IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


සුදුවෑන් රථවලින් ආ පිරිසක් සමූපකාර නිලධාරියකු පැහැර ගනිති

(එස්. ඩී. කොඩිකාර)
 
මාතර, ඌරුබොක්ක බෙරලපනාතර ප්‍රදේශයේ විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයෙහි නිලධාරියකු අද  (19) සුදු වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් බෙරලපනාතර නගරයේදී  පැහැරගෙන ගොස් ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ දෙව්ලියද්ද පාර, බෙරලපනාතර  ලිපිනයේ පදිංචි ප්‍රදීප් සුරංග එදිරිසිංහ නම් වන  45 හැවිරිදි  දෙදරු පියෙකි.

එම පුද්ගලයා සිය දරුවන් දෙදෙනා පාසලට ඇරලවා  නැවත පැමිණෙමින් සිටියදී මෙම පැහැර ගැනීම සිදුව ඇත.

එම වෑන් රථ දෙකෙහි  ඉදිරිපස අංක තහඩු නොමැති බවත්,  එයින් එක් වෑන් රථයක් ඌරුබොක්ක දෙස සිට කොටපොල දෙසට සහ  අනෙක් රථය කොටපොල දෙස සිට ඌරු බොක්ක දෙසට ධාවනය වූ බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලීසිය කියයි.

නගරය අවට සීසීටීවී කැමරා දර්ශන උපයෝගී කරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප - ජයන්ත නානයක්කාර



අදහස් (34)

සුදුවෑන් රථවලින් ආ පිරිසක් සමූපකාර නිලධාරියකු පැහැර ගනිති

sapin Thursday, 19 September 2019 05:49 AM

ගෝඨා එන්න ඉස්සෙල්ලා සුදු වෑන් ඇවිල්ලා..

:       2198       2365

sisiraThursday, 19 September 2019 08:00 AM

පක්ෂග්‍රාහී දේශපාලකයන්ට එහෙම පේන්න පුළුවන්.

:       272       342

janahitha Thursday, 19 September 2019 09:09 AM

පැහැර ගෙන ගියේ නැහැ කලින් කතා කරගෙන එක්කන් ගිය කෙනා හොඳින් ඉන්නවා .අරලිය ගහ මන්දිරේ ගෙදරටත් කතා කරනවා. ටෙලිකොම් එකෙන් බලා ගන්න බැරියැ. බය වෙන්න එපා ඡන්දෙන් පස්සේ බොරැල්ලට ගෙනත් බස්සනවලු .

:       8       51

CHANDIMAThursday, 19 September 2019 11:13 PM

අද ප්‍රවුර්ති බලන්න. සුදු වැන් ඇවිත් තියෙන්නේ ගොට එන්න කලින් නෙවෙයි. රනිල් සුදුවෑන් ගැන දේශපාලන වේදිකාවේ කතාකරන්නට කලිනුයි. රනිල් හදන්නේ භීතියක් ඇතිකොට චන්ද දිනා ගැනීමටයි. කලිනුත් පොලිස් නිලධාරියෙකු පැහැරගත්ත නේද?

:       0       0

Rata Perata Thursday, 19 September 2019 06:06 AM

එන්න ඉස්සරවෙලාම වැඩේ පටන් අරගෙනද දන්නේ නෑ.

:       1268       1323

DilanThursday, 19 September 2019 07:04 AM

කලින් ආණ්ඩුව කාලෙ ඒවයි දැන් ඒවයි ඔක්කොම ගෝඨාගෙ ගිණුමට. කොහොමද ඒක නේද?

:       287       335

ධම්ම Thursday, 19 September 2019 06:11 AM

සුදුවෑන්, සුදුවෑන්, කිව්වට අපි සුදුවෑන් දැක්කේ යහපාලන ආණ්ඩුවෙන් රයන් අල්ලන්න ආපු වෙලේ... ඊට පස්සේ මේ සිද්ධිය...

:       160       1032

Duminda SilvaThursday, 19 September 2019 06:48 AM

ඇයි ධම්ම, ඔයට මතක නැද්ද සමහර මන්ත්‍රීතුමියන්ගේ අසනීප සනීපකරගන්න කළු ඩිෆෙන්ඩර් වලින් කොල්ලෝ උස්සපු එක...!

:       22       219

athuraThursday, 19 September 2019 07:51 AM

ඇයි පහුගිය ආණ්ඩු කාලේ අර බොරැල්ලේ ගෙවල් වලින් යන්න බැහැ කියල සටන් කරපු මහත්මයෙක්ව සුදු වෑන් එකෙන් අරගෙන ගිහිල්ලා මග අත ඇරලා ගිහින් තිබුන ඔහෙට මතක නැතෙයි.

:       104       238

mattaThursday, 19 September 2019 01:25 PM

අපරාදේ මග දාලා ගියේ...

:       2       13

NishanFriday, 20 September 2019 08:13 AM

සුදු වෑන් වලින් ඉස්සුව අය එක්කෝ එලොව ගිහින් නැත්නම් පිටරට ගිහින්......

:       0       0

Akila Thursday, 19 September 2019 06:20 AM

සුදු වෑන්, සුදු වෑන් කියලා කැගහපු අය කෝ දැන්?

:       10       226

Buddika Thursday, 19 September 2019 06:23 AM

ඔන්න බොලේ සුදු වෑන් ළඟළඟම එනවෝ....

:       18       108

anura Thursday, 19 September 2019 09:14 AM

හා.. හා.. ඔහොම හිටු..

:       0       2

Mahee Thursday, 19 September 2019 06:41 AM

අරය එව්වා නම් ඔහොම වෑන් දෙක දෙක එවන්නේ නෑ. එවන්නේ එක වෑන් එකයි. ගේම දුන්නා. ගියා. මේක වෙන කෙනෙකුගේ වැඩක්. ඉස්සරහට සුදු වෑන් එනකොට බලන්න පුළුවන් ඕන් මං කිව්ව දේ බොරුද කියලා...

:       6       66

rasika Thursday, 19 September 2019 06:54 AM

පිට් පොකට් ගහපු එකාලා දුවන්නේ වෙන එකෙක්ට හොරෙක් හොරෙක් කියලා. කම්බාහොරු අල්ලන්න දුවනවා. සුදුවෑන්, ටයර් සෑයවල්, මිනීමරු කල්ලි, රටට හඳුන්වලා දීපු අය, වෙන අයට සුදුවෑන් කියලා කියනවා. දැන් සජිත් කිව්වේ එයාගේ තාත්තා කරපු වැඩ කරනවා කියලා.. දැන්ම වැඩ පටන් අරන්ද දන්නේ නැහැ එහෙනම්..

:       0       170

max Thursday, 19 September 2019 06:56 AM

ලැම්බෝගිනි, රත්තරන් අශ්වයන්ට අහු වුණු මෝඩ මිනිස්සු මේ සිදුවීමත් GR ට දානවාට මෙන්න කැට..!

:       0       304

Bishan Thursday, 19 September 2019 07:20 AM

සුදුවෑන් සංස්කෘතිය සාදරයෙන් පිළිගනිමු..

:       69       22

gamarala Thursday, 19 September 2019 07:36 AM

ඔය තියෙන්නේ දැන් නෑ කියල කිව්වට. ඔන්න ඉතින් මේකට කියයි මේකත් අරගොල්ලන්ගේ වැඩක් කියලා.

:       0       75

Uditha - London Thursday, 19 September 2019 07:44 AM

සුදු වෑන්... අාපහු මෙගා නාට්ටිය පටන් ගත්තද? ඔහොම යං.. ඔහොම යං...

:       149       102

gotu chandana USAThursday, 19 September 2019 09:12 AM

ලන්ඩන් තියෙන්නේ කොස්ගස් හන්දිය කිට්ටුව නේද? එහෙ සුදු වෑන් නැතිද කළු ඒවාද තියෙන්නේ..?

:       5       67

Uditha - LondonThursday, 19 September 2019 09:43 AM

කිසිම හරයක් නැති කමෙන්ට් එකක්.. ඔබතුමා මොනවගේ දෙයක් බලාපොරොත්තුවෙන් මෙහෙම අදහසක් දැම්මද කියන්න මට නම් පැහැදිලි කමක් නැහැ.

:       96       33

sampath Thursday, 19 September 2019 07:53 AM

හා හා හා මෙයාලත් සුදු වෑන් වලින් නේද වැඩ අල්ලන්නේ ....

:       0       98

sunil milanoThursday, 19 September 2019 10:04 AM

උදිත ලන්ඩන්වල හිටියට, කතාව නම් ඉතියෝපියාවේ වගේ.

:       1       80

Uditha - London Thursday, 19 September 2019 11:24 AM

අනිවා.. සුනිල් මහත්තයා, මම ලන්ඩන් හිටියට මගේ බොරු පොෂ් නැහැ.. පොළවේ පයගහලා ඉන්න කෙනෙක් මම.. මන් හිතන්නේ ඔබතුමා අවශ්‍ය දේ නෙමෙයි කතා කරන්නේ.. මම ලන්ඩන් ඉන්න එකවත් මගේ කතාව ඉතියෝපියාවේ වගේ කියන එකවත් නෙමේ මෙතැනදී වැදගත් වෙන්නේ.. අවශ්‍ය දේ කතා කරන්න වටේ යන්නේ නැතුව.

:       85       68

රජින්ද Thursday, 19 September 2019 08:38 AM

යහපාලනයේ හෙළුව, පිටින් මාධ්‍ය ඉස්සරහ මොවුන් හුරතල් වුණාට සැබෑම සුදුවෑන් ඉස්මතු වුනේ යහපාලනේ කාලේ වීම කෙතරම් නම්, අභාග්‍ය සම්පන්නද?

:       21       219

Chanak los angelesSaturday, 21 September 2019 04:58 AM

ඔබ හිටගන්නේ ඔලුවෙන් වෙන්න ඇති. එතකොට ඔක්කොම පෙනෙන්නේ නුහුරටයි.

:       0       0

lion Thursday, 19 September 2019 09:32 AM

කොල්ලා එන්න ඉස්සෙල්ලා පුරුදුවෙන්නවත් වැඩ පටන් අරගෙනද ?

:       7       43

Amila Thursday, 19 September 2019 10:21 AM

ගෝඨාගේ කාලේ සුදුවෑන් වලින් උස්සන් ගිහින් මරපු අතුරුදහන් කරපු හැටියට ඕවා මොනවද? එකෙක් දෙන්නෙක් හරි අනේ උස්සන් ගිහින් එලොව යවන්න.. එතකොට ඔය මේ ආණ්ඩුවේ කොන්ද පිළිබඳ ප්‍රශ්නය හරි විසඳේවි. මොකද මිනිස්සු කැමති චණ්ඩි වගේ නායකයින්ටනේ..

:       109       116

SumuduSaturday, 21 September 2019 02:24 AM

අපි දන්නැති නිසා අහන්නේ... සුදු වෑන් වලින් උස්සපු 5 දෙනෙක්ගේ නම් කියන්නකෝ...!!!

:       0       108

api dan ahuwei Thursday, 19 September 2019 11:14 AM

මේවට අපි අහුඋනේ 2015 . දැන් 2019 . අපි දැන් හිතන්නේ රට ගැන මිස 2015 බොරු ගැන නොවෙයි .

:       0       112

London buva Thursday, 19 September 2019 01:30 PM

යූඑන්පී අවසන් උත්සාහය... ජනතාව මේවට අහුවන්නේ නැහැ.

:       1       94

Kumar Thursday, 19 September 2019 02:56 PM

සුදු වෑන් එවන්න ඇත්තේ ගෝඨලාගේ අලුගෝසුවන් ආණ්ඩුවට තිබෙනවාට වැඩිය මඩ ගාන්න. දැන් ඉන්න අය ඔයවගේ මෝඩවැඩක් කරයි කියලා හිතන්න පුලුවන්ද? අන්තිමට ගෝඨා දින්නොත් සුදු වෑන් සේවය අයිති වෙන්නේ කාටද?

:       29       1

Chanak los angeles Thursday, 19 September 2019 08:55 PM

මේවා සාටක නාටක... අපි දන්නේ සුදු වෑන් සංස්කෘතියේ පියා ගෝඨා කියලා පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 415 2

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 265 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


දළදා වඳින්න ආවොත් මඟ නතර වෙන්න වෙයි
2025 අප්‍රේල් මස 24 8 0

දළදා වන්දනාවට ඉදිරි දින දෙකට සරිලන බැතිමතුන් විශාල පිරිසක් මේ වන විටත් පෝලිම්වල රැඳී සිටින බැවින් මහනුවරට නොපැමිණෙන්නැයි මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ට නි


ඡන්ද අපේක්ෂිකාවක් නිල ඡන්ද පත්‍රිකා 86 ක් සමඟ අල්ලයි
2025 අප්‍රේල් මස 24 358 0

නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස


ඌව පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ට ඇප
2025 අප්‍රේල් මස 24 287 0

ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය


දළදා වන්දනාව හැම වසරකම?
2025 අප්‍රේල් මස 24 1028 9

දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 708 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 351 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 498 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site