IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සංජීව මහානාමට ඇප

(උපාලි ආනන්ද)

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය අද (13) නියෝග කළාය.

රුපියල් ලක්ෂ දෙකක් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත සැකකාර අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළකාලමින් නියෝගයක් නිකුත් කළ අතර සැකකරුගේ විදෙස් ගමන් බලපත්‍රයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළාය.

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 05 වැනිදා සැකපිට අත්අඩංගුවට ගත් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා රිමාන්ඩ් බාරයට පත්කර සිටි අතර සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සැකකාර සංජීව මහනාම මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න මහතා කරුණ දක්වමින්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී තම සේවාදායකයා ඊට සම්බන්ධ බවට කිසිදු කරුණක් අනාවරණ වුණාද? යනුවෙන් රහස් පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට තම සේවාදායකයා සම්බන්ධ බවට කිසිදු කරුණක් අනාවරණයවී නැති පසුබිමක මෙම වෙඩි තැබීමේ සිද්ධියට ඔහු සැකකරුවකු ලෙස නම් කලේ කෙසේදැ? යනුවෙන් ප්‍රශ්න කළ නීතිඥ උපාලි ජයමාන්න මහතා මෙම සිද්ධියෙන් තමා ඝාතනය කිරීමට උත්සහ කල බවට සහ තම මෝටර් රථයට හානි වූ බවට උද්දික ප්‍රේමරත්න පැමිණිලි කර නැතැයිද එවන් පසුබිමක තම සේවාදායකයාට එරෙහිව මිනී මැරුම් සහ අනර්ථය කිරීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනා එල්ල කරන්නේ කෙසේදැයි වැඩිදරටත් ප්‍රශ්න කළේය.

තම සේවාදායකයාගේ රාජකාරි පිස්තෝලයෙන් වෙඩි උන්ඩ පිටවී නැති බවට රජයේ රස පරික්ෂකවරයා තහවුරු කර ඇතැයිද මුල සිටිම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව වරින් වර පරස්පර අසත්‍ය කරුණු ඇතුලත් වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇතැයිද කී නීතිඥ උපාලි ජයමාන්න මහතා තම සේවාදායකයා අධිකරණය මගහැර පළා ගොස් සැඟව සිටි බවට රහස් පොලිසිය කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.

තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා ඇප දිය හැකි ඒවා යැයිද සිද්ධියේ සාක්කිකරුවන්ට බලපෑම්ි කිරීමට හෝ යුක්තිය ඉෂ්ඨ වීමේ කාර්යයට බාධා කිරීමට කිසිදු චේතනාවක් නැතැයිද විමර්ශන සඳහා අවශ්‍ය සහය අපරාධ පරක්ෂණ දෙපාර්තමෙන්තුවට ලබාදෙන්නේ යැයිද අවධාරණය කල නීතිඥ උපාලි ජයමාන්න මහතා ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරුණු දක්වමින් සිද්ධියට අදාළව ආරම්භ කළ විමර්ශන අවසන් කර නැතැයිද සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශන කරන හෙයින් සැකකරු තවදුරටත් රිමාන්ඩ් කරන්නැයි ඉල්ලා සිටියහ.

සියළු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරුට කොන්දේසි සහිත ඇප නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල යළි කැඳවන 2025 පෙබරවාරි 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුට නියම කළාය.

පැමිණිල්ල වෙනුවනේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත මිනී මැරුම් විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඉන්දුක ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක සිරිවර්ධණ මහතා පෙනී සිටියේය.

සැකකාර සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා වෙනුවෙන් නීතිඥවරියන් වන ඉසුරි ලියනගේ සහ මධාරා මහත්මීන් සමඟ නීතිඥවරුන් වන උපාලි ජයමාන්න සහ රංජිත් රාජකරුණා යන මහත්වරුන් පෙනී සිටියහ.



අදහස් (0)

සංජීව මහානාමට ඇප

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 423 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5372 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 942 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4432 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3935 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2514 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16951 13




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site