(කේ.පී. සුමනදාස)
සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙකක් හොරකම් කර පරණ යකඩවලට විකුණා තිබියදී එහි ආරක්ෂක අංශය විසින් සොයා ගෙන සෙවණගල පොලිසියට බාරදෙනු ලැබ ඇත.
සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙක වෘත්තීය සමිති නායකයකු බව කියන පුද්ගලයකු රැගෙන ගොස් ඇඹිලිපිටියේ පිහිටි පරණ යකඩ බඩු මිලට ගන්නා සමාගමකට විකුණා රුපියල් පන් ලක්ෂ තිස්පන් දහසක් ලබාගෙන ඇති බව සෙවණගල පොලිසිය කළ පරීක්ෂණවලදී තොරතුරු හෙළිවී ඇත.
මැෂින් දෙක ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රියදුරු සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වෘත්තීය සමිති නායකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පැවැසීය.
සෙවණගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් කුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. එදිරිසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරික්ෂණ පවත්වයි.
මේ පිළිබඳව සෙවණගල සීනි සමාගමේ නිලධාරින් පැවැසුවේ ඔහු පිළිබඳව සමාගම වෙනම පරීක්ෂණයක් පවත්වන බවයි.
වෘත්තීය සමිති නායකයාගේ වැඩ තහනම් කර ඇතැයිද ඔවුහු පැවැසූහ.
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සීනි සමාගමේ මැෂින් දෙකක් පරණ යකඩ කඩයට විකුණලා
Tharindu Monday, 26 February 2024 05:49 AM
අනේ මොන පාට ද?
නිලන්ත Monday, 26 February 2024 06:59 AM
වෘත්තීය සමිති කාරයින්ට එහෙම එකක් වත් කරන්න බැරිනම් උගේ සමිති නායක කමේ තියෙන ප්‍රයෝජනය මොකක්ද
Kumasaru Monday, 26 February 2024 08:35 AM
චාමරට ගිය කොටස කීයද. "තැඹිලි මෑන් "