IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කරයි

 

(නිමන්ත රණසිංහ)

දැනට පනවා ඇති සංචරණ සීමා ලබන ජූනි 7 වැනි දා තෙක් දීර්ඝ කිරීමට රජය තිරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

එසේ වසා දමා ඇති කාලය තුළ දින තුනක් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දීමට රජය පියවරගෙන ඇත.

ඒ අනුව හෙට 25 අලුයම 4.00 සිට පස්වරු 11.00 තෙක් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සංචරණ සීමා ලිහිල් කිරීමට කටයුතු යොදා ඇත.

නැවත හෙට රාත්‍රී 11.00 සංචරණ සිමා පනවන අතර එය 31 වැනි දා අලුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා සංචණ සීම නැවත ලිහිල් කරන අතර එම කාලය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබාදේ. ජුනි 4 වැනි දා ද ඒ ආකාරයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට පමණක් සංචරණ සීමා ලිහිල් කරන බව ද රජය කියයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට ළඟම ඇති නගරයට හෝ ගමේ කඩයට යාමට අවස්ථාව ලබා දී ඇති බවත් රථවාහනවලින් ගමන් බිමන් යාමට අවස්ථාව ලබා නොදෙන බව ද රජය නිවේදනය කරයි.

මේ දිනවල සංචරණ සීමා ඉවත් නොකරන බවත් එය යම් තරමක ලිහිල් කිරීමක් පමණක් සිදු කරන බව යුද හමුදාපතිවරයා සඳහා කරයි.



අදහස් (24)

සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කරයි

සමිත සේනක අලුත්ගමගේ. Monday, 24 May 2021 10:01 AM

ඔන්න මේ දැන් මත්පැන් පෙරීම ගැන සුදුසුකම් තිබෙන දේශපාලකයෙකු රූප පෙට්ටියේ කෝවිඩ් පාලනය ගැන මහා දැනමුත්තා වගේ ජනතාවට පාඩම් කියා දෙනවා. ඇති තරම් බඩු මුට්ටු ගෙනිහින් ගෙදර තියාගන්නලු. මෙයා හරියට නොමිලේ දෙනවා වගේ තමයි කතාව. අර ගියවර දුන්නු පිටරට වලින් ලැබුණු ආධාර මුදල්වල ඉතිරි ඒවායින් සහ මෙවර හමුවූ ආධාර මුදල් යොදවා මේ වෙලාවේ අසරණ වී සිටින ජනතාවට පොදුවේ කෑමට ආහාර ටිකක් දෙන්න.

:       3       86

samMonday, 24 May 2021 12:02 PM

ශ්‍රීලනිපයේ හිටිය වැදගත්, උගත්, දේශපාලකයෝ අද මුල්ලකට තල්ලු කරලා 1977 සිට රට කාපු සෙට් එක ඉදිරියට ඇවිත්..

:       3       35

පප්පMonday, 24 May 2021 12:15 PM

මහත්තයෝ 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නු විරුවෙකුට... ඒ හින්දා නිශ්ශබ්දව බලා ඉන්න...

:       13       40

kapila Monday, 24 May 2021 10:10 AM

අපේ ෆිනෑන්ස් ණය ඒවටත් සංචරණ සීමා දාන්නේ නැද්ද?

:       3       44

Nadeeka Monday, 24 May 2021 10:51 AM

අපි තමයි හොඳටම කලේ...

:       3       25

Demuni Uduwara Monday, 24 May 2021 11:06 AM

සෞඛ්‍ය ඇමැතිවරු කෝ? ආරක්ෂක ප්‍රධානීන් සහ මාධ්‍ය ප්‍රකාශක කෝ? ජොන්ස්ටන් කවුද?

:       2       28

යකා Monday, 24 May 2021 11:20 AM

හෙට ගෑස් එක කරේ තියන් ගෙදර එද්දී කොහොමද ගැම්ම...!!!

:       3       33

රට වැසියා Monday, 24 May 2021 11:53 AM

ලයිට් බිල්, වතුර බිල් රතු පාටින් එවනවා දවස් 14 න් ගෙවන්න කියලා !!! - ෆිනෑන්ස් සමාගම් කෝල් කරනවා! - බැංකු කථා කරලා කියනවා.. ණය ගෙව්වේ නැත්තම් නම බ්ලැක් ලිස්ට් කරනවා කියලා, එදිනෙදා හම්බ කරලා කන අපි අසරණයි!.. රට වහන්න අවශ්‍ය නම් ඒක කළ යුතුයි..! ඒත් එක්කම රට පාලනය කරන්න කවුරුන් හෝ රටේ පාලනය ගැන සංවේදි වෙන්න.. රට පොදු අරමුණක් සඳහා සංවිධානය කරන්න..! දැනට අරාජික රටේ වගකීම අරගෙන රටේ කලමණාකරනය සහ පරිපාලනය ක්‍රමවත් කරන්න. රටේ සම්පත් නිසි සේ බෙදා ගනිමින් ද නීති-රීති රෙගුලාසි ජනතාවට සෙතක් සේවයක් වෙන විදියට ක්‍රියාත්මක කරන්න.

:       3       37

KumaMonday, 24 May 2021 12:26 PM

සංචරණ සීමා දාන්න කියලා වෛද්‍යවරුන් කිව්වේ මාසයකට විතර කලින්... ආණ්ඩුවත් දණ ගාලා, දණ ගාලා යන්තම් සති දෙකකට වැහුවා. දැන්වත් ගෙදරට වෙලා ඉන්න. වතුර බිලයි, ලයිට් බිලයි බැංකු ණයයි ගෙවන්න හිතුනේ දැන්ද? ඕක ගෙව්වේ නෑ කියලා මැරෙන්නේ නෑ. එළියට ගියොත් මැරෙන්න පුළුවන්.. ගෙදරට වෙලා ඉන්න.

:       9       26

එම්.ඒ මල්ලවMonday, 24 May 2021 05:40 PM

ගිය අවුරුද්දේ මොකද වුනේ කියලා ඔබට මතකද? ලිසිං කාරයෝ මනුස්සයෙකුට ගහල මැරුව මතකද? - ගිය අවුරුද්දේ බැංකුවල නම බැලැක් ලිස්ට් කරපු අය රටේ කොච්චර ඉන්නවද? ඒ අයට රජයෙන් දුන් සහනය කුමක්? රට වහන්න එපා කියලා කවුරුත් කියන්නෙ නැ! රජය රට වහන්න පස්ස ගහන්නේ මෙ වැනි ගැටලු කලමණාකරනය කරන්න බැරි නිසා! ඉහත කොමෙන්ට් එකේ කියලා තිබෙන්නෙ රජයේ සේවාවන් සහ පරිපාලනය ක්‍රමවත් කරන්න කියන එක නේද? යමක් කියවා තේරුම් ගෙන ඊට පිලිතුරු දීමට යම් කිසි බුද්ධියක් අවශ්‍යයි!

:       0       4

Demuni Uduwara Monday, 24 May 2021 02:34 PM

සහෝදරයා, ඔබ හීන දකිනවද?

:       0       7

හේරත්Monday, 24 May 2021 05:30 PM

මේ වගේ ප්‍රශ්නවලට කිසියම් සහනයක් දිලා, රට සම්පූර්ණයෙන් වහන්න. අඩුම ගණනේ ලීසිං පරක්කු වුණොත් මැරයින් දම්මලා බයකරලා වාහන පැහැරගෙන යන එක නවත්න්න. විදුලි බලමණ්ඩලයට, ජලය සපයන ආයතනවලට කියන්න ඒ සේවාවන් විසංධි කරන්න එපා කියලා. මාසයක ණය ප්‍රමාද වූවාට බැංකුවලට කියන්න ණය හිමියන් ඇප කරුවන්ගේ නම් රිබ් එකට දාන්න එපා කියලා.

:       0       2

ජගත් Monday, 24 May 2021 01:02 PM

වෙනස සැපද?

:       2       15

pradeepa Monday, 24 May 2021 01:05 PM

අපිට කවදාද 5000 දෙන්නේ නැවත... අපේ ආණ්ඩුවට ඕනෑතරම් සල්ලි තියෙනවනේ.. ඕක මාස ගාණක් වහලා අපිට හැමදාම සල්ලි දෙනවද?

:       2       32

දොලේවත්ත Monday, 24 May 2021 01:09 PM

උගත් කමක් නැති වැදගම්මක් නැති මෙහි පාලකයන් පත් කරගත්ත අපිට තමයි මේ ඔක්කොම... නුඹලාට මෙහෙම වෙලා මදි...

:       1       26

Nihal de silva Monday, 24 May 2021 01:36 PM

ඇයි මේ ජනතාව මුලා කරන්නේ? බූරුවා බල්ලාගේ වැඩේ බාර අරගෙන... ගමේ කඩේට සෙනඟ පිරිලා බඩු ඉවර වුණාම වාහනයක් නැතුව බඩු ගන්න යන්නේ කොහොමද? මගේ මව්බිමට දෙවියන්ගේ පිහිටයි...

:       1       25

fairoos Monday, 24 May 2021 01:37 PM

සර් නම් උඩින්ම පාස්වෙලා... දෙයියෝ සාක්කි..!!!

:       1       16

Ground service Monday, 24 May 2021 03:34 PM

ජල සම්පාදන මණ්ඩලයේ, විදුලි බල මණ්ඩලයේ අපිත් කැමතියි ගෙදර ඉන්න. අපි වැඩට යන්නේ අපේ සේවාවන් නැවතුනොත් කිසිම විරුවෙකුට ඔවුන්ගේ වැඩ කරන්න බැරි වෙන හින්දා. මාසයක් ගෙදර හිටියත් මැරෙන්නේ නැතුව කන්න බොන්න අපට පුළුවන්. විදුලි ජලය සේවාවන් කඩා වැටුනොත් වෙන්ටිලේටර් නැවතයි. බොන්න අත් සෝදන්න බැරිව මුළු රෝහල් පද්ධතිය ක්ෂණිකව නවතියි. පැය ගාණක් කොරෝනා ඇඳුම් ඇඳගෙන ඉඳලා සෞඛ්‍ය, නැත්නම් ආරක්ෂක නිලධාරීයෙක් ගෙදර යනකොට විදුලිය, ජලය නැත්නම් මොනවා වෙයිද? කොරෝනා හින්දා නොවෙයි නිකන් මැරෙන්න වෙන්නේ... ඒ වගේම රෝහල් වලට වඩා කොච්චර රෝගීන් ගෙවල්වල ඉන්නවද?. අපිත් මිනිස්සු අපිත් කොරෝනා හැදෙන්න පුළුවන්. කාට හරි අපි පුරුදුවෙලා කරන වැඩ කරන්න පුළුවන් නම් කරලා බලන්න. අපි විරුවන් නොවුණාට ඉල්ලන්නේ වැක්සීන් එක දෙන්න. නොගත්ත අයට පළමු එක ගත්ත අයට දෙවැනි එක දෙන්න. අත්‍යාවශ්‍ය සේවාවල ඇස්ට්‍රාෙසනෙකා ගත්ත අයට දෙවැනි එක දෙන්න. තවත් කල් මරනවා නම් ප්‍රතිඵල ලැබෙනකොට අදට වඩා ගොඩක් දුක්විඳින්න වෙයි. ආර්ථිකය නොසිතූ විදිහට කඩා වැටෙයි. ඒක හින්දා පවුල්වල අයට දෙන එන්නත් කරණයට පෙර අත්‍යවශ්‍ය සේවාවල වැඩකරන මිනිස්සු දිහා බලන්න...

:       0       14

චින්තකTuesday, 25 May 2021 01:01 AM

මෙයාගේ කථාව හරි. නමුත් සමෘධිමත් සේවක පිරිසේ කෙනෙක් මන්ත්‍රීවෙලා කිසිම වැඩක් නොකරන සමෘද්ධියට එන්නත් කරන්න කියනවා. විදුලිබලේ මෙන්ම ජලමණ්ඩලයේත් ග්‍රාමනිලධාරීන් සහ සෙඛ්‍ය අංශවල අයටත්, ගුරුභවතුන්ටත් සමෘද්ධි පිරිසට කලින් එන්නත් දියයුතුයි..

:       0       0

sampath Monday, 24 May 2021 03:42 PM

මේ කොරෝනා වැඩි කරන කතාවක්... මිනිස්සු තමන්ගේ වාහනේ අරන් ගිහින් බඩු ටික දාගෙන එයි. අනෙක ගමේ කඩේ බඩු ගිනි ගණන්... සාමාන්‍ය මිනිස්සුන්ට සාමාන්‍ය විදිහට ගිහින් බඩු ගන්න අවස්ථාව දෙන්න. සිල්ලර කඩ, ෆාමසි සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ස්ථාන පමණක් විවෘත කරන්න. මේවා විහිළු කතා... දැන් ඔය කියන විදිහට දොස්තර මහත්තයා පයින් ගිහින් බඩුගන්න ඕනේ..

:       0       7

අප්පුහාමිTuesday, 25 May 2021 01:07 AM

පයින් ගිහින් සතියකට ඇතිවෙන්න හාල්, සිල්ලර, එලවළු, බෙහෙත්, ගෑස් ගේන්න එක් අයෙකුට පුළුවන්ද කියලා රියන් භාගේ මොළ ඇති පිරිසෙන් අහන්න කැමතියි. ගමේ කඩේ බඩුමිල ගැන කියනවිට නගරයට කිලෝ මීටරයක් දුර කඩේ පොල්තෙල් කාලක් රුපියල් 195ක් වෙද්දී නගරයේ 150ක් වෙනවා. නගරයේ බිත්තරයක් රුපියල් 15ක් වනවිට කි.මී. භාගයක දුර ගමේ කඩේ රුපියල් 20ක් වෙනවා. අපිට කියන්නේ කළුකඩේට යන්න කියලද?

:       0       1

Bishan Monday, 24 May 2021 06:51 PM

වෙනස සැපද බයියනි

:       0       3

රාජි Tuesday, 25 May 2021 05:04 AM

අත්‍යාවශ්‍ය භාන්ඩ ගන්නලු. ආදායමක් නැතුව.

:       0       3

lakvidu Thursday, 27 May 2021 01:42 AM

ඔය එක බයියෙක්වත් අපේ අදහස් බලන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රජයේ මාධ්‍ය හැදුන්ම්පත නැතිව කැබිනට් වාර්තා කරනය බෑ
2025 අප්‍රේල් මස 29 32 0

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු


නලින්දත් ලක්ෂ 74ක් රජයට ඉතිරි කරයි
2025 අප්‍රේල් මස 29 293 0

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය


’’ජනාධිපති මට බැණ බැණ රට වටේ යනවා’’
2025 අප්‍රේල් මස 29 427 0

ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.


කතරගම ඉඩම් වංචාවට ලංගම හිටපු උප සභාපති අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 29 521 0

කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්



වැවිලි විෂයට නව නීති නවයක්
2025 අප්‍රේල් මස 29 211 0

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව නව නීති හඳුන්වා දීම හා පවත්නා පනත් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 12 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 13 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1048 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site