IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සජිත් - අනුර විවාදය කොට උඩ

(සුජිත් හේවාජුලිගේ )

විවිධ කඹ ඇදීම්  හේතුවෙන් සමග ජන බලවේගයේ සහ ජනතාව විමුක්ති පෙරමුණේ නායකයන් අතර විවාදය පැවැත්වීම තවදුරටත්  අවිනිශ්චිතවී ඇතැයි වාර්තාවේ.

විවාදය සම්බන්ධයෙන් පක්ෂ දෙකේ නායකයන් විවිධ මත පළ කිරීම   එම  අවිනිශ්චිතතාව මතු වීමට ප්‍රධාන හේතුවක් බව   දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර සමඟ ජන බලවේගය යෝජනා කළ දින වලින් ආර්ථික කමිටු විවාදයට දෙන දින පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජාතික ජන බලවේගයෙන් ඉල්ලීමක් කර ඇත.

ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ විවාදය සම්බන්ධීකරණය කරන ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට ලිපියක් යොමු කරමිනි.

විවාද දෙක අතරින් ආර්ථික විවාදය පළමුව පැවැත්වීමටත් දෙවනුව නායකත්ව විවාදය පැවැත්වීමත් පිළිබඳ සිය ස්ථාවරය එලෙසම පවතින අතර  ආර්ථික කමිටු විවාදයට ලබා දෙන දිනය නොපමාව දැනුම් දෙන ලෙස එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති  මහතා පවසන්නේ විවාද සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය කිසිදු වෙනසක් නැති බවයි.

පළමු වනායකත්ව විවාදය පවත්වා ඉන් අනතුරුව ආර්ථික කමිටු විවාදය පැවැත්විය යුතු බව පක්ෂයේ ස්ථාවරය යැයි හඳුන්නෙත්ති  මහතා කිවේය.

විවාදයට නායකයන් දෙදෙනාම කර අරින තත්ත්වයක් පෙනෙන්නට ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති.

 



අදහස් (42)

සජිත් - අනුර විවාදය කොට උඩ

Achini Wednesday, 29 May 2024 06:13 PM

ජනපතිවරණයට ඉල්ලනකෙනා විවාද කරන්න ඕන නැත්නම් වටේ ඉනින ගොට්ටෝ නෙමෙයි නේ ගෝටාට බැරි හින්දානේ වටේ ඉන්න කට්ටිය ගොඩ ගියේ

:       247       116

Muthu Wednesday, 29 May 2024 06:27 PM

ඔය ආර්ථික කමිටුව ජුනි 6 වෙනිදායින් එහාට පැනගන්න හදන උප්පර වැට්ටියක්... ලෝකේ වාද කරන්නේ පක්ෂ නායකයෝ, එතැන ආර්ථික, දේශපාලන, නීතිය හා විනය, දූෂණ, වංචා පිටු දැකීම, වාද වෙනවා. වෙනම ආර්ථික කමිටු කියලා එකක් නෑ. අපේ මූලිකම කරුණ තමයි බිලියන ගණන් හොරා කෑ සල්ලි ගන්න විදිය. ඔවුන්ට දඬුවම් දෙන විදිය. ආර්ත්කේ වෙනම ගන්න බෑ. සම්පුර්ණ පින්තුරේ නැති වෙනවා...

:       239       135

Silva Wednesday, 29 May 2024 06:38 PM

වටේ යන්න දෙයක් නැහැනේ... පුතාණෝ කිව්වනේ එයා ඕනෑ එකකට කැමැතියි කියලා. NPP එක ආර්ථික කමිටු විවාදේ කරන්න කැමැති නැත්නම් නායකයි අතර විවාදේ කරන්න පුළුවන් නේ පුතානෝ තමයි පස්ස ගහන්නේ...

:       221       122

Bandara Wednesday, 29 May 2024 06:41 PM

මේ වගේ සෙල්ලම් වයසේ ඉන්න පොඩි ළමයි දෙන්නෙක් කොහොමද රටක් පාලනය කරන්නේ? විහිළු කාරයින් දෙන්නෙක් වගේ... දෙන්නාම කතාවෙලා රනිල්ගෙන් සිකියුරිටි ජොබ් එකකුයි, කම්කරු ජොබ්එකකුයි ඉල්ලා ගන්න...!

:       63       289

සමන් Wednesday, 29 May 2024 08:28 PM

බණ්ඩාර, ඔබ හරි මේ කයිය ණායකල රනිල්ගෙන් සිකියුරිටි හෝ කම්කරු රැකියාවක් ⁣ඉල්ල ගත්තොත් හොදයි. අනුරට නම් පිං කැටයක් හොලවන්න පුලුවන් නෙ.....

:       135       230

සමන්ලතාThursday, 30 May 2024 07:54 AM

බෙල්ලන් උඩ අතගාලා බලන්න සමන් මොනවා හරි තියෙනවා ද කියලා

:       200       27

Fairoos Wednesday, 29 May 2024 07:01 PM

අන්න ඒකට අපේ රනිල් ඕන අභියෝගයක් බාරගන්න ලෑස්තියි. හැබැයි ජනතාව තමයි කැමැති නැත්තේ...

:       21       230

බන්දු Wednesday, 29 May 2024 07:24 PM

සජබයට අවශ්‍ය හර්ෂ ලවා විවාදයක් කරලා ජාමේ බේරා ගන්න... එපමණයි...

:       141       210

shanthaWednesday, 29 May 2024 08:02 PM

බන්දු , හර්ෂ කියලා මොනවා විවාද කරන්නද ? රනිල් මහාබැංකුවට වැඩේ දෙද්දී රනිල්ගේ ආර්ථික උපදේශකයෙක් මිනිහා.ඔය හොරාකාපු සල්ලි වලින් කියක් හරි හර්ෂත් ගත්තා.එකයි මිනිහා ෆුට්නොට්ස් එහෙමත් දැම්මේ. හර්ෂට කොහොමත් කීර්තිමත් අතීතයක් නැහැ..ජනතාව කියන්නේ රස්තියාදු කාරයෙක් ' කියලා. එහෙම එකෙක්ව මාලිමාවේ ඉන්න මහාචාර්යවරු එකෙන්ම බ්ලාස්ට් කරලා දායි.

:       219       163

seneThursday, 30 May 2024 11:50 AM

පාරේ වැට්ලා ඉන්නකොට සුවසැරියෙන් රෝහලට ගෙනයනකොට හර්ෂව මතක් වෙවි .

:       0       1

Nandana Wednesday, 29 May 2024 07:31 PM

කැට තියලා කියන්නම් රනිල් එක්ක මුන් දෙන්නාටම බැ

:       84       229

නන්දලතාThursday, 30 May 2024 07:55 AM

නන්දන වින්දන තමා

:       3       147

පුරවැසියා Wednesday, 29 May 2024 07:43 PM

ඔය විවාදය කිසිදු වැදගත් දෙයක් නෙමෙයි ඕකෙන් වාසි ගන්න හැදුවේ වෙනත් පාර්ශවයක් කොහොම හරි තුන්වැනි පාර්ශ්වයක උවමනාවට සජබෙ විසින් විවාද යෝජනාවක් ජාජබ ට දැම්මේ ජාජබ අමාරුවේ දාන්න හිතාගෙන නමුත් පේන විදිහට ජාජබ ඒ ලණුව ගිල්ලේ නැහැ අන්තිම ට සජබෙට ම ඒ ලණුව ගිලගන්න උනා ඒකෙන් උනේ තුන්වැනි පාර්ශ්වය ට සතුටු ඇති ඒත් සජබෙ ඇන ගත්තා වගේ පේනවා

:       189       57

sujith Wednesday, 29 May 2024 07:45 PM

දැන් කව්රු විවාද කරත්, පිට රටින් ගත්ත ණය නොගෙවා ආර්ථිකය ඉදිරියට යන්ට බැහැ. ණය නොගෙවා සිටියොත්, තව වසර 100කට විදේශ ණය ගන්ට හම්බ වෙන්නේ නැහැ.

:       2       238

Kalum Wednesday, 29 May 2024 07:48 PM

ඕක නොකරන තරමට හොදයි..නැත්නම් සජිත්ටටඉතුරු වෙලා කියනඡන්ද වලින් තව ටිකක් අපේ ජනපතිට යනවා..

:       143       44

විජිත් Wednesday, 29 May 2024 07:49 PM

මුලින්ම අවශ්‍ය සජිත්ගෙයි අනුර කුමාරගෙයි විවාදය, ඒ ගැන තමයි මිනිසුන් බලාගෙන ඉන්නේ.ලෝකයේ කොහෙවත් ආර්ථික කමිටු වාද විවාද පවත්වන්නේ නැහැ නායකයින් දෙදෙනාගේ විවාදයට කලින්. ඡන්දය තියෙන්නේ ජනාධිපතිවරයෙක් තෝරාගන්න,එතකොට ජනාධිපති අපේක්ෂකයින් අතරෙයි විවාද තියෙන්නේ. තව එකක්..සජිත්ගේ ආර්ථික කමිටුවේ ඉන්න සමහරු හෙට අනිද්දා රනිල්ගාවට පනින්න බලාගෙන ඉන්නේ. තව ඔස්තාඩ් කෙනෙක් කියනවා එයා සජිත්ගේ ක්‍රමවේදයට කැමති නැහැ'යි කියලා ඒ ගොඩහේවා. විදේශවිනිමය වංචාවක් පිළිබඳව මිනිහාට ලොකු චෝදනාවක් තියෙනවා.සජිත්ගේ ඔය ඔස්තාද්ලා ඉන්නකොටම තමයි රනිල් මහබැංකුව කොල්ලකෑවේ..එහෙම මෝඩ ඔස්තාද්ලත් එක්ක ජාතික ජනබලවේගයේ උගතුන් විවාද කිරීමෙන් පලක් තියෙනවාද.

:       143       63

වීර Wednesday, 29 May 2024 07:52 PM

හොරු ටික හොදටම බය වෙලා..

:       115       48

රනේ Wednesday, 29 May 2024 08:21 PM

අපිට ඕන වඩා බුද්ධිමත් නායකයා හඳුන ගන්නයි .. පස්සෙ බැරියැ කමිටු කතන්දර.. අනේ අප්පිරියයි, සජිත්. ඔයා පස්ස ගහන බව හොඳටම පේනවා..

:       115       70

සෙනෙවිරත්න Wednesday, 29 May 2024 08:26 PM

ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයො මිසක් ඔය කියන ආර්ථික කමිටු විවාද අහල නැහැ. අපි දන්න තරමින් තියෙන ප්‍රසිද්ධ විවාදය ඒකයි. සජිත් පාරෙදි කියන්නෙ මම තමයි දන්නෙ මම වැඩ කරනව, මාත් එක්ක තරඟෙට වැඩ කරන්න කාටවත් බැහැ, විපක්ෂයේ ඉඳගෙන වැඩ කරන ලෝකෙටම එකම නායකය මමයි කියනවනේ ඉතින් තවත් කමිටු කාරයො මොකටද? ඔබ තුමාටම විවාදෙට ඇවිත් ඔය ටික පැහැදිලිවම කියන්න පුලුවන්නේ. පාසලක හයේ පන්තියෙ ළමයි ඉදිරිපිට කරනවට වඩා රටම දැනුවත්වෙයි ඔබ තුමාගෙ ප්‍රතිපත්ති ගැන එතකොට.

:       123       65

Udaya Wednesday, 29 May 2024 08:39 PM

ඔය දෙන්නට මුහුනට මුහුන විවාදයක් කරන්න ජවයක් නෑ රනිල් ඒකට ඔච්චර පුරසාරම් දොඩමින් මිනිස්සු රවටන් නෑ වයසට ගියත් කෙලින් කතා කෙලින් වැඩ පුලුවන්නනම් රනිල් මහත්මයත් එක්ක ඔය දෙන්නම බහින්න

:       42       180

KalumWednesday, 29 May 2024 11:55 PM

රැවටිලා ඉන්නේ කියලා තේරෙන්නේ නැති තරමට අන්ධ වෙලා...

:       0       0

නිහාල් Wednesday, 29 May 2024 08:54 PM

ඔන්න ගැටබෙර තරගයකට නම් සජිත් උදෙන්ම ඇවිත් ඉඳියි.

:       88       107

පිටිගල මිලානෝ Wednesday, 29 May 2024 09:23 PM

අනුරට සජිත් කියන්නේ හෝඩියේ ළමයෙක්. අපිත් මේ පුවත් බල බලා කාලේ කනවා….

:       125       61

Don perea Wednesday, 29 May 2024 09:50 PM

ගෝඨාභය දෙවැනි රැල්ල ‘අනුර‘ මේවගේ ගොන්නු ඉන්න රටක්...

:       0       1

අරවින්ද මොනරවිල Wednesday, 29 May 2024 10:16 PM

සජබ ආර්ථික කමිටුවේ ඉන්නේ 2015 ඉදලා 2019 වෙනතුරු රට පාලනය කරලා ජාත්‍යන්තර ස්වෛරී බැදූම්කර වෙළඳපොළ වලින් ඩොලර් බිලියන 12.5ක් ගිනි පොලියට ණය ගත්ත හම්බන්තොට වරාය චීනයට විකුණලා ඩොලර් බිලියන 1.3 අරගෙන අදටත් ඒ මුදලට වෙච්ච දෙයක් හොයා ගන්න බැරි වෙන්න වැඩ දුන්න, ඇවිල්ලා මාස තුනෙන් මහ බැංකුව ගේම දුන්න, ඩොලර් බිලියන හතලිහක්ව තිබුණ රටේ සමස්ත ණය බර වසර හතරාමාරකට ඩොලර් බිලියන අසුව දක්වා වැඩිකළ රට ණය උගුලක හිර කළ තක්කඩි රැලක්. එවුන් එක්ක විවාදයට ජාතික ජනබලවේගයේ නලින් හේවගේ විතරක් ආවත් ඇති තුන් දෙනාගේ කරටි කඩන්න.

:       1       0

chathuranga Wednesday, 29 May 2024 10:39 PM

මේ විදිහටම තමයි සජිත් ඡන්දෙ දිනුවොත් ඉන් පස්සේ අපට කොකා පෙන්නලා මාරු වෙන්නෙත්. කයිවාරුකරුවෙකුට ඡන්දෙ දීලා පස්සෙ වැලපෙන්න වෙනවා. එයා වටේට ඉන්නෙත් එහෙට මෙහෙට පනින පරණ හොරු ටිකයි. යුධ ආයුධ ගණදෙනුවලට සම්බන්ධවන හමුදාවේ ලොක්කෝ ටිකකුයි.

:       0       0

Sarath wiyekon Thursday, 30 May 2024 07:05 AM

දෙදෙනාම සුබසාධන කටයුතු ගැන කියනවා මිස රටේ ආර්ථිකය ගැන කිසිම දෙයක් ගැන කතාවක් කරනවා අහල නැහැ ආර්ථිකය ශක්තිමත් නොකර රටේ සංවර්ධනය කරන්නෙ කොහොමද පක්ෂ දෙකේම එහෙම බව පේනවා ගෝඨාභය වගේ සල්ලි අච්චූගහල වැඩ කරන්න බැහැ වතු හා ඇගලුම් ක්ෂේත්‍රයේ ද සංචාරක කර්මාන්තයේ හා විදෙස් රැකියා අංශය මගින්ම ආර්ථිකය ශක්තිමත් කරන්න බැහැ රටේ තාක්ෂණය හා කර්මාන්ත දියුණු කරන්න ඕන ඉතින් එහෙම දෙයක් ගැන නොනොකියන දෙන්නෙක් මොනවා ගැන වාද කරන්නද?

:       6       149

Kazi Shajahan Thursday, 30 May 2024 07:37 AM

දැන අපිට නම් තේරුම් ගන්න පුළුවන් දෙගොල්ලෝ කයිවාරු විතරයි වගේ... කරන්දඩ යන වැඩ පිළිවෙල ගැන ජනතාව කියන්ඩ දෙගොල්ලන්ටම බැ වගේ

:       2       127

Saman Thursday, 30 May 2024 08:11 AM

වැඩි වෙනසක් නෑ මේ දෙන්නාගේ. දෙන්නාටම පචකාරයෝ.. වෙනසට තියෙන්නේ එක්කෙනෙක් වැඩ බැරිදාස කියලා ඔප්පු කරලා තියනවා.. අනික් කෙනා ඒක ඔප්පු කරන්න වරම් ඉල්ලනවා

:       9       131

පුරවැසියා Thursday, 30 May 2024 09:34 AM

රනිල් දීපු ගුල්ලෝ ගහපු හාල් කාපු කොමෙන්ට් බළකාය වැඩට බැහැලා වගේ හහ් හහ් හා

:       134       18

Asanga samantha Thursday, 30 May 2024 10:15 AM

මේ දෙන්නම ජෝකර්ලා

:       7       114

wedage Thursday, 30 May 2024 10:34 AM

රනිල්ගේ ප්ලෑන් එක වරදින්නයි යන්නේ

:       124       6

ලලිත් පුෂ්පකුමාර Thursday, 30 May 2024 10:36 AM

" විවිධ කඹ ඇදිම් " කියලා එකක් නෑ සජිත් දීපු දිනේට අනුර ඕකේ.. සජිත් භයේ පැනලා යනවා.

:       98       13

gayan Thursday, 30 May 2024 11:57 AM

ටී වී වැඩසටහනකට වත් එන්නේ නැති සජිත්.විවාද වලට් කොහොමත් එන්නේ නෑ .

:       0       0

chinthaka Thursday, 30 May 2024 12:06 PM

කොහෙවත් නැති රනිල් ගේ ගොට්ටන්ගේ කමෙන්ට් බලපල්ලකො

:       0       0

Deep Bandara Thursday, 30 May 2024 12:23 PM

හොරු ද මිනී මරුවොද රට පාලනය කරන්නේ ... මහා විවාදය... මේවට මුල් තැනදෙන ජනතාවයි ගොන්නු...රටේ ප්‍රශ්න නැතුවට...

:       0       0

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Thursday, 30 May 2024 01:16 PM

ඔය දෙන්නම එනවද , පුලුවන් නම් අනික් සියලු පක්ෂව නායකයින් අපට ඇහුම් කන් දෙන්න. මැතිවරණයට පෙර අපිට ගොඩක් දේ තියෙනවා නිරාකරණය කර ගන්න. මොකද අපි දැන් පොතක් ලියන්නයි හදන්නේ. පොතේ නම මහජන දේපොල සොරගනිම්න් අනාගත පරපුරේ උරුමය විනාශ කළ අපේ කාලයේ දේශපාලකයෝ. අපි ගොඩක් විස්තර දන්නවා.ආර්ථික පශ්න වලට නියම විසදුම අපි කියන්නම්. පුලුවන් නම් ඔය බොරු වැඩ එපා. කවුරුත් එකට ඉදල අපෙන් අහන්න මොකද කරල තියෙන්නේ කියලා. අපේ ගමේ පන්සලේ බුදුපිළිම ගණ්ඨාර මේස ග්ලෝබ් හොරකම් කරපු එකා තමයි ගමේ මල ගෙයක් වුණහම මිනීපෙට්ටිය පවා දෙන්න. දේශපාලකයෝ කරන්නෙත් ඒකම තමයි.

:       54       97

nalin Thursday, 30 May 2024 02:13 PM

සජිත්ට කිසි දැක්මක් නෑනෙ, අනික අනුර වගේ කෙනෙක් එක්ක එයාගේ දැක්ම කියන්න ගියොත් තියෙන ඡන්ද ටිකත් නැතිවෙනව කියන එක ඒ පක්ශෙ ඉන්න අයට බයයි. ඒක හින්ද කොහොමත් සජිත්ව ඕකට එන්නෙ නෑ. බලන්නකො අර වීඩියෝවලින් තියෙන සමීක්ෂණ වලදි සජිත්ට කියල කියන ගොඩක් අය නිකන් නූගත් පාට අයනෙ වැඩි හරියක් ඉන්නේ. රට තොට ගැන දන්න ගොඩක් දෙනෙක් සජිත්ව ප්‍රතික්ශේප කරනව. ඒකට හේතුව සජිත්ගෙ තියෙන්නෙ තියෙන කෙනාගෙන අරගන නැති කෙනාට දෙන්න ඕනෙ කියන දේශපාලන දැක්මක්. ඒක දැන් රටට හරියන්නෙ නෑ.

:       79       3

Buddika Thursday, 30 May 2024 03:52 PM

පැහැදිලිවම අනුර විවාදයට ,කතාවට දක්ශයෙක්.කතා කරද්දි ඉතා නිවැරැදි ලෙස පිළිවෙළකට කරුනු දක්වනව. සජිත් කතවට වගේම වැඩට අතිශයින්ම දක්ශයෙක්.විවේචනය අනුර වගේ කරන්නෙ නෑ.මේ රටට ඕනි කතවට දක්ශ අනුර වගේ විවේචකයෙක් නෙවෙයි වැඩට දක්ශ සජිත් වගේ වැඩකරුවෙක් ඔනි.අනුරට බෑ සජිත්ගෙ පලාතකින්වත් වැඩකරන්න.අනුර කරන්නෙ බැන බැන වටේ දුවන එක.සජිත් කරන්නෙ වැඩ කිරීමයි.අනුර ආවොත් මේ රට මාස 6ක් යද්දි කන්න නැති රටක් වෙනව සිකුරුයි.තවත් මියන්මාරයක් වීම වළක්වන්න බෑ.අද අනුර හොදයි කියන මිනිස්සුම තමයි එදා ගෝටාබය ගෙනාවෙත්.තාප්පවල චිත්‍ර ඇන්දෙත් ඒ මිනිස්සුමයි.මහින්ද ගෙන්න මුක්කුව ගැහුවෙත් ඒ පිරිසමයි.අද මේ කරන්න හදන්නෙත් ඒ දේමයි.ඊට වඩා රනිල් ඉන්න එක හොදයි

:       0       0

විජිත් Thursday, 30 May 2024 04:33 PM

දවසේ කුලියට නෙගටිව් කොමෙන්ට්ස් දමන නපුන්සකයෙක් සිටින බව නැවතත් පෙනෙනවා.මම මිනිහාගේ IP එඩ්රස් එක හොයාගන්නයි මේ උත්සාහකරන්නේ.බලමු..

:       24       2

Che Thursday, 30 May 2024 07:09 PM

වාදයට ගොස් හෝ නොගොස් මාලිමාව සිය ආර්ථික ප්‍රතිපත්ති රටට ඉදිරිපත් කළ යුතුයි.

:       0       0

නිදහස් අදහස් Thursday, 30 May 2024 08:01 PM

සජිත්ට අනුර වගේ අදහස් පිලිවෙලට ඉදිරිපත් කරමින් කතා කිරීමේ දක්ෂතාවය නැහැ. එනිසා සජිත් විවාදයට එන්නෙ නැහැ. සජබ ආර්ථික කමිටුව තරම් ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව පරිණත නැහැ. ආර්ථික වැඩ පිලිවෙල අපහැදිලිය. එනිසා ආර්ථික විවාදයට ජන බලවේගය එන්නෙ නැ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දින 7කට පසු පස්සර-බිබිල පාර විවෘත වෙයි
2024 නොවැම්බර් මස 24 9 0

පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල


රනිල් ප්‍රාණ ඇපයට ගන්න කාටවත් බෑ
2024 නොවැම්බර් මස 24 55 0

රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.


පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අංකයක්
2024 නොවැම්බර් මස 24 87 0

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.


ලක්ෂ 90 ක විදෙස් දුම්වැටි ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 නොවැම්බර් මස 24 65 0

රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


නීතීඥවරියගේ කෝටි එකහමාරක මුදල්-රන් කොල්ලකෑ මෙහෙකාරිය ඇතුලු 2 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 24 242 0

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන


හම්බන්තොට ගොවීන්ට පොහොර සහනාධාරය තවමත් නැහැ
2024 නොවැම්බර් මස 24 131 0

මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2021 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site