(මනෝප්‍රිය ගුණසේකර)
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.එම්. කොඩිතුවක්කු මෙනවිය ඔහුට රුපියල් කෝටි 25ක වන්දියක් ගෙවීමට හිටපු ඇමති සී.බී. රත්නායක මහතාට අද නියම කළාය.
පෞද්ගලික නාලිකාවකට මීට වසර 08කට පෙර කළ ප්‍රකාශයකින් සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ දිසා විනිසුරුවරිය අදාළ වන්දිය නියම කළාය.
තමාට කල අපහාසට වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මීට වසර 07කට පමණ පෙර ගල්කිස්ස දිසා අධිකරණයේ නඩු පවරා තිබිණී.
තමා බැදුම්කර ‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බවට වගඋත්තරකාර අමාත්‍ය සී.බී. රත්නායක මහතා මාධ්‍යයට කළ ප්‍රකාශයක් එම මාධ්‍ය මඟින් එදින ප්‍රචාරය කර ඇතැයිද සී.බී. රත්නායක මහතා මාධ්‍යයට කළ එම ප්‍රකාශය අසත්‍ය යැයිද සඳහන් කරන පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා තමා සම්බන්ධයෙන් කළ එම අසත්‍ය ප්‍රකාශය මාධ්‍යයේ පළවීමෙන් තමන්ට අපහාසයක් වී ඇතැයිද සඳහන් කර ඇත.
ශ්රී ලංකාව සහ ස්වීඩනය අතර ද්විපාර්ශ්වික වෙළඳාම ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ස්වීඩනයේ ගොතන්බර්ග්හි ශ්‍රී ලංකා ගෞරවනීය
යාපනය ගුරුනගර් ඉරුපලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් එහි රියදුරු ඊයේ (05) අත්
වැඩවර්ජන, උද්ඝෝෂණ වලින් තොර විධිමත්, කාර්යක්ෂම සේවාවක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ගොඩනැගීම සඳහා අත්වැල් බැදගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත නලින්ද ජ
ලබන මාර්තු 10 දා සිට කොළඹ කොටුව _බදුල්ල , බදුල්ල _ කොටුව හා කොටුව _ තලෙයිමන්නාරම, තලෙයිමන්නාරම කොටුව අතර ධාවනය කෙරෙන දුම්රියවල තුන් වන පන්තියේ ආසන වෙන්කිරී
රජය මගින් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක සහතික මිලක් නියම කිරීම හේතුවෙන් ගොවියා කබලෙන් ලිපට ඇද වැටුණු බව පවසමින්, මහවිලච්චිය ප්‍රදේශයේ සිට අනුරාධපු
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සුජීවට කෝටි 25ක් ගෙවන්න හිටපු ඇමැති සී.බීට නියෝගයක්
sam Wednesday, 05 February 2025 10:45 PM
‘ෆුට් නෝට්’ කල්ලිය හෝ සාමාජිකයන් පිලිබඳව පළමුව අදහස් හෝ චෝදනා මතුවුයේ පාර්ලිමේන්තුව තුලය.
janahitha Thursday, 06 February 2025 08:47 AM
අර්ජුනගෙන් ලක්ෂ දහයක් බැංකුවෙන් ගත්තේ රියදුර යවලා. අධිකරණයට මේවා වාර්තා වෙලා නෑ වගේ. අමාත්‍යතුමාට මහඅධිකරණයට යන්න පුළුවන්.
ලසා Thursday, 06 February 2025 08:53 AM
එයා තාම ඇමැති ද මේ රටේ? ඇයි හිටපු ඇමැති කියල ලියන එක අවුල්ද
Pankumburage Thursday, 06 February 2025 08:59 AM
දැන් ඉතින් යාළුවොනෙ ඕක ෂේප් කරගන්න.
ranjith Thursday, 06 February 2025 12:25 PM
ඡන්ද ගන්න හොරු හොරු කියමින් ඒවාට නිසි ක්‍රියාමාර්ග නිසි වේලාවට ගැනීම කල්මරමින් සිටින එකේ ප්‍රතිඵල....
බද්රානි Thursday, 06 February 2025 03:05 PM
ඔය එක එකාගේ ගනුදෙනු වලින් අපට වැඩක් නැහැ.. කෝ අර තක්කඩි නීතිපතියගේ අසික්කිත නීතිය සම්බන්ධව කැලෑ පත්තරේ ලිපි පලවෙන්නේ නැද්ද..? ජනාධි පති ඇතුළු ආණ්ඩුව මේ ගැන නිහඬද..? එහෙම නම් උඹලටත් දෙවියන්ගේ ශාපය වැදී වැඩි කලක් මේ රට පාලනය කරන්න ලැබෙන්නේ නැහැ... එක අතකට මේ නරා වලේ මොකා රජ උනත් අවලම් කම් ඉවර වෙන්නේ නැහැ... මෙවුන් ජානගත අධමයින්... ලසන්ත වික්‍රමතුංග ව ඝාතනය කලේ මිග් යානා ගනුදෙනුව ගැන හෙලිකල නිසා කියල මේ රටේ අවලම් බල්ලෝ දන්නෙම නැද්ද..? තව මරාපියව්!!!!