IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සීනි තොග වරායේ හිර වෙයි

(යොහාන් භාසුර)

ඩොලර් හිඟය හේතුවෙන් සීනි කන්ටේනර් 100 ක් පමණ වරායේ හිරවී ඇතැයි ආනයනකරුවෝ පවසති.

වෙළෙඳපොල තුළ මේ වන විට දැඩි සීනි හිඟයක් පවතින අතර සීනි තොග පවතින වෙළෙඳසල්වල ද කිලෝවක් රුපියල් 155 ත් 160 ත් අතර පාලන මිල ඉක්මවූ මිලකට අළෙවි වේ.

මෙම තත්වය පිළිබඳව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතාගෙන් ඊයේ (31) පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ සීනි කන්ටේනර් පමණක් නොව වෙනත් භාණ්ඩ විශාල සංඛ්‍යාවක් ඇතුළත් මෙටි්‍රක්ටොන් දහස් ගණනක් ඇතුළත් කන්ටේනර් 500 ක් පමණ මේ වන විට වරාය තුළ සිරවී තිබෙන බවත් එම කන්ටේනර් ආනයනකරුවන් 40 කට අධික පිරිසකට අයිති බවත්ය.

වරාය තුළ සීනි කන්ටේනර් හිරවී තිබීම නිසා ආනයනකරුවන් සතුව සීනි තොග නොමැති බවත් තොග රැස්කරගෙන සිටි පිරිසක් වැඩි මිලට සීනි අළෙවි කරන බවට අනුමාන කළ හැකි බවත් සෙනෙවිරත්න මහතා පැවසීය.

වාණිජ බැංකුවලින් මීට පෙර පැවැති ආකාරයට සාමාන්‍ය පරිදි ඩොලර් නිකුත් කළේ නම් මෙවැනි තත්වයකට පත්නොවී දිනපතා කන්ටේනර් නිදහස් කරගන්නා බවත් ඩොලර් හිඟය සියලුම ආනයනරුවන් ප්‍රශ්න බවට පත්ව ඇති බවත් සෙනෙවිරත්න මහතා කීය.

 



අදහස් (3)

සීනි තොග වරායේ හිර වෙයි

Saku Monday, 01 November 2021 04:24 AM

මෙච්චර පරිගණක තියෙන රටේ සිනි, සහල්, කිරිපිටි, එළවලු සිමෙන්ති වැනි අත්‍යවශ්‍ය භාන්ඩ තියෙන තැනක් කව්රුත් දන්නේ නැහැ, බැංකු පද්දතිය වගේ සියල්ලම පරිගණක ගත කරන්නේ නැත්තේ ඇයි ? ආනයන භාන්ඩ එන දවස, ඇනවුම් කරන දවස ,අන්තර්ජාතික වෙළද පොලේ මිලගණන්, ගබඩා කරගත් ස්ථාන රටෙර් සැම පුරවෙසියෙකුට දැනගත හැකි ලෙස පරගණක ගත කරානම් කොච්චර වටිනවද.

:       0       0

සිල්වා Monday, 01 November 2021 07:05 AM

ඩොලර් හිගය හේතුවෙන් ආනයනය සහ අපනයනය ද පහලට යෑම සිදුවී ඇත. දැන් කලයුත්තෙ බලකායක් පත් කර ඩොලර් ලබා ගැනීමට කටයුතු කිරීම යි.

:       0       0

fairoos Monday, 01 November 2021 12:39 PM

ඉන්න හිටින්න රටක් දෙන්න ආපු සර් දැන් රට සවාරිය පටන් අරන්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 336 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 139 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 441 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 42 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 328 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2011 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site