IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ස්ථිර කැබිනට්ටුව ලබන සතියේ

(අජන්ත කුමාර අගලකඩ)

දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් ලබන සතියේ දී පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර ඇති නමුත්,සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නැති බැවින්,සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් යටතේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.

මෙම කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැබිනට් අමාත්‍යධුර හිමිවිය යුතු දිස්ත්‍රික් නායකයන්ගේ ලැයිස්තුවක්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත.

වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග , ජනක බණ්ඩාර තෙන්නකෝන් ,,ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, එස් එම් චන්ද්‍රසේන,නාමල් රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන,සනත් නිශාන්ත,කංචන විජේසේකර යන මහත්වරුන්ගේ නම් ඊට ඇතුළත් වී ඇතැයිද දැනගන්නට තිබේ.

සමගි බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ද, නව කැබිනට් මණ්ඩල ට ඇතුළත්වීමට නියමිතව ඇති අතර,ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්,ජාතික කොංග්‍රසයේ නායක ඒ එල් එම් අතාවුල්ලා යන මහත්වරුන්ටද අමාත්‍යධුර හිමිවීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද ආණ්ඩුව තුළ සාකච්ඡා වෙමින් පවතින බව දැනගන්නට ඇත.

කැබිනට් මණ්ඩලය තිස්දෙනකුගෙන් පමණ සමන්විත වනු ඇතැයි පැවසේ

 



අදහස් (18)

ස්ථිර කැබිනට්ටුව ලබන සතියේ

Ratak nathiwena helayaa Thursday, 18 August 2022 12:58 AM

අරගලයට ජයවේවා...! නැවත හොරු ගෙනාවට ජයවේවා... ඩයස්පෝරාවට ජයවේවා... දිවිදීපු රණවිරුවන්ට පින් සිදු වෙන්න.

:       0       0

බද්රානි Thursday, 18 August 2022 01:05 AM

අර පොහොට්ටු පක්ෂයේ හොර තක්කඩියෝ රැලට කැබිනට් ඇමතිකම් දුන්නොත්, මේ ආණ්ඩුවේ විතරක් නොවේ, රනිල් වික්‍රමසිංහ මහත්තයගෙත් අවසානය. හොඳින් හෝ නරකින් ලැබුන බලය මත, ඉදිරි වසර දෙකහමාර ඔබට ජනාධිපති දුරයේ සිටිය හැකියි. ඔබගේ තීන්දු ඉතාමත්ම තීරණාත්මකයි. මේ රට සිංහලයින්ගේ අවසානය නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. පැවැත්ම හෝ විනාශය ඔබ සතුයි. එදා ඩයිනෝසරයින්ට මොළයට සමහර දේවල් නොවැටහුනා සේ ජාන විකුර්ති අඥාන හින්ගලයින්ට මේ විශ්වය තේරුම් ගනීවි යයි මම නම් පෞද්ගලිකව කිසිදා විශ්වාස නොකරමි. එක අතකට තිරිසන් සර්පයින් ගැන අනාගත වාක්‍ය කියලා මොකටද? උන් මෙලොවින් තුරන් විය යුතුමයි!!

:       0       9

chandima Thursday, 18 August 2022 01:16 AM

කීදෙනෙක් විතරද? පහනක් හැටක්?

:       1       7

සලීම් Thursday, 18 August 2022 07:48 AM

අද ජන සමාජයේ කොය් මට්ටමක කෙනෙක්ගෙන් ඇහුවත් ගත් කටටම කියන්නේ රාජපක්සල කාල දාපු රටේ ඉතුරු ටිකත් අලුත් ගොය්ය කාල දාල තමය් ගෙදර යන්නේ කියල.ඒ තරමට රාජපක්සල සහ මේ දෙගොල්ලෝ රට කාල විනාස කරලා දාල ඉවරය්. දැනුත් නැවතත් පරණ පොහොට්ටු හොරු ටිකම ආණ්ඩුවක් හදල මේ රට නැවත යන්නේ පරණ නරා වලටම තමය්.මොන අපරාදයක්ද...මේ උතුම් දිවයිනට වෙමින් තියෙන දේ??? අපිට ගොඩ ඒමක්ම නැහැ.

:       0       6

chandima Thursday, 18 August 2022 01:18 AM

දැන්නේ හොරේ අහුවුනේ. අපට කඩදාසි අඩුවෙන් පාවිච්චි කරන්න කිව්වේ අලුත් අමාත්‍යංශවල අලුත් ඇමතිවරුන්ගෙ නම් ගම් දාලා අලුතින් ලිපි ශීර්ෂ පත්‍ර, ලියුම් කවර එහෙම අච්චු ගහන්න නේද?

:       1       11

chandima Thursday, 18 August 2022 01:57 AM

ඒ කියන්නේ මේ තාවකාලික ජනාධිපති වෙනුවට ස්ථිර ජනාධිපති කෙනෙකුත් පත්කරනවද?

:       2       11

Bamunuarachchi Thursday, 18 August 2022 06:07 AM

මේ කැබිනෙට්ටුව පත් උනාම රටට හෝ ගාලා ඩොලර් ඒවිද? කෙරෙන විදිහට පෙනී යන්නේ රටේ ඊළමට පාර කැපිලා ඉන්න දේශපාලකයෝ බෙදාගෙන කන්නයි හදන්නේ කියලා. වතු දෙමළ පඟරනැට්ටෝත් ඇමතිකම් ගත්තා. අරගලකාරයනී තොපිට වැහි නැති හෙණ වදින්න ඕනේ රටට කරපු මේ අපරාධයට

:       15       3

අනිල් Thursday, 18 August 2022 11:21 AM

පිස්සුද නැත්තං හැටිද, හැම රෙද්දටම අරගල කාරයො ඇදල ගන්නෙ

:       1       4

BamunuarachchiFriday, 19 August 2022 07:28 AM

අරගලකාරයෙකුට තදවෙලා... ඔවාට ගාගන්න ක්‍රීම්වර්ග තිබෙනවා. වැඩිය තටමන්න එපා...

:       0       0

de silva Thursday, 18 August 2022 06:49 AM

ඕව වැඩක් නැහැ කරුණාකර ලබන මාර්තු මාසේ හෝ ඊට කලින් ඡන්දයක් තියන්න. දැන් ඉන්න පුද්ගලයන්ට මේ ආර්ථික අගාධයෙන් රට ගොඩ ගන්න වුවමනාවක් හෝ හැකියාවක් නැහැ. ඒක නිසානේ ඔවුන් වික්ෂයට ආණ්ඩුවේ ඇමතිකම් ගන්න කියන්නේ. විපක්ෂෙ ඉන්න බහුතරයකටත් වැඩ බැහැ. දෙපැත්තෙම බහුතරයක් වාසින් වැඩි හොරු. මේක කරන්න අලුත් සෙට් එකක අවශ්‍යතාවය තිබෙනවා. බැරි නම් ගොදර යන්න. අපි කෙනෙක් පත්කරගන්නම්.

:       2       12

thushara liyanapathirana Thursday, 18 August 2022 06:58 AM

ප්‍රසන්න- ඉඩම් වංචා දුෂණ ,ජොන්ටා කසිප්පු මුදලාලි,රෝහිත-රත්තරං ඩොලර් නැව් ගනන් කරපු මොඩයා පවිත්‍රා දේව්- කොරෝනාවට මුට්ටි ඟගට දාපු මොලේ කඳුළක් නැති මොට්ට අම්මන්ඩි. චන්ද්‍රසේන-ඉඩම් වානාන්තර විනාෂ පාලුවා නාමල් -පට්ට හොරා අළුත්ම හොරකම රග්බි ක්‍රිඩාවේ දියුණුවට තිබුන මිලියන ගණන් හොරා කාපු එකෙක්.මුන්ට මොන නව කැබිනට් ඇමැතිකම්ද? ජනදාධිපතිතුමා දුර බලන නායකයෙක් ඔබතුමා ගැන විතරයි විශ්වාස.

:       0       0

podi mole Thursday, 18 August 2022 08:22 AM

වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග , ජනක බණ්ඩාර තෙන්නකෝන් ,,ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, එස් එම් චන්ද්‍රසේන,නාමල් රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන,සනත් නිශාන්ත,කංචන විජේසේකර.... ugath budhdhimath.... budu ammoooo

:       0       6

Perera Thursday, 18 August 2022 09:28 AM

‘‘මහත්වරුන්‘‘ කියලා හැඳින්වීම් කළාද වැඩි දෙනා ‘‘මහත්වරුන්‘‘ බවයි පේන්නේ...

:       0       0

Deepal Nirosh Thursday, 18 August 2022 10:49 AM

මේ අළුතින් කියා පත්වෙන්නෙ හිටපු පොහොට්ටු නඩයම තමා. මොකද පාර්ලිමේන්තු බලය තියෙන්නෙ එයාලට. හැබැයි රාජ්‍යායතන ප්‍රධානීන් පත් කරන්නෙ ජනාධිපති ලේකම් මූලික කමිටුවකින්. ඒ නිසා මොකා ඇතමි වුණත් එච්චර ගැටළුවක් නැහැ. රිමෝට් එක ජනාධිපති අතේ.

:       1       1

ganegoda Thursday, 18 August 2022 12:05 PM

ඔය මොන කරනම් ගැහැව්වත් යා යුත්තෝ ගිය යුතුයි !!!

:       0       2

FAIROOS Thursday, 18 August 2022 01:48 PM

කලින් හිටපු අයටනම් ආපහු ඇමතිකම් දීල මෙ රට තවත් වට්ටන්ඩනම් එපා..

:       0       3

විපරමා Thursday, 18 August 2022 02:09 PM

පොහොට්ටුවෙ හොර දූෂිතයන්ගේ නමුත් තියෙන්නේ ? කප්පම් කාරයා, රත්තරන් ,කුඩු ජො . ,හොර පෙරකදෝරුවා එහෙමත් ඉන්නේ ? කිසිම දූෂිත දේසපාලුවෙක් ඔය ස්තිර කැබිනට්ටුවට ඇතුළත් කරගන්නවා නම් ඒකත් ඔවුන්ගේ අවසානය තමා පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම් එපා කියලයි කියන්නේ .ආත්මාර්තකාමි ,බලලෝබි බඩගොස්තරවාදි දුශිත දේසපාලුවෝ රටට වඩා තමුන්ගේ පැවැත්ම ගැනයි හිතාගෙන ඉන්නේ ?.

:       0       2

Athula Thursday, 18 August 2022 04:49 PM

හරියන්නේ නැහැ.. සේරම කරන්නේ මිනිස්සු රවට්ටන එක. ගෝල්ෆේස් එකට එක දිනයක් දාගෙන ආවනම් පෙන්වන්නම්

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 185 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 1178 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 529 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 313 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2915 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2101 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 313 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1746 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site