IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සජබෙ දිරච්ච වැට ඉණි වලින් කඳවුරු බඳින්න හදනවා

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඕස්ට්‍රේලියා සංචාරයට සහභාගී වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනපති සමග ගිය දූත පිරිසට ඉෂාක් රහුමාන් මහතා ද අයත් වෙයි.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසූයේ සමගි ජන බලවේගයේ නාය යෑම මේ වන විට ආරම්භ වී තිබෙන බවයි.

ජනපතිගේ විදෙස් ගමන් වලට සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එක්කෙනා දෙන්නා සහභාගී වෙමින් සිටින බව කී එජාප මහ ලේකම්වරයා ජනපතිගේ උගන්ඩා සංචාරයට පොළොන්නරුව සජබ මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතාත් ඇමරිකා සංචාරයට වඩිවෙල් සුරේෂ් මහතාත් කියුබා සංචාරයට අජිත් මාන්නප්පෙරුම මහතාත් සහභාගී වී ඇති බව පැවසීය.

සරත් ෆොන්සේකා වැනි සමගි ජන බලවේගයේ ශක්තිමත් අරටු ගැලවී ජනපති වටා එක්රොක් වෙමින් සිටින බව කී එජාප මහ ලේකම්වරයා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ශක්තිමත් අරටු පැත්තකට දමා නාය යෑම වැලැක්වීම සඳහා දිරච්ච වැට ඉණි වලින් කඳවුරු බඳිමින් සිටින බව සඳහන් කළේය.

 



අදහස් (0)

සජබෙ දිරච්ච වැට ඉණි වලින් කඳවුරු බඳින්න හදනවා

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 150 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 196 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 189 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 223 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1248 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 804 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site