IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සංචාරක ගමනාන්ත 09 ක් සංවර්ධනයට

( තිළිණි ද සිල්වා )

සංචාරක ගමනාන්ත 09 ක් තිරසාර සංචාරක ගමනාන්ත ලෙස කඩිනමින් සංවර්ධනය කෙරෙන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

දිවයිනේ පළාත් 09 ම ආවරණය වන පරිදි මෙම සංචාරක ගමනාන්ත  තෝරාගෙන ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ජෛව විවිධත්ව මූල්‍ය ව්‍යාපෘතියේ සහාය ඇතුව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ සීගිරිය තිරසාර ගමනාන්තය, පිළිකුත්තුව දේශීය උරුම ගමනාන්තය, වනාතවිල්ලුව ගංගේවාඩිය ගමනාන්තය, එල්ලාවල ඇල්ල ස්වභාවික ගමනාන්තය, වවුල්පනේ හුණුගල් ගුහාව ගමනාන්තය, ඩෙල්ෆ් දූපත, මධුනාගල උණුදිය උල්පත්, පානම ප්‍රජා ගම්මාන සහ මිහින්තලේ සංවර්ධනය කෙරේ.

තිරසර සංවර්ධන ඉලක්කයන් සපුරාලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සදහන් වැඩපිළිවෙලක් වන අතර ඒ අනුව මෙම තිරසර ගමනාන්ත සංවර්ධනය ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා සදහන් කරයි. 

මේ වන විටත් මෙම තිරසර ගමනාන්ත සංවර්ධනය සදහා අදාළ පළාත් සංචාරක බළධාරින් වෙත වගකිම පවරා තිබේ. දැනටමත් ඔවුන් මේ සදහා අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙන බව ඇමතිවරයා සදහන් කරයි. 

කොවිඩ් වසංගතයත් සමග පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් සංචාරකයන් තුළ වැඩි ආකර්ෂණයක් ඇති වී ඇති බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා  ඒ අනුව මෙරට පරිසරය ආශ්‍රිත ආකර්ෂණිය ගමනාන්තයන් වලට වැඩි සංචාරක පිරිසක් ගෙන්වා ගැනීම සදහා අනුගමනය කළ යුතු උපාය මාර්ග සම්බන්ධයෙන් ද රජයේ විශේෂ අවධානයක් යොමු ව ඇතැයි ද කීවේය.

 සංචාරක ආයෝජන සදහා අනුමැතිය ලබාදීමේ දි ඒ පිළිබද ව වැඩි අවධානයක් යොමු කරන අතර  සංචාරක ව්‍යාපෘති වලට අදාළ යෝජනා තිරසර මාර්ගෝපදේශයන්ට අනුව අනුමැතිය සදහා ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු කියා සිටී. 

ඒ සදහා සහාය දැක්වීම සදහා ඉදිරියේ දී තිරසර සංචාරක ප්‍රවර්ධන හා සංවර්ධනය උදෙසා වන අභ්‍යන්තර ඒකකයක් ද සංචාරක සංවර්ධන අධිකාරිය තුළ ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සදහන් කළේය.

 



අදහස් (1)

සංචාරක ගමනාන්ත 09 ක් සංවර්ධනයට

සිංගප්පුරු චාලි Monday, 13 December 2021 02:05 PM

ඒක නොවේ. මොකද හදිස්සියේම සිංගප්පුරුවට ගියේ? මෙහෙ දොස්තරලා හරි මදිද? ඒ වියදමත් අතින් ගෙව්වද දන්නේ නෑ නේද?

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 587 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 1311 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1260 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1410 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2269 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1261 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site