IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සජිත්ලා සන්ධාන ගත වෙයි

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (05) එළි දැක්වීය.

සමගි ජන සන්ධානය ලෙස එළිදැක්වුණු නව සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුමකට ද එහිදී එළඹීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර සහ  නිදහස ජනතා සභාවේ මහචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රමුඛ කණ්ඩායම සමඟ ඊට අදාළ ගිවිසුම් ගතවූහ.

ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා,  නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස් කුමාරසිරි යන  මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)

 



අදහස් (30)

සජිත්ලා සන්ධාන ගත වෙයි

Jayasekara Friday, 05 April 2024 12:36 PM

පොඩි කාලේ සෙල්ලම් කරන කොට... පිල බෙදාගන්නකොට යූ...

:       8       33

චන්දනFriday, 05 April 2024 01:01 PM

ජයසේකරට අවුල් වගේ නේද?

:       5       19

JayasekaraFriday, 05 April 2024 02:41 PM

කිසිම අවුලක් නැහැ මටනම්... නමුත් ඔයවගේ සන්ධාන ගහපු කී දෙනෙක් අපිව රැවැට්ටුවද පහුගිය අවුරුදු ගාණෙම... මොවුන් සන්ධානගත වෙන්නේ ඡන්දෙදී ගොඩ වැඩි කරගන්න මිසක්... නැතිව අපි ගැන හිතලා නෙවෙයි...!

:       1       29

Jayasekara Friday, 05 April 2024 12:37 PM

පොඩි කාලේ සෙල්ලම් කරන කොට... පිල බෙදාගන්නකොට ‘‘උච්චි උච්චි තෝල් තෝල්‘‘ කියනවා මතක් වුණා...

:       5       29

Buddika Friday, 05 April 2024 01:06 PM

උණුසුම් සුබ පැතුම්. ජය වේවා! ආණ්ඩු තිබ්බත් නැතත් මිනිස්සුන්ට වැඩ කරන මේ පාර්ලිමේන්තුවේ ඉන්න එකම නායකත්වය සජිත්... සජිත් සූරියවැව කොට්ඨාසයේ සංවිධායක වෙලා ඉන්න කාලේ සිටම මිනිස්සු වෙනුවෙන් වැඩ කළා. අද ජනාධිපති වෙනවාමයි කියලා මුහුණු පොතෙන් ඡන්දෙ දින්න මිනිස්සු එදත් කළේ වේදිකා උඩ නැගලා අනිත් අයට බනින එක. අද කරන්නේත් ඒක. ඒ හැර මිනිස්සු වෙනුවෙන් කරපු වැඩක් නෑ. මේ නිසා දුප්පත් මිනිසුන්ගේ දුක දන්නා මේ නායකයා මේ රටේ නායකත්වයට පත්විය යුතුමයි...

:       62       9

anishanthaFriday, 05 April 2024 06:15 PM

ඔබ කියන දේවල් කොහොම අහක දාන්නද? හොඳ වැඩකාරයා, රටේ ආර්ථික ප්‍රශ්නය අවසන් කරන්න නංගිත් එක්ක එකතුවෙලා හොරසල්ලි ගහනවා, බොහෝම මහන්සිවෙලා නිධන් කැඩුවා. ඔයාලගේ හාල් අපිට එපා " කියලා ගිය ගැහැණු අය කෙලින්ම ගියේ මාලිමාවේ හෝමාගම රැස්වීමට...

:       4       20

චන්දිමFriday, 05 April 2024 07:35 PM

නන්ගිවත් සල්ලි අච්චු ගහලා නෑ. අච්චු ගහපු එක පිළිගත්තු සහ ඒ මනුස්සයාට නීතිය දඬුවම් කළා. ඒක දැන දැනත් සජිත්ට ගහන්න ඒ එකම කියන්නේ 88,89 දි රට ගිනිතියපු, මිනිස්සු මරපු, කප්පම් ගත්ත ජ්විපේ. පුළුවන්ද නෑ කියන්න. කව්ද ගෝඨාභය, මහින්ද බලයට ගේන්න දරදිය ඇද්දෙ‘? ජ්විපෙ...

:       3       0

Sharm Saturday, 06 April 2024 07:21 AM

ඔයාට බුද්ධික කියලා නම දැම්මේ කවුද?

:       0       0

Kumara Friday, 05 April 2024 01:08 PM

හොරු සමග හෙළුවෙන්...

:       6       43

sam Friday, 05 April 2024 01:18 PM

මේ ගොල්ලෝ ඊළඟට සංධානගත වෙන්නේ යූ ඇන් පී එක සමගයි.

:       6       39

Sampath perera Friday, 05 April 2024 01:44 PM

මොවුන් දෙගොල්ලන්ට මම අවුරුදු ගාණක් ඡන්දෙ දුන්නා නම්.. තමා රට කාපු හොරු මෙදා පාර මාලිමාවට ඡන්ද දීලා බලමු වෙනසක් කරන්න...

:       11       44

ChandhanaFriday, 05 April 2024 02:55 PM

ආහ්... මාලිමාවට දෙමුද කියන්නේ? NIC එකවත් පරිස්සම් කරගන්න බැරි වෙයි. අත, කට විතරක්ද කැපුවේ නේද?

:       34       10

Sharm Saturday, 06 April 2024 07:22 AM

හැබැයි ටයර් සෑයේ නිර්මාතෘ කවුද කියලා අමතක කරන්න එපා...

:       0       1

නිමල්Friday, 05 April 2024 05:33 PM

අද මිනිස්සු අඩුම වේල් දෙකක් අමාරුවෙන් හරි කනවා. ඒත් මාලිමාව ආවොත් එහෙම කන්නවත් බැරිවෙයි. ස්ටේජ්වල උගුර කඩාගෙන කෑගහනවාට වඩා, පාරේ බැහැලා පෙලපාලි යනවාට වඩා රටක ආර්ථිකය හැසිරවීම බොහෝ වෙනස්. ජාතික ආදායමෙන් 90% ට වඩා ගත්තු ණයවල පොලිය විතරක් ගෙවන රටක් මේක... imf ණය ගෙවන්නේ නෑ කියලා මාලිමාවේ වෙන්න ඉන්න මුදල් ඇමැති කියලා තිබ්බා. ඒකද ආර්ථිකය? ඒකද ආර්ථික දැක්ම? උඩුකය නිරුවත් කාන්තා පෙලපාලි ගිහින්ද සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා කිව්වේ? මාලිමාවට වඩා රනිල් නම් හොඳයි... සජබෙට ජයවේවා...!

:       17       2

Sharm Saturday, 06 April 2024 07:25 AM

ආවොත්? දැන් ආව අය තුන්වේල එක වේලට බස්සන එකත් ඔයාට හොඳයි ද? ඔය වහල් මානසිකත්වයෙන් එළියට එන්න බැරි නම් අඩු ගානේ ගොබ්බ ජෝක් දාන්න එපා.. ගෙදර මිනිස්සු ඇඳුමක් ඇඳගෙන පාරේ බැහැලා යන්න එපැයිද?

:       1       0

Prabha Friday, 05 April 2024 02:01 PM

ගෝඨවත් එකතු කරගත්තා නම් සන්ධානය සර්ව සම්පූර්ණයි

:       7       38

විජිත් Friday, 05 April 2024 04:11 PM

හොරුන් ආරක්ෂා වෙන්න නම් හොර රැලක් වෙතම යන්න ඕනෑ. ලබන මාසේ වෙද්දී මැදමූලන සුනාමි හොරු නොහොත් සාටක හොර රංචුවත්, අවසානයේදී බැංකු හොරු කණ්ඩායමත් මේ හොරු සමග එකතු වෙනවා. එතකොට රටේ මහජනතාව තීරණය කරයි ඒ ගොල්ලෝ ප්‍රගතිගාමී " හොරුන්ට " ඡන්දය දීලා අවුරුදු 76 ක්ම සිදුවුණු ආකාරයට ආයෙත් වතාවක් රැවටෙනවාද, නැතිනම් ප්‍රගතිශීලි " ජාතික ජන බලවේගයට" ඡන්දය දීලා වාසනාවන්ත රටක් හදන්න දායක වෙනවාද කියලා. මාලිමාවට ජයවේවා !!!

:       2       16

අමල්Saturday, 06 April 2024 09:04 AM

මාලිමාව භංග වේවා! සජබෙට ජයවේවා..!!!

:       1       0

Ravin Friday, 05 April 2024 04:16 PM

මෙය හොඳ ප්‍රවණතාවයක්. දැන් අපේ රටේ බුද්ධිමත් ජනතාව තේරුම් ගනීවි මොවුන් කවුද කියලා. ජාතික ජනබලවේගයට අනිවාර්යයෙන්ම විශිෂ්ට ජයග්‍රහණයක්...!

:       2       12

DunimalFriday, 05 April 2024 07:31 PM

Npp එක භංග වේවා...!

:       1       0

chandani Friday, 05 April 2024 04:24 PM

නියමයි නිධන් හොරුයි, හොරසල්ලි කාරයෝයි, තඹ හොරුයි, විදේශ විනිමය හොරුයි. ඔක්කෝම සුදු ඇඳගෙන එකතුවෙලා. නමුත් ඔබලාගේ කළු අතීතය වහන්න බැහැ. ඡන්දෙ දාට මහජනයා ඔබලාට සුදුසුම තීරණය දෙයි. පුතානෝට ආයෙත් වතාවක් යාල කැලේ දිවියන් බලබලා, ස්ට්‍රෙස් වලට දෙන පෙති බිබී මාසයක් හැංගිලා ගතකරන්න කාලයක් ළඟදීම එනවා.

:       1       13

චන්දිමFriday, 05 April 2024 07:05 PM

ඔව් නේද චාන්දනී. ඔයා කිව්වා වගේම මිනිස්සුන්ගෙ හැඳුනුම්පත් එකතු කරගෙන, මිනිස්සුන්ගෙන් කප්පම් අරගෙන අත, කට කපලා, මිනිස්සු මරලා, ඒ මිනී දනිස්සෙන් පහල එල්ලන් ගිහින් ආදාහනය කරන්න නියෝග කරලා, බස්, ට්‍රාන්ස්ෆෝමර්, ගොවිජන මධ්‍යස්ථාන ගිනිතියලා, රට බේරාගන්න ඉන්න හමුදාවට අස්වෙන්න කියලා කියපු අය බලේට ආවාම කොයිතරම් ශෝක්ද නේද?

:       11       2

Sharm Saturday, 06 April 2024 07:28 AM

පස්ස පැත්තෙන් කටු කම්බි යවලා.. ඇණ මුරිච්චි ගිල්ලවලා.. කන්වලට පරාල ඇණ ගහලා.. පෑන් බට ඇනලා.. ටයර් සෑයේ දාලා... නේද?

:       0       1

shantha Friday, 05 April 2024 05:23 PM

ජාතික ජනබලවේගයේ ප්‍රබල පිබිදීමට මුහුණ දෙන්න අපහසු බව දැනගෙන හොරු, අපරාධ කාරයෝ, මිනීමරුවෝ.. ඔක්කොම එකතු වෙනවා. වැඩක් නැහැ... ඔය සෙල්ලමෙන් වෙන්නේ තියෙන දේවලුත් නැති කරගැනීමයි. දැන් රටවැසියන් දන්නවා " මොවුන් ඔක්කෝම යාලුවෝ මල්ලි.. " කියලා. මේ ඉල්ලන් කෑමක් !!! ඇදගෙන නෑමක්.. !!!

:       0       14

නිමල්Friday, 05 April 2024 07:38 PM

අන්කල් ටිකක් අමාරුවෙයි නේද?

:       0       1

Jayantha Friday, 05 April 2024 05:24 PM

සජිත් මේ රටේ ජනාධිපති විය යුතුමයි. හොරකම් නැති නායකත්වයක්. කට විතරක් නෙවෙයි වැඩත් එදා ඉඳලාම කරන දුක දන්නා කෙනෙක්. ස්ටේජ් උඩ නැගලා මඩ ගහණ මිනිස්සුන්‍ට වඩා සජිත් මේ රටට වටිනවා. අපුර ෆේස් බුක් ජනාධිපති එපා...

:       12       3

රාලහාමි Friday, 05 April 2024 05:26 PM

හොරු සහ හොරු !!! තව හොරු අඩුයිනේ. කෝ හොර මයිනෝ? හොර කපුටෝ? මහබැංකු හොරා?

:       2       11

සාලහාමීSaturday, 06 April 2024 09:44 AM

මෙතෙන්ට අර 88,89දි මිනිස්සුන්ගෙන් කප්පම් ගත්ත, මිනීමරුවොත් ඕනි නේද රාල?

:       0       0

k.mc. bandaraSunday, 07 April 2024 02:52 PM

මේ පටන් ගැන්ම තව ඉස්සරහට මේ රට විනාස කරපු හැම කෙනෙක්ම එකතු වෙනවා. රටතොට ගැන දැනුමක් නැති, බුද්ධියක් නැති මෝඩ මිනිසුන් පමණක් මොවුන්ට ඉදියි. මේ පාර හොරු ඔක්කෝම එකතු වෙයල්ලා. එතකොට බුද්ධිමත් මිනිසුන්ට ලේසියි. හොරු කවුද? අදූෂිත කවුද කියලා වෙන්කරගෙන මොවුන් ඔක්කෝම එකට තියලා පරාද කරන්න. මෙවර සක්කරයාටවත් බෑ... ජනතාවගේ රට ආණ්ඩුවක් එනවා නතර කරන්න. මාලිමාවේ ජය රටේත්, දරුවන්ගේත් අනාගතය සුරක්ෂිත වීමයි. පිරිපුන් හෙටක්, සාරවත් රටක් වෙනුවෙන් රට ගැන දරුවෝ ගැන හිතලා වටිනා ඡන්දය පාවිචිචි කරපල්ලා. ජාතික ජනබල වේගයට ජයවේවා... මාලිමාවට ජයවේවා... රටට සුබ අනාගතයක් වේවා...!

:       0       0

Sharm Saturday, 06 April 2024 07:32 AM

රංජිත් බණ්ඩාර.. හයියෝ ඉතිං... මේ ඉන්නේ නයි මුගටි නෙමේ... ආතක් පාතක් නැති කුපාඩි හිවල්ලු ටිකක්.. තව අර ගෙම්බන්පිලයයි බලුවංශයි ඩබලත් අමුණා ගත්තා නම් අඩුපාඩු සම්පූර්ණ වෙයි.. ආ අර වේලිච්චි වට්ටක්කා ගෙඩියත් ගන්න අනේ.. පවු නේ.. මේ සේරම ඉතිං මේ රට ගොඩදාන්නනේ දෙයියනේ.. මොවුන්ට අහු වෙන්න බලන් ඉන්න අය අර පැත්තට යමු බලන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 4 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 10 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 34 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 78 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 91 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2389 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site