(නිමල කොඩිතුවක්කු)
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ දී සිදු විය.
ළඟම අසල්වැසියා වන ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ආධාර, උපකාර සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමන බවත් සියවස් ගණනාවක් පුරා දෙරට අතර තිබූ ඒ මිත්‍රශීලීත්වය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වා ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත එහිදී පැවසීය.
සමගි ජන බලවේග රජයක් තුළ ද ඉන්දියාව සමඟ ඇති ඒ අන්තර් සම්බන්ධතාව නොවෙනස්ව පවත්වාගෙන යන බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති සඳහා මෙන් ම සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ඉන්දීය රජයෙන් ඒ ලැබුණු දායකත්වය කිසිදා අමතක නොකරන බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. ඉන්දීය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ඉන්දියාවේ මෙන් සුහුරු අධ්‍යාපනයක් හා නව ලොවට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ ද නිර්මාණය කිරීම තම අරමුණ බවයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සජිත් - ජයශංකර් හමුවක්
chandima Thursday, 20 June 2024 07:52 PM
ඒ ඇරෙන්න මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ එන්න විදිහක් එහෙම සාකච්ඡා කරන්න තරම් දැනුමක් තිබිලා නැහැ වගේ..
අරවින්ද මොනරවිල Thursday, 20 June 2024 08:19 PM
ජයශංකර් තවම කල්පනා කරනවා ඇති සජිත් කිව්වේ මොනවද කියලා
amila Friday, 21 June 2024 01:02 AM
ජයශංකර්ට හිතෙන්න ඇති නියමෙට අන්දවලා ලණුව දාන්න පුළුවන් බුවෙක් කියලා
වෙත්තමුණි Friday, 21 June 2024 12:51 PM
අසෝක් ලේලන්ඩ් බස් එකක් ඉල්ලන්න ඇති අනිවාර්යයෙන්ම. රටක් දියුණූ කරන්න තරම් ලොකු ලොකු අදහස් නැතිපුතානේ.