IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


‘‘සංචරණ සීමා යටතේ ආනයන කටයුතු පවත්වාගනෙ යනවා‘‘

( තිළිණි ද සිල්වා )

පවතින සංචරණ සීමා යටතේ වුවද කර්මාන්තකරුවන්ට සිය නිෂ්පාදන නැව් ගත කිරීම, අමුද්‍රව්‍ය ආනයනය වැනි අත්‍යාවශ්‍ය කාර්යයන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සම්පාදනය කර ඇතැයි එම මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි.

පවතින අවදානම් තත්ත්වය මත වුවද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සේවක ආරක්ෂාව මත නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම ජාතික වගකීමක් වන බැවින් ඊට අවශ්‍ය මාර්ගෝපදේශයන් හා පහසුකම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිරතුරුව ලබා දෙන බවද සභාපතිවරයා කීය.

කොවිඩ්19 වෛරසය පෙර පැවති තත්ත්වයට වඩා මෙවර අවදානම ඉහල බැවින් කම්හල් තුල ජෛව ආරක්ෂක බුබුලක් ලෙස ක්‍රියාත්මක වෙමින් නිෂ්පාදන කටයුතු සිදු කිරීමට මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බව ද අයෝජන මණ්ඩල සභාපතිවරයා වැඩිදුරටත් කීය.

කම්හල් උපරිම සේවක ආරක්ෂාවක් මැද රෝගය පැතිරීම අවම මට්ටමේ පවත්වාගැනීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අපේක්ෂාව යැයිද හෙතෙම කීය.

දැඩි අවධානම් ප්‍රදේශවල පවතින කම්හල් සේවක සේවිකාවන් හට එන්නත් කරණයේදී ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස මේ වනවිටත් අදාල බළධාරීන්ගෙන් ඉල්ලා ඇති බවත් ,ඒ අනුව නුදුරු දිනයකදී එම එන්නත් ලැබීමද සිදු වන බවද මොහොට්ටාල මහතා පැවසීය .

කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අවශ්‍ය නවතම මාර්ගෝපදේශයන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවිය වන www.investsrilanka.com වෙත පිවිසීමෙන් හා විද්‍යුත් තැපෑල වන [email protected] මගින් ඕනෑම අවස්ථාවකදී ලබා ගත හැකි බව ආයෝජන මණ්ඩලය කියා සිටී.

 



අදහස් (0)

‘‘සංචරණ සීමා යටතේ ආනයන කටයුතු පවත්වාගනෙ යනවා‘‘

ඔබේ අදහස් එවන්න

දියත

මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා
2024 නොවැම්බර් මස 07 99 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ


උසස් පෙළට දින දෙයි
2024 නොවැම්බර් මස 07 308 0

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 1235 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 07 365 0

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප


‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘
2024 නොවැම්බර් මස 07 680 0

දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර


ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 381 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 49 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1379 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site