(සුජිත් හේවාජුලිගේ )
මාතර තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පැවැති සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම්වලට සහභාගි වී කතා පැවැත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතාට ජාතික රූපවාහිනියෙන් සහ ජාතික ගුවන්විදුලියෙන් නොමිලයේ වෙන් කෙරුණු ගුවන් කාලය මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයෙන් අත්හිටුවා ඇත.
ඔහු වෙනත් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් කොමිසම මෙම පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ගුවන් කාලය දිය නොහැකි බව එම මාධ්‍ය ආයතනවලින් තමාට දැනුම් දුන් බවයි
පටිගත කෙරුණු තමාගේ කතා කිහිපයක් රූපවාහිනියේ මීට පෙර විකාශනය වූ බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා පටිගත කෙරුණු තවත් කතා කීපයක් විකාශනය කිරීමට නියමිතව තිබූ බවද සඳහන් කළේය.
මැතිවරණ නීතිය කඩ නොකළ තමා කළේ ජනතාවගේ ඉල්ලීමක් ඉටුකිරීම පමණක් බවද ප්‍රේමසිරි මානගේ මහතා කීවේය.
තමා නීතියට ගරු කරන පුද්ගලයකු බවත් ගුරු වෘත්තියේ නියැලෙන පුත්‍රයා තමා ජනාධිපති අපේක්ෂකයකු හෙයින් ඡන්ද රාජකාරී කටයුතුවලින් පවා පසුගියදා ඉවත්වූ බවත් ඔහු සඳහන් කළේය.
වෙනත් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා මානගේ මහතාට අවවාදයක්ද කර තිබිණ.
වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ඕනෑම අපේක්ෂකයකුට ජාතික රූපවාහිනියන් සහ ජාතික ගුවන් විදුලියෙන් දෙන ගුවන් කාලය අත්හිටවන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සජිත්ගේ රැලියට නැග්ග මානගේට ‘ගුවන’ තහනම්
ලුම්බිණි Monday, 16 September 2024 06:06 AM
මුන්ට පිස්සු .
ප්‍රේමසිරි Monday, 16 September 2024 07:37 AM
පුත්‍රයා පියා ජනාධිපති අපේක්ෂක නිසා මැතිවරණ රාජකාරි වලින් ඉවත්වුනා කියන්නෙ කොහොමද එහෙම අයට අනිවාර්යයෙන් මැතිවරණ රාජකාරි කරන්න දෙන්නෙ නැහැ ප්‍රේමසිරි උඋන්නැහේ මැතිවරණ නීති අනෙක් අයට වගේම තමුන්ගෙ පුතාටත් අදාලයි මැතිවරණ රාජකාරි සදහා නිළධාරි සංගණන අයදුම්පතේ අහනවා ඔබේ කිසිවෙක් මැතිවරණය සදහා අපේක්ෂක කෙනෙක් හැටියට ඉන්නවද කියලා ඒකට ඔව් කියලා ලිව්වම ඔහු රාජකාරි වලට ගන්නෙ නැහැ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වුනාම ලැබෙන නියෝජිතයන් පත්කිරීම ඇතුළු වරප්‍රසාද සියල්ලමත් මොහුට නොදෙනවා නම් හොදයි මැතිවරණ කොමිසමේ අවධානයට යොමුවේවා
Perera Monday, 16 September 2024 09:04 AM
තමුන්ව ප්‍රවර්ධනය කරගන්න මෙහෙම එවුන්ගේ සහය පතන එකම ඇති සජිත්ව ප්‍රතික්ෂේප කරන්න