(රෝෂන් තුෂාර)
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව දෙහැවිරිදි දැරිය මිය යාමේ සිද්ධිය අපරාධයක් නම් ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා බොරැල්ල පොලිසියට නියෝග කරමින් දන්වා සිටියේය.
වකුගඩුවක් අසාත්මිකව රෝහලට ඇතුලත් කළ දැරිය වකුගඩු දෙකම අහිමිව මියයාම මනුෂ්‍ය ඝාතනයක් බවත්, සැත්කම කළ වෛද්‍යවරයා රටින් පැන ගොස් ඇති බවත්,සැකකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිසියට නියෝග කරන ලෙසත් ජනාධිපති නීතීඥ පයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.
අපරාධයක් බව අනාවරණය වූයේ නම් ඒ සම්බන්ධයෙන් පියවර නොගත්තේ මන්දැයි පොලිසියට ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා මෙහිදී විමසා සිටියේය. දැරිය මිය ගිය පසුව පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ප්‍රකාශ සටහන් කළ බවත් ඒවන විටත් වෛද්‍යවරයා රටින් ගොස් තිබූ බවත් පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
මහේස්ත්‍රාත්වරයා: මේ රටේ අපරාධයක් කරලා පිටරටක ගිහිල්ලා ඉන්න පුළුවන්ද?
පොලිසිය:අධිකරණයේ නියෝග පරිදි කඩි නමින් පියවර ගන්න පුළුවන් ස්වාමීනී.
මහේස්ත්‍රාත්වරයා; පොලිසියට නීතිය ක්‍රියාත්මක කර පියවර ගැනීමට සඳහා අධිකරණ නියෝග අවශ්‍ය වන්නේ නැහැ.වෛද්‍යවරයා ඉන්න රට දැන් දන්නවනම් වහාම ඒ සඳහා පියවර ගන්න අදාළ නියෝග නිකුත් කිරීමට අවශ්‍ය ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන්න මම වහාම නියෝග නිකුත් කරන්නම්.දැනට මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය යනවා ඒ මරණ පරීක්ෂණයටත් මේ වෛද්‍යවරයා අවශ්‍යයි නේද?යනුවෙන් මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේය.
අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා කඩිනමින් නියෝග නිකුත් කරන බව පොලිසියට දන්වා සිටියේය.
කොටහේන ප්‍රදේශයේ පදිංචි මවුපිය යුවළකගේ අවුරුදු දෙකක් වයස හම්දි නමැති දැරියගේ වම් වකුගඩුව අක්‍රිය වීම හේතුවෙන් එය ඉවත් කිරීමට කළ ශල්‍ය කර්මයෙන් මාස හයකට පමණ පසුව දකුණු වකුගඩුවද නොමැතිව දරුවා මිය යාම සම්බන්ධයෙන් සිදුකරන මහේස්ත්‍රාත් පරීක්ෂණ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරිණි.
බොරැල්ල පොලිසියේ සහකාර පොලිස් පරීක්ෂක එම් වි දයාසිරි මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය.
.2022දෙසැම්බර් 22 වන වම් වකුගඩුවේ සංකූලතාවයක් හේතුවෙන් දැරිය රෝහලට ඇතුලත් කර ඇති අතර එය අක්‍රිය තත්ත්වය පවතින හෙයින් හරීන් විජයකෝන් ශල්‍ය වෛද්‍යවරයා සැත්කම් කර ඇති බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණි .
ඒ අනුව එක් වකුගඩුවක් ඉවත් කිරීමට ශල්‍ය කර්මය කළ බවත්.රෝහලේ මාස හතක් ප්‍රතිකාර ලැබූ ලැබූ දැරිය මිය යන විට වකුගඩු දෙකම අහිමිවූව තිබූ බවත්,සැත්කම සඳහා සහාය දැක්වූ ළමා රෝහලේ අදාළ වාට්ටුව භාරව කටයුතු කළ හිටපු වෛද්‍ය ගාල්ලගේ මහත්මිය පසුගිය නඩු වාරයේදී සාක්ෂි දෙමින් පැවසුවාය.
අගතියට පත් දෙමාපියන් වෙනුවෙන් නීතිඥ හා වෛද්‍ය යුසුප් මහතා අධිකරණයේ පෙනී සිටියේය.නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 27 දිනට නියම කෙරිණි.
උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘‘සැත්කමින් පසු දරුවාගේ මරණය අපරාධයක් නම් වෛද්‍යවරයා අල්ලන්න‘‘