(සුජිත් හේවාජුලිගේ )
නිරෝධායන හෝ සංචරණ නීති කඩකරමින් කටයුතු කරන පුද්ගලයන්ට විරුද්ධව පවතින නීතිය යටතේ වසර හය කට නොවැඩි සිර දඬුවමක් හෝ රුපියල් දස දහසක දඩයක් හෝ එම දඬුවම් දෙකම ලබාදීමේ හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ලංකාදීපයට පැවැසීය.
සංචාර නීති කඩකරන්නන්ට එරෙහිව නීතිය මෙවර අකුරටම ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය .
මේ අතර නිරෝධායන හෝසංචරණ නීති කඩ කරමින් කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් වහාම ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්නැයි පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එවැනි පැමිණිලි රැසක් දිවයිනේ පොලිස් ස්ථානවලට දැනටමත් ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි .නිරෝධායන නීතිය උල්ලංඝනය කළ 448 දෙනෙකු පෙරේදා(12) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත .
මේ අනුව නිරෝධායන නීතිය කඩකිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 8747ක් දක්වා ඉහළ යනු ඇත.මේ අතර පළාත් සංචරණ සීමා උල්ලංඝණය කළ වාහන 145 ක සිටි 229දෙනකුට අවවාද කර ආපසු හරවා යැවූ බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාතේ ව්‍යායාම කරන ස්ථාන ,ගෘහස්ථ ක්‍රීඩාංගණ මද්‍යසාර අලෙවි සල් 380ක් පරීක්ෂාවට ලක් කර එම ස්ථානවල සිටි 1597දෙනකුටඅවවාද කර ඇතැයි පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිරෝධායන නීති බරපතළ ලෙස උල්ලංඝනය කළ විසිපස් දෙනෙකු එම ස්ථානවල දී අත්අඩංගුවට ගෙන ඇතැයි ද සඳහන් කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංචරණ නීති කැඩුවොත් වසර 6 ක සිර දඩුවම්
Dammi Thursday, 13 May 2021 09:02 AM
හොඳයි නේ අවු.5 ක් නොමිලේ කාල බීල ඉන්න පුලුවන්.දුරකථන පහසුකමුත් තියෙනව නේ
siri Thursday, 13 May 2021 09:17 AM
කොළඹ ඉඳල ගාල්ලට යන්න තහනම් උනාට බෙහෙත් ගන්න ඇමෙරිකාවට ගියාට කමක් නැද්ද ?
hesa Thursday, 13 May 2021 09:17 AM
හරියට කලොත් එක සතියෙන් කොරෝනා අතුරුදහන් .. ආරා්ග්‍ය ශාලා නොවේ දැන් තනමූ සිර ගෙවල් දැන්.. ඇතුලෙ ඉන්න බාගෙට බාගයක් වසර 6ක් ..
Ranjan Thursday, 13 May 2021 01:57 PM
මේ වගේ රස කතා කොපමණ අහලා තියනවද මෙයාගේ