IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සුදු තරුණියගේ බෑගයට විද්ද ජංගම වෙළෙන්ඳා රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

පස්සර සුඛෝපභෝගී බස් රථයේදී එංගලන්ත ජාතික තරුණියගේ රුපියල් 2523382.04ක් වටිනා බෑගය සහ ඩොලර් 20000ක මුදල් සොරාගත් කැලණිය ප්‍රතියාගොඩ  තරිඳු නිස්සංක සැකකරු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  ප්‍රසාන් අමරසේන මහතා අද නියෝග කළේය.

සොරකත් භාණ්ඩ සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

එම සැකකරු සොරාගෙන තිබූ ලැප් ටොප් පරිගණකය කැමරාව, බැංකු කාඩ්පත්  හා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු සියලුම දේපළ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළේය .

ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක වීඩියෝ පටයක් සකස් කිරීම මෙරටට පැමිණ ඇල්ල බලා යාම සඳහා පිටකොටුව බැස්ටියන් මාවත බස් රථයක  විදෙස් තරුණිය සිය ගමන් බෑග් තබා තිබියදී සැකකරු ඔහු රැගෙන ආ බෑගය එහි තබා ඇයගේ දේපල අඩංගු බෑගය සොරාගෙන ගොස් ඇති බවද කරුණු ඉදිරිපත් කළේය .

බස් රථයේ  සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ ලබාගත් ඡායාරූප  තොරතුරු කරුවන් ඔස්සේ රහසිගත ලෙස ප්‍රසිද්ධ කර ලබා ගත් තොරතුරු කලකට පෙර බස් රථවල  ස්ටිකර් අලවිකල පුද්ගලයකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව සැකකරු  අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි .

 සැකකරු සොයා ගත් බව කියන ඩොලර් ප්‍රමාණය මේ වනතෙක් සොයාගෙන නොමැති බව පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතා පැවසීය.

"අන්ඩර් ස්කයි " නමින් යූබ්ටියුබ් චැනලයක් පවත්වාගෙන යන  ස්කයි මැක්ගෝවන් නමැති තරුණිය රටවල් 37ක සංචාරය කර ඇති තැනැත්තියක් බවත් ඉකුත් 24 වෙනිදින  මෙරට සංචාරය සඳහා පැමිණ තිබූ බව පොලිසිය කිය.



අදහස් (7)

සුදු තරුණියගේ බෑගයට විද්ද ජංගම වෙළෙන්ඳා රිමාන්ඩ්

saman Friday, 31 May 2024 03:52 PM

වෙළෙන්ඳන්ට බස් රථවල ඇතුළට නගින එක තහනම් කරන්න. වැඩිහරියක් ම ඉන්නේ හොරු. තව බොහෝ දෙනෙක් මගීන්ට හිරි හැර වෙන ආකාරයට හැසිරෙන අය.

:       0       59

.................Sunday, 02 June 2024 06:26 AM

වෙළෙන්දන්ට වඩා බස්වලට ගොඩවෙන යාචකයො නතර කිරීමට නොපමාව කටයුතු කරන්න ඕන මගීන්ට මානසිකව පීඩනය ඇතිකර බලහත්කාරයෙන් මුදල් මංකොල්ලකෑම් උන් උපරිමයෙන් කරනවා මමගීන් දැඩිසේ පීඩාවට පත්වීම වැලැක්වීම සදහා ප්‍රවාහන ඇමතිවරයා ඇතුළු බලධාරීන්ගේ අවධානය යොමුවේවා දෙවනුව බස් රථවල විශේෂයෙන් ලංගම බස්වල පිරිසිදු කම නම් අන්තිමයි පිරිසිදු ඇදුමක් ඇදගෙන ගියාම බහින්න වෙන්නෙ ගරාජයක නැත්නම් මාලු කඩේක වැඩකල කෙනෙක් වගේම තමයි ඒ ගැනත් බලනවා නම් හොදයි

:       0       0

Sam Friday, 31 May 2024 03:58 PM

පොලිසිය කඩිනමින් බෑගය සොයාදීම පැසසිය යුත්තක්.

:       1       59

Wickramasuriya Friday, 31 May 2024 09:52 PM

යංතං ඇති ලංකාවේ නම රැකගැනීමට පුළුවන් වීම, ශ්‍රී ලංකා පොලීසියේ දක්ෂතාවය ඉහලයි ඒ වගේම සෑම තැනකම සීසීටීවී කැමරා පද්ධති සවිකිරීම වැදගත් බස් හිමියාට ස්තුති.

:       0       3

Gajamithuro Friday, 31 May 2024 10:56 PM

ඒක කරපු එකාට 88/89 කාලයේ ජෙප්පො කටයුතු කලා වගේ (ජෙප්පො දඩුවම් කලා වගේ කිව්වම සුද්දිට දඩුවම් කරල හරියන්නේ නැහැ ) දඩුවමක් දෙන්න පුළුවන් නම් හොදයි ඒකා කලේ රටේ සංවර්ධනයට පහර ගැසීමක් වගේම රට අපකීර්තියට පත්කිරීමක් කියලා කියන්න පුළුවන්

:       0       3

රට වඅසියා Saturday, 01 June 2024 10:50 AM

යාන්තං ඇති රටට වෙන්න ගිය හානියක් වලක්වාගත් සියලුම දෙනාට ස්තුතියි - මේ වෙලෙන්දන්, හිගන්නන් බස් රතවල මහා ලෙඩක්. බස් අයිතිකාරයෝ මේවට ඉඩ දීලා මගින්ව අපහසුතාවයට පත් කරන

:       0       4

lelwala Saturday, 01 June 2024 09:31 PM

වෙළඳාම් කරන අය වගේම යාචකයින් බස්වලට ඇතුල්වීම තහනම් කල යුතුයි .මගීන් මුවාවෙන් බස් එකට නැග ටික වෙලාවකින් හිඟා කෑමට පටන් ගනී.හිඟමන් නොදුන්නොත් බැනලා බහින අයත් ඉන්නවා.මේවා කරන්නේ බස් ඩ්‍රයිවර් සහ කොන්දොස්තර දැනුවත්වයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 962 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2021 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 990 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 220 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2385 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1672 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37864 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24950 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site