(නිමල කොඩිතුවක්කු)
සේනා දළඹුවා කෘෂිකර්මය විනාශ කරන විට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් බදු ගෙවන ජනතාව සම්පූර්ණයෙන්ම විනාශ කරමින් යන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද (29) පැවැසීය.
කෙටි කාලීන රජයක් යටතේ මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් බදු සහන ආපසු හැරවීම සඳහා අවශ්‍ය විධි විධාන වත්මන් රජය මේ දිනවල සකස් කරමින් සිටින බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
පුංචි බොරැල්ල වජිරාශ‍්‍රම විහාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ බන්ධුල ගුණවර්ධන මහතා මෙසේද කීය.
‘‘මංගල සමරවිර මුදල් අමාත්‍යවරයා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යළිත් බදු දඩයම වේගවත් කරලා තියෙනවා. බදු පිට බදු ගසමින් සිටින ඔවුන් යළිත් පසුගිය නොවැම්බර් මාසයේදී මුදල් පනතකින් බදු වර්ග 07ක් හඳුන්වා දිලා තියෙනවා.
සුඛෝපභෝගී බද්ධ, මොටර් වාහන හිමිකම් අය බද්ද, කාබන් බද්ද, සමාගම් ලියාපදිංචි කිරීමේ අය බද්ද, ණය ආපසු ගෙවීමේ අය බද්ද, සන්නිවේදන කුලුණු අය බද්ද, දුරකතන කෙටි පණිවිඩ සේවා අය බද්ද ආදී මේ බදු වර්ග ජනවාරි 01දා සිට ක‍්‍රියාත්මකයි.
මේ ඇතැම් බදු ගැන ඒවා අයකරන විදිය පිලිබඳ ජනතාව සහ රාජ්‍ය නිලධාරින් පවා දැනුවත් නැහැ. එම බදු අය කරගන්නා ක‍්‍රමවේදය පවා තවම සකස් කරලා නැහැ. ඒ නිසා දැඩි අර්බුදයක් මේ වනවිට හටගෙන තියෙනවා.
දුම් බද්දට අමතරව තමයි මේ කාබන් බද්ද හඳුන්වාදීලා තියෙන්නේ. පනත සම්මත කළාට අයකර ගැනීමේ නියෝග ප‍්‍රදේශිය ලේකම් කාර්යාල වලට තවදම දැනුම් දීලා නැහැ.
යතුරු පැදියේ සිට බස්රථ දක්වා සියලූම වාහන මේ බදුවලට යටත් වෙනවා. පීඩාකාරි ලෙස බදු පනවන්නේ නැතිව ජනතාවට සහන දෙන්න මේ රජයට වගකීමක් තියෙනවා. මේ බදු අවුල් විසඳීමට පවතින රජය මැදිහත් විය යුතුයි.
මේ දවස්වල සියලූම දේවල් මේ සේනා දළඹුවාට යටත් කරලා තියෙනවා. සේනා දළඹුවා කෘෂිකර්මය විනාශ කරන් යනවිට මුදල් අමාත්‍යාංශයේ දළඹුවොටික බදු ගෙවන ජනතාව සම්පූර්ණයෙන්ම විනාශ කරමින් යනවා.
මේ බදු දඩයම නැවැත්වීමට රජයට කිසිදු විකල්ප ක‍්‍රියාමාර්ගයක් නැහැ. මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් බදු සහන ආපසු හැරවීම සඳහා අවශ්‍ය විධි විධාන මේ දිනවල සකස් කරමින් යනවා’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
‘‘සේනා කෘෂිකර්මය විනාශ කරනවිට මුදල් අමාත්‍යාංශය ජනතාව විනාශ කරනවා‘‘