(අංජුල මහික වීරරත්න)
කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
රටවල් කිහිපයක යළිත් හිස ඔසවා ඇති Avian Influenza හෙවත් කුරුළු උණ රෝග කාරක වෛරසය වන A(H5N1) වෛරසය මෙරටට ඇතුළු වීම වැලැක්වීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය.
එමෙන්ම පළමුවරට ඇමරිකා එක්සත් ජනපදයේ ගවයින් ආශ්‍රිතව ද ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැලදී ඇති බවට වාර්තා වන අතර එය දරුණු තත්ත්වයක් බව කොතලාවල මහත්මිය අවධාරණය කළාය.
මෙරට ක්‍රියාත්මක වන රෝග ආවේක්ෂණ වැඩ පිළිවෙළ තවදුරටත් ශක්තිමත් කර ඇති බවත්, ඒ නිසා අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවත් කොතලාවල මහත්මිය කීවාය.
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත
දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සත්ව නිෂ්පාදන ආනයනය සීම කරයි