(නිමන්ති රණසිංහ)
රුපියල් ලක්ෂ 74ක් වටිනා සතොස ආයතනයේ සුදුළුණූ කිලෝ 58,620ක් තම අහිමතය පරිදි පෞද්ගලික වෙළෙඳ ආයතනයකට අළෙවි කර සාවද්‍ය පරිහරණය කළැයි පෑලියගොඩ පොලීසිය අත්අඩංගුවට ගත් සතොස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලබන 21 වනදා තෙක් රක්ෂිත බන්නාගාර ගත කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද (16) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) සුසිර පෙරේරා මහතාය.
පොලීසිය භාරයට ගත් අදාළ සුදු`ථණූ තොගය නැවත සතොස ආයතනයටත් රුපියල් ලක්ෂ 74ක මුදල අදාළ පෞද්ගලිකආයතනයේ හිමිකරුට විමර්ශන අවසන් වීමෙන් පසුව භාර දෙන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෑලියගොඩ පොලීසියට නියම කළේය.
කැබිනට් තීරණයට අනුව ඉකුත් 2021/7/15 වැනිදා රජය විසින් නිකුත් කරනු ලැබූ හිමිකරුවන් නොමැතිව වරායේ ගබඩා කර ඇති ආහාර ද්‍රව්‍ය රාජසන්තක කර සහන මිළට ජනතාවට ලබාදීමට සතොස ආයතනයට මුදා හැරීමේ ක්‍රමවේදය අනුව මුදාගත් මෙම සුදු`ථණූ බහාලුම් දෙක සැකකරු පෞද්ගලික තොග වෙළෙද ආයතනයකට අළෙවි කර ඇතැයි පෑලියගොඩ පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
කොළඹ වරායේ ශීත කරන ලද ගබඩාවක ගබඩා කර තිබූ මෙම සුදුළූණු ගෝණිමළු 2800ක සහිත තොගය, එක් කිලෝවක් රුපියල් 105 ක මිලකට වරායෙන් මිලදී ගෙන එය සතොස වැළිසර ගබඩාවේ ගබඩා නොකර තැරැව්කරුවකු මගින් රුපියල් 135 ක මුදලකට සැකකරු විසින් වික-
සුදුළූණු කිලෝ 54,860ක් කිලෝවක් රුපියල් 105.00, බැගින් වරායෙන් මිළදී ගෙන එය සතොස වැළිසර ගබඩාවේ ගබඩා නොකරම තැරැව්කාරයකු මගින් කොළඹ තොග වෙළෙද ආයතනයකට කිලෝව රුපියල් 135.00 බැගින් එකවර විකුණා සතොසට රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුකර ඇතැයි පෑලියගොඩ පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
වරාය ගබඩාවේ තිබූ සුදුළූණු ඉකුත් 8 වනදා පරීක්ෂා කර එදින රාත්‍රියේදී අන්තර්ජාලය ඔස්සේ ඊමේල් පණිවිඩ මගින් මිළ ගණන් තීරණය කර ගැනීමෙන් පසු 9 වනදා මුදල් ගෙවා එම තොගය සතොස භාරයට ගෙන ඇතැයි ද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සතොස සිල්ලර අලෙවි සැල් වලින් කිලෝව රුපියල් 355.00 බැගින් පාරිභෝගිකයන්ට සිල්ලරට අලෙවි කිරීමට නියම කර තිබූ මෙම සුදුළූණු තොගය මෙලෙස අයතා අන්දමින් පෞද්ගලික ආයතනයට අලෙවි කිරීමෙන් සතොසට රුපියල් එක් කෝටි දහනව ලක්ෂයක පාඩුවක් සිදුවී ඇති බව අනාවරණය වි ඇතැයි ද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා 21 තෙක් රිමාන්ඩ්
Sunil Friday, 17 September 2021 07:01 AM
මෙයත් එහෙනම් දේශපාලුවන්ව අනුගමනය කරනවා වගේ.