(අංජුල මහික වීරරත්න)
පොල් වගාව ආශ්‍රිතව මේ දිනවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන "සුදු මැස්සා" (Whitefly) කෘමි උවදුර මර්දනය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සිට ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් දක්වා සියලු දෙනා දායක කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
"සුදු මැස්සා" (Whitefly) කෘමි උවදුර මර්දනය තිරසරව කළමනාකරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
මෙම කෘමි උවදුර පිළිබඳ පොල් වගා කරුවන් දැනුවත් කිරීම සඳහා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් පොල් පර්යේෂණ ආයතනය ඇතුළු වගකිවයුතු ආයතන විසින් මේ වන විටත් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාවට නංවා තිබෙන අතර, ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.
මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ කාලගුණික වෙනස්කම්, නීත්‍යානුකූල නොවන මාර්ගවලින් ගෙන ආ පොල් පැළ වගා කිරීම සහ ස්වභාවික පරපෝෂිතයන් එකවර අඩුවී යාම වැනි හේතු මෙම කෘමි උවදුර ව්‍යාප්තවීමට බලපා ඇති බවත්, කොළඹ, ගම්පහ, කෑගල්ල, කළුතර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පොල් වගාකරුවන් මේ වන විට මෙම කෘමි උවදුරේ බලපෑමට ලක්ව සිටින බවය.
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුදු මැස්ස එළවන්න ජනපති ලේකම් මැදිහත් වේ
සෙනෙවිරත්න Tuesday, 20 December 2022 04:54 PM
උවදුර පටන්ගෙන මාස ගනනාවක් වෙනවා, හානිය වෙලා දැන් තමයි මේ උන්නැහෙලා දැනුවත් වෙලා තියෙන්නෙ. නිළධාරීන් සහ දේශපාලකයො හොඳයි එක කරත්තෙ බඳින්න.
chandima Wednesday, 21 December 2022 01:43 AM
මහා විශාල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් තියෙන, අමාත්‍යංශයක් තියෙන, පොල් වගා මණ්ඩල තියෙන, පර්යේෂණ තියෙන, වෙනම ඇමතිවරු ඉන්න රටක ජනාධිපති ලේකම් කෘෂිකර්මේ පොල් වගාව ගැන බලන්නේ.
Lalla Wednesday, 21 December 2022 04:16 PM
පොල්වගාකිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය පුටුරත්කරන තකතීරු උගතුන්ට ගිය ආයතන. ක්ෂේත්‍රයට පැමිණ කිසිම පරීක්ෂාවක් නොකරන පොතේ තියෙන වාර්තා විතරක් තියෙන හොරගුහා. මේ ආයතන දෙක එකක් කර පින්බත්කන උන් පන්නල දාන්න....