන් ඉඳලා සංචාරකයෝ මංකොල්ල කන අයට හොඳ වැඩේ...
pakeer Sunday, 19 June 2022 10:53 AM
අපි හැමදේම, හැමදාම කළේ ණයට. කවදාවත් අපි අපේම දේවල් කළේ නැහැ. අපි මහ නිවට ජාතියක්. අපේ වීර වික්‍රම තියෙන්නේ කතාවේ විතරයි. වැඩ නැහැ. අපි මොනවද ලෝකයට දීලා තියෙන්නේ...? මොනවද අපි කළ සොයාගැනීම්? අපි දන්නේ මිනිස්සු රවට්ටන්න විතරයි. එහෙම කරලා අනුන්ගෙන් ණයට කාලා, ජොලි කරන්න.
fairoos Sunday, 19 June 2022 12:29 PM
නන්දසේන මේ රටට කරපු අපරාධයට ළඟදීම සොබාදහමින් පඩිසන් ලැබෙනවා.
swissSunday, 19 June 2022 05:10 PM
නන්දසේනට කෙසේවෙතත් සොබාදහමින් "ෆාරෑස්" කියන ඔයාට නම් දඬුවම් ලැබෙනවා..! මොකද ඔයා පොත්ත ඉබේටම ගැලවිලා වැටුණු රඹුටමක්"
ganegoda Monday, 20 June 2022 12:56 PM
ඔයා කොහොමද එයාගෙ රඹුටම ගැන දන්නෙ?
swiss Sunday, 19 June 2022 05:04 PM
සෑහෙන කාලයකට සංචාරකයින් නම් එන්නේ නැහැ... ලංකාවට දුක් විඳින්න...! ඔය තත්වය ඇතිකලේ පෙලපාලි ගිහිල්ලා මාධ්‍යයට වැටුණු ප්‍රවෘත්ති දැකලා..! ගෝල්ෆේස් ඉදිරිිපිට අපේ අයගේ හැසිරීම ඒ ළඟම තියෙන හෝටල්වල හිටපු විදේශිකයින් ලංකාවේ තත්වය දැනුවත් කළා..! යුරෝපා රටවල කෙටියෙන්ම කියලා තියෙනවා ලංකාවට යනවා නම් අවශ්‍යම දේකට හැර යන්න එපා කියලා... ඒත් යනවා නම් ජීවිත රක්‍ෂණයක් අරගෙන යන්න කියලා...! ඒකෙන් කියැවෙන්නේ ජීවිත අවදානම ගැන නොවේද..?
SIrisenaTuesday, 21 June 2022 12:27 PM
මෝඩ කතා කියන්න එපා. මිනිස්සු පෙළපාලි ගියේ ආසාවට නෙවෙයි. සංචාරකයින් එන්නේ නැත්තේ විදුලිය, තෙල් මුකුත් නැති නිසා... කන්නත් නැහැ. එහෙම තියෙද්දී එන්න පිස්සු නෑ ඒ මිනිස්සුන්ට..!
leel gunawardena Monday, 20 June 2022 01:39 AM
නියමයි දැන් සැපද?
sharm warn Monday, 20 June 2022 11:47 AM
සීගිරිය ගැන කියනවා. මෙහෙ කොළඹ ඉඳන් මොරටුවට යන්න ත්‍රි රෝද රථයක් අල්ල ගන්න බැහැ. අඩු ගානේ 5-6ක් විතර මගින් මගට ගිහින් යන්නේ... එහෙම යන්න අපිට පිස්සු වුණාට රටකින් රටකට එන මිනිස්සුන්ටත් පිස්සු කියලා හිතනවද? අවම යටිතල පහසුකම් ටිකත් නැතිව පයින් යන්නයි, කොස්දෙල් කන්නයිද එන්නේ මෙහෙට...?
SamanTuesday, 21 June 2022 11:16 AM
බස් එකේ නැතිනම් කෝච්චියේ යන්න. අපරාදෙනේ සල්ලි..!
ganegoda Tuesday, 21 June 2022 12:11 PM
අර රතුපාට පුටුවේ අසුන් අරගෙන ඉන්න කකුල් හතරේ සංචාරකයා කොයි රටේ ඉඳලා ආපු කෙනෙක්ද?