IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


සංජීවගේ වෙඩික්කරු පුත්තලමේදී අල්ලයි

( බිමල් ශ්‍යාමන් සහ හිරාන් ප්‍රියංකර )

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේ මුල්ලේ සංජීව නමැත්තා ඝාතනයේ වෙඩික්කරු  බව කියන පුද්ගලයා අද  (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩින් 34 නමැත්තෙකි.

ඔහු යුද්ධ හමුදාවේ හිටපු ලුතිනන් වරයෙකි. ඉකුත් කාලය පුරා  සීදූව සහ ගල්කිස්ස පොලිස්  වසම් වල ඝාතන හතක් සිදු කළ පුද්ගලයකු බව පොලිස් ආරංචි මාර්ග සඳහන්කරයි

සුඛෝ භෝගී වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

 



අදහස් (22)

සංජීවගේ වෙඩික්කරු පුත්තලමේදී අල්ලයි

Mohamed Rifan Wednesday, 19 February 2025 06:57 PM

මෙයාවත් ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය යටතේ ක්ලීන් කරලා දැම්මා නම් හරි. කොහොමත් මේ යන විදිය එක අතකින් හොඳයි. මොකද ශ්‍රී ලංකාව පාතාල කරුවන්ගෙන් ක්ලීන් වෙමින් තිබෙන්නේ...!

:       6       102

මැක්ස් Wednesday, 19 February 2025 06:59 PM

ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණාට අපි ටක් ගාලා වෙඩික්කාරයා ඇල්ලුවා. දැන් අපේ මාලිමා කොමෙන්ට් බාස්ලා කළ යුත්තේ එම වෙඩික්කරු සහ රාජපක්ෂවරු අතර සබඳතාවක් ගැන කතාවක් නිර්මාණය කිරීමයි. ඉන්පසු චැනල් 4ට කතා කර ඔවුන් ලවාද ඊට ප්‍රචාරයක් ලබා ගනිමු. නිව්යෝක් ටයිම්ස් ද ඊට හවුල් කර ගනිමු...!

:       200       84

Third EyeWednesday, 19 February 2025 08:59 PM

පෙනෙන විදිහට මැක්ස් ගෙන් ප්‍රශ්න කළා නම්... හරි විස්තරයක් දැනගන්න පුලුවන් වගෙයි.

:       16       82

ජයන්ත Wednesday, 19 February 2025 09:04 PM

මිද්දෙණියේ කේස් එකනම් ටිකක් ඇදෙන සයිස්.. එක්තරා පක්ෂයකට වැඩ කරලා ඒක අතහැරලා.. වීඩියෝ වගයකුත් තියෙනවා.

:       2       0

saman Wednesday, 19 February 2025 07:27 PM

මේ මනුස්සයා ඉන්නේ හරි සතුටින් වගේනේ....!

:       1       83

ගුණරත්න Wednesday, 19 February 2025 08:37 PM

පොලිසිය දන්නවා මේ මිනිහා ඝාතන 7ක් කරපු එකෙක් කියලා, අටවැන්නත් කරනකම් හිටියා ඒකා අල්ලන්න. මේවා මොන වර්ගයේ විහිළුද?

:       7       94

Ruwan RWednesday, 19 February 2025 09:17 PM

ගුණරත්න ඔය වෙලාවට මතක්වෙන පැරණි කියමනක් තියෙනවා. මුන් ඔක්කොම යාලුවෝ මල්ලී..:

:       2       47

ranjithThursday, 20 February 2025 06:38 AM

ඇත්ත නේද ඕවා දැනගෙන මෙතෙක් කල් හිටියේ මොකටද ?

:       0       2

රටවැසියා Wednesday, 19 February 2025 09:46 PM

දැං ඉතිං මේකව හිරේ තියාගෙන ජීවිත කාලයටම කන්න දෙන්න වෙන්නේ මේ රටේ ජනතාවටනේ!

:       3       49

Jothi Wednesday, 19 February 2025 10:24 PM

තවත් තඹුත්තේගම පචයක් වෙන්න පුළුවන් මේකත්.

:       91       41

චන්දන Thursday, 20 February 2025 09:21 AM

මේව තඹුත්තේගම ට බැර කරන්න එපා . දැනටමත් දකුණේ ප්‍රබල නමක් ගගෑවිලා . මැරුණු දෙන්නම කියල තියෙනව සියල්ල හෙළි කරනවා කියල . මතකද 88,89 කාලෙ සාක්ෂි නැති කලා... බුද්ධිමත් ව සිතන්න .

:       8       6

Rohitha Samarakone Thursday, 20 February 2025 01:05 AM

මැක්ස්, ඔබ හරි...

:       4       3

Bandara Thursday, 20 February 2025 01:22 AM

පෝය දෙකයි ජාතික ආරක්ෂාව සුපිරියි

:       3       5

පිටිගල මිලානෝ Thursday, 20 February 2025 02:31 AM

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ ටියුෂන් පංතිය බදුල්ලේද තියෙන්නේ…?

:       0       4

පිට රටවැසියා Thursday, 20 February 2025 02:43 AM

මොහුට ගිනි අවිය ලබාදුන් කාන්තාව මීගමුව ප්‍රදේශයේ පදිංචි ඉෂාරා සෙව්වන්දි නැමැති අය බවටද හදුනාගෙන තිබේ. සහජීවනය බොල්ව් සහජීවනය. සහජීවනයට තවත් කදිම උදාහරනයක්.

:       0       3

රනවිරුවා Thursday, 20 February 2025 04:54 AM

ඒ කියන්නෙ STF හා පොලිස් ටීම් එක අස්සට ආමි එකෙන් එකෙක් පැනලා වැඩෙ දුන්නා වගේ . Hmmm. යුද්දය කාලෙ STF එකෙන් කෙරුව කියන වැඩ ගැන දෙවරක් හිතන්න වෙනවා.

:       4       2

Saman Thursday, 20 February 2025 06:35 AM

පැය 24 ක් ඇතුලත මිනීමරුවො අල්ලන එකට තමා ජාතික ආරක්ෂාව කියන්නෙ.

:       4       5

Nimal Thursday, 20 February 2025 08:11 AM

මොනවා උනත් හොඳ කොල්ලෙක්

:       4       2

Kalil Thursday, 20 February 2025 09:52 AM

ඇතියන්තන් රිලවෙක් නෙවෙයි. ඒක ලොකු දෙයක්.

:       6       6

fairoos Thursday, 20 February 2025 11:07 AM

කො බයියෝ දැන් සැප ද? ඕකාව අල්ලන්න බෑ දැන්ටමත් ඉන්දියාවට පැනලා ඇති. ජාතික ආරක්ෂාව නේ . මොන මොන කෝලම් ද කිව්වේ.

:       7       5

ana Thursday, 20 February 2025 11:23 AM

මතක ද චායා දැරියගේ මරණයට අල්ලපු සැකකාරයෝ ගණන?

:       1       4

Toni Thursday, 20 February 2025 11:33 AM

මැක්ස් නියමයි. ඔක්කෝටමයි ජෙබයියන්ගේ ක්‍රමවේදය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 229 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 89 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 260 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 486 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 228 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 665 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site