(රංජිත් රාජපක්ෂ)
සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමඟ ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් අද (09) සිට පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලිසිය පවසයි.
ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වැඩි පිරිසක් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණෙන අතර දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා වන්දනාකරුවන් ප්‍රවාහනය කිරිමට හැටන් ලංගම ඩිපෝව මගීන් බස් රථ ගණනාවක් ධාවනයට එක්කර ඇත.
හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණෙන ශ්‍රී පාද වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාව විවෘත කර ඇති අතර , එම විශ්‍රාම ශාලාව තුළ වන්දනාකරුවන්ට අවශ්‍යය පහසුකම් සලසා ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා කීය.
හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් අවශ්‍යය ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළික් ආරම්භ කර ඇති බව හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා පැවසීය.
ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගෙන් පොලිස් අධිකාරිවරයා ඉල්ලා සිටින්නේ මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ නොපැමිණෙන ලෙසත් එසේ පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් දිවා රාත්‍රි දෙකේ රාජකාරියේ යොදවා ඇති බවයි.
තවද ශ්‍රී පාද පුද බිමේ පරිසරය රැක ගැනීම සඳහා කැළි කසළ අපද්‍රව්‍යය සහ පොලිතීන් පරිසරයට සහ මාර්ගය දෙපස බැහැර නොකරන ලෙසත් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලින් දිය නාම සිදු නොකරන ලෙසටත් පොලිස් අධිකාරිවරයා ඉල්ලා සිටියි.
යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනෙකු රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමටට පැමිණි රාජ්‍ය බුද්ධි සේවයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව ම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.දිවයිනේ බොහෝ ප්‍රදේශවල හිමිදිරි උදෑස
කොළඹ ආලෝකමත් කරමින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘කොළඹ නවම් මහා පෙරහැර’ අද (12) රාත්‍රී වීථි සංචාරය කළේය.
බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදි
කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප
ශ්රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුව
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
සති අන්ත නිවාඩුවට ශ්‍රීපාදයට යන්න මහ සෙනඟක්
Namal Friday, 10 January 2020 11:14 AM
සීතලට බෝතල් භාගයක් විතර ගෙනිච්චට වරදක් නැතුව ඇති.
JaySaturday, 11 January 2020 10:28 AM
ඔය කිව්වේ................. තමුන්ගේ පව්කාර වැඩ වලට තව ප්‍රමෝෂන් හොයනවා.
Anura Friday, 10 January 2020 11:44 AM
පළවෙනි රූපයෙන් පෙනෙනවා යන මගේ පරිසරය වනසලා තියන හැටි...
sachithSaturday, 11 January 2020 01:48 AM
මාත් මේ කියන්න හැදුවා විතරයි. අපේ මිනිස්සුන්ට කිසිම ගාණක් නැහැ. පොලිතීන් හැමතැනම දාන්න එපා කියන එක. මත්ද්‍රව්‍ය හොයන විදිහටම සිවිල් පොලිස් නිලධාරීන් දාලා රක්ෂිත වනාන්තරයකට පොලිතීන් බැහැරකරා කියලා 20ක් 30ක් අත්අඩංගුවට ගත්තා නම් මේ ඔක්කොම ලෙඩ සනීප වෙනවා. නැත්නම් කවදාවත් මේ අසික්කිත පුරුදු අතහරින්නේ නැහැ.
යාපාMonday, 13 January 2020 03:17 AM
අනේ ඇත්තටම. මොකට සිරීපාදේ යනවද කියලා හිතෙනවා මේ මිනිස්සු. පොලිතීන් තැන තැන නොදාන්න ස්වයංහික්මීමක් තියෙන්න ඕනා.
samira Saturday, 11 January 2020 02:07 AM
කොච්චර එපා කිවුවත් මග දිගට දමලා තියෙන පොලිතින් ගොඩෙන් පේනවා කරුණා කරන අයගේ මොලේ තරම......................
රුවන් Saturday, 11 January 2020 08:04 AM
දීර්ඝ සති අන්තවල මෙහෙම ගමන් යනව කියන්නෙ මහ මෝඩ වැඩක්. එක පාරක් මම ගිහින් මහගිරිදඹේ එක පඩියක් නගින්න පැය බාගයක් ගියා. දීර්ඝ සති අන්තවල කොළඹ නුවර, කොළඹ රත්නපුර, ගාල්ල පාරවල්වල යන්න බැරි තරමට මාර්ග තදබදය. ඒ නිසා මම දැන් කරන්නෙ දීර්ඝ සති අන්තවල හොඳට ගෙදරට වෙලා ඉන්නවා. ඇවිදින්න යනවනම් නිවාඩුවක් දාලා යනවා.
isurandi Wednesday, 22 January 2020 07:48 AM
මමත් ශ්‍රී පාදේ ගියා 9 වෙනිදා. අපේ මිනිස්සු දන්සල් වලින් ලැබෙන ආහාර පාන හැමතැනම හලලා විකාර කරලා තිබ්බා දැක්කා. පුදුම මිනිස්සු ඉන්න රටක් මේක.