(නිමන්ති රණසිංහ)
සමගි ජනබලවේගය සංවිධානය කරන ලද උද්ඝෝෂණයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රකාශයක් කළැයි කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 24 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අද (17) නියෝග කළේය.
මෙම සැකකරු සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය.
සමගි ජන බලවේගය සංවිධානය කරනලද උද්ඝෝෂණයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට සඳහන් කොළ කැබැල්ලක් ඉකුත් 15 වැනිදා කුරුඳුවත්ත පොලීසියට ලබා දී ඇති මෙම සැකකරු ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේය.
පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා තම කොට්ඨාශය එම පැමිණිල්ල බාර ගත් බවත් ඊයේ (16) අදාල උද්ඝෝෂණය පැවති අවස්ථාවේදී කුරුඳුවත්ත ප්‍රදේශයේ සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළ බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
පදනමකින් තොරව ප්‍රකාශ නිකුත් කරමින් සිටි මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකළ යුතු බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලීය .
ඒ අනුව සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට නියෝග කරමින් ලබන 24 වැනිදා තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත් විණි .
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සජබ උද්ඝෝෂණයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බව කියූ සැකකරු රිමාන්ඩ්