IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සජිත්ට ජීවිත තර්ජන: වැඩි ආරක්ෂාවක් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ)

විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් ඇති බවට  විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති හෙයින්  ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ විපක්ෂ නායකවරයාගේ ලේකම් නීතිඥ  තිසත් විජේගුණවර්ධන යන මහත්වරුන්  කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතා හමුවී ඉල්ලීමක් කර ඇත.

මේ අනුව කතානායකවරයා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පසුගිය 12 වැනිදා කැඳවා මේ පිළිබඳව දීර්ඝව  සාකච්ඡා කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

කෙසේ වෙතත්  එවැනි තර්ජනයක් ගැන තමාට වාර්තා වී නැතැයි  පොලිස්පතිවරයා එහිදී  පැවසූ බව දැනගන්නට ඇත.

මේ අවස්ථාවේදී කරුණු දක්වා ඇති විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන්ද බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදී සමහරුන්  එදා ප්‍රකාශ කළේද මෙවැනි කතා බව  ප්‍රකාශ කර ඇත.

මෙම තර්ජනය ගැන දැන ගන්නට ලැබීමෙන් පසු විපක්ෂ නායකවරයාගේ ලේකම්වරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ පොලිස්පතිවරයාට ලිපි කිහිපයක් පසුගිය කාලයේදී යොමු කර ඇතත් ඒවාට පිළිතුරක්  හෝ  නොලැබුණු බවද  විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඉන්දියාවේ ගුජරාටියේදී අත්අඩංගුවට ගත්  අයිඑස් ත්‍රස්තයන් පිරිසක් විපක්ෂ නායකවරයාට ඇති මෙම තර්ජනය ගැන අනාවරණය කර තිබූ බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මෙම තර්ජනය සම්බන්ධයෙන් සොයා බලා විපක්ෂ නායකවරයාට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන්නැයි  අනතුරුව කතානායක මහින්ද  යාපා අබේවර්ධන  මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

විපක්ෂ නායකවරයාට ඇති තර්ජනය පිළිබඳව වාර්තාවක් වහාම කැඳවා ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පතිවරයා එහිදී දැනුම් දී ඇතැයි  දැනගන්නට ඇත.



අදහස් (11)

සජිත්ට ජීවිත තර්ජන: වැඩි ආරක්ෂාවක් ඉල්ලයි

Tikiri Tuesday, 16 July 2024 06:14 AM

දැන් දැන් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ඇතුළු ආයතනවල ලිපියක් ලියන්න දන්න කිසිම කෙනෙක් නැහැ. තුන්දා නීතිය හත්දා නීතිය කියන්නෙ මොකක්ද කියලවත් දන්න කෙනෙක් නැහැ. කාර්‍යාල පරිපාලනය සම්පූර්ණයෙන්ම බිද වැටිලා තියෙන්නෙ .ගෝඨාභය ජනාධිපති වුනාට පස්සෙ තමයි ආයතන සංග්‍රහයේ ලිපියක් ලියන්න අවශ්‍ය ආකාරය දක්වා තිබුනත් ඒවා දන්න දෙපාර්තමේන්තු ප්‍රධානීන් වුනත් ඉතාමත් අඩුයි. මෑතකදී කෙනෙක් කිව්වා ඔහු අසනීප වෙලා නිවාඩු ඉල්ලුම් පත්‍රය හා වයිද්‍ය සහතිකය දුන්නම නිවාඩු ඉල්ලා ලිපියක් දෙන්නත් කිව්වලු .නිවාඩු ලැබූ අය ආයතන සංග්‍රහයේ එහෙම නැහැ කිව්වම ආයතන සංග්‍රහය කියන්නෙ මොකක්ද ඇහුවලු. ඔන්න ඔහොමයි වර්තමානයේ රජයේ සේවයේ තත්වය සජිත් මැතිතුමා ජනාධිපති වුනාම වත් රජයේ සේවය කාර්‍යක්ෂමතාවය ඇතිකරාවි කියලා අපි බලාපොරොත්තුව ඉන්නවා

:       24       7

අරවින්ද මොනරවිල Tuesday, 16 July 2024 08:10 AM

අනේ ඔව් මුලු ත්‍රිවිධ හමුදාවම දාල හරි ආරක්ෂා කර ගන්න ඕනා සුපිරි විපක්ෂ නායකයෙක් මෙයා, කවුද අප්පා ගැරඬි මරලා පවු පුරෝගන්න හදන මෝඩයා.....

:       13       43

Chandra Tuesday, 16 July 2024 08:25 AM

ඇත්තටම පොළොවෙන් ලැබුණු බොහෝ වටිනා වස්තු ලග තිබෙන නිසා මේ තර්ජන තිබෙන්න පුළුවන් . රටේ සම්පත් ආරක්ෂා කිරීම සැමදෙනාගේම වගකීමක් .

:       6       39

Gunendra Tuesday, 16 July 2024 09:40 AM

මිනිසුන්ගේ සල්ලි නාස්ති නොකර ගෙදරට වෙලා ඉන්න.

:       4       31

Chinthaka Tuesday, 16 July 2024 10:06 AM

වහාම ආරක්ෂාව සපයන්න, නැතිනම් මේ රටට ප්‍රවීන විකට ශිල්පියෙක් නැතිවෙනවා ,ටෙනිසන්, ෆ්‍රෙඩි ,නැති අඩුව පුරවන්න ඉන්නේ මේ හාදයනේ

:       4       39

යෝගා Tuesday, 16 July 2024 10:27 AM

කන ගාවින් යන්න තමන්ටම වෙඩි තියව ගනියිද දන්නෑ. එහෙව් ඩයල් එකක්.

:       1       9

T j weragal Tuesday, 16 July 2024 11:14 AM

අයියෝ අපේ සල්ලි නාස්ති කරන්න එපා

:       2       6

End Game Tuesday, 16 July 2024 11:21 AM

නිධන් හොරු අතර ගැටුමක් ඇති වෙලාද? පිස්සෝ අතර ගැටුමක් ඇති වෙලාද?

:       1       8

Hafeel Tuesday, 16 July 2024 01:37 PM

එම විදෙස් බුද්ධි සේවාගේ නම කුමක්ද? කොයි රටටද? මෙම වාර්තාව ගන්න කොච්චර මුදල් වියදම් කලාද කියලත් සොයා බලන්න ඕනේ.

:       1       9

Hafeel Tuesday, 16 July 2024 01:40 PM

අනේ කිරිඇල්ල සීයේ. එදා පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු ලැබුණු බලයේ හිටියේ ඔයාලා බව දන්නා නැද්ද?

:       1       11

වීරවිජේ Tuesday, 16 July 2024 05:43 PM

මේ මිනිහාට මනෝ විකාර.. ඒ පාර ට්‍රම්ප් නාට්ටිය රඟ දක්වන්න. කරුණාකර මේ මනුස්සයාව තවත් මහජන මුදල් කාබාසිනියා කරන්න ඉස්සෙල්ලා පිස්සන්කොටුවට දාන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3704 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2711 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3510 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3227 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 715 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1403 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36117 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24134 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site