(ඩයනා උදයංගනී)
සංචාරක ක්‍ෂේත්‍රයේ නියුතු සියලුදෙනාට සැප්තැම්බර් මාසය අවසාන වනවිට කොවිඩ් මර්දන එන්නත ලබාදී සංචාරක ව්‍යාපාරය සාමාන්‍ය තත්වයට ගෙන ඒමට හැකි සෑම පියවරක්ම ගන්නා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි .
ශ්‍රී ලාංකීය සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ වන විට ලෝක මට්ටමෙන් නව ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙමින් ඇතැයි කී අමාත්‍යවරයා ඊට සමගාමීව ගුවන් සමාගම් විසින් සංචාරකයන්ට සහන පැකේජයක් ද ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවට අද (16) රැගෙන ආ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ පහළොවක ප්‍රමාණය භාරගැනීමේ අවස්ථාවට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
මෙරට ජනගහනයෙන් එන්නත ලැබිය යුතු පිරිසෙන් සියයට හැටකට එන්නත් ලබාදීමට රජය කටයුතු කරගෙන යන බව කී අමාත්‍යවරයා එවිට ශ්‍රී ලංකාව කොවිඩ්වලින් ආරක්ෂිත රටක් බවට විදේශ රටවල සංචාරකයින් තුළ විශ්වාසයක් ගොඩ නැගෙන බව ද කීවේය.
එම විශ්වාසය තවදුරටත් තහවුරු කිරීම සඳහා එන්නත්කරණ වැඩපිළිවෙළත් සමඟ නව සංචාරක ප්‍රචාරණ වැඩ පිළිවෙලක් හඳුන්වාදීමට නියමිත බව ද කීවේය.
ඒ තුළින් විශාල වශයෙන් සංචාරකයන් මෙරටට ගෙන්වීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව කී ඇමතිවරයා සංචාරකයින් ද එන්නත් මාත්‍රා සම්පූර්ණ කර පැමිණියහොත් ඔවුන්ට රට පුරා ඇවිදීමේ අවස්ථාව ලැබෙන බව පැවසීය.
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල
තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන
රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්
ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සංචාරක ව්‍යාපාරය සැප්තැම්බර් වන විට සාමාන්‍ය තත්වයට
සමන්ත Saturday, 17 July 2021 03:32 AM
හිනා හිනා, වෙන්න හිනා. ගොන්කමටත් සීමාවක් තියෙන්න එපායෑ...