IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ

(බිමල්  ජයසිංහ සහ චමිලා අල්විස්)             

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු  බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

හොරණ ඉලිබ කොස් වත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු  එලෙස පිළිස්සුම්  තුවාල ලබා තිබේ.

තුවාල ලද පුද්ගලයා තුන් මුලස් රතිඤ්ඤාවක් ගිනි දල්වා මදක් ඈතට විසිකර ඇති අතර එය පිපිරී නොයාම හේතුවෙන්  ඒ අසලට ගොස් පරීක්ෂා කිරීමේදී එකවර ව ඇතිවූ පිපිරීමත් සමඟම ඔහුගේ දකුණු අතේ මැණික් කටුව අසලට, උදර ප්‍රදේශයට ඇතුළු ශරීරයේ ස්ථාන කීපයකටම දැඩි පිළිස්සුම්  තුවාල ලබා ඇතැයි හොරණ මූලික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.

ඔහු ශල්‍ය කර්මයකට ලක් කිරීමට නියමිතව ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

රතිඤ්ඤා දල්වමින් කිසිදු සැමරුම් උත්සවයක් නොකරන ලෙස ජාතික ජන බලවේගයෙන් නිවේදනයක්ද නිකුත් කර තිබිණි.

හොරණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  පි එස් පණාවල මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ

සෙනෙවිරත්න Monday, 23 September 2024 12:33 PM

⁣හුඟ දෙනෙක් ඔය සම්ප්‍රදායික ගොන් වැඩේ කළේ නැහැ. ඒත් මේ මිනිහා ඒක නොදැන වගේ... වෙනදා ජනාධිපති පත් වුණාම පොදු තැන්වල, බස්වල මුහුණ අලවනවා දැකලා තියෙනවා. ඒ වගේ ගෝත්‍රික වැඩවලට තිතක් තබමු..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 8 0

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 689 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 80 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 485 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 290 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 1030 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21664 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21343 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site