(ඉන්දිකා රාමනායක)
පදියපැලැල්ල රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ සිටී මාස 2ක් වයසැති සුනඛ පැටවුන් දෙදෙනෙකු යට වන ආකාරයට මෝටර් රථය පදවා සුනඛ පැටවුන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මතුරට පොලිසිය පවසයි.
සැකකාරිය කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිදක් බව පොලිසිය පවසයි.
ඉකුත් 17 වැනි දින සවස් කාලයේ මෙම සිද්ධිය සිදුව ඇති අතර මෝටර් රථයේ ඉදිරිපස සහ පිටුපස රෝද වලට යටවී මෙම සුනඛ පැටවු දෙදෙනා මියගොස් තිබුණි.
අදාල දාල වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමගම 18 දින සිද්ධිය සම්බන්ධයෙන් මතුරට පොලිසියට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මතුරට පොලිසිය පරීක්ෂණ පවත්වා මතු රට ඇහැළගස්තැන්න ප්‍රදේශයේ පදිංචි සැකකාර කාන්තාව සහ ඇගේ සැමියා වූ කෝටිපති ව්‍යාපාරිකයා මතුරට පොලිසිය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු වූ සත්ව හිංසනයට ප්‍රකාරව ඊයේ (20) සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ (20) පස්වරුවේ වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගෙන ඇති අතර මහේස්ත්රාත්රුවරයා සැකකාරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර ඇත.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුනඛ පැටවුන් මෝටර් රියට යට කළ කාන්තාව අල්ලයි
ලුම්බිණි Tuesday, 21 February 2023 09:55 AM
ඉතාම හොඳ දෙයක්.
මිනිනිල් Wednesday, 22 February 2023 12:51 AM
බල්ලෝ යටකරපු එක කොහේද බන් හොඳ වෙන්නේ. අහිංසක සත්තු. අනික පොඩි පැටව්. මෙලෝදෙයක් තේරෙන්නේ නෑ. කලබලේට දුවන්න ඇති. පැටව් දැක්කානම් පරෙස්සමින්, හෙමින් යන්න තිබුනා. නොදැක්කා නම් කරන්න දෙයක් නෑ.
පිටිගල මිලානෝ Tuesday, 21 February 2023 10:14 AM
පව්කාරි…..! අලින් ලව්වා වැඩ ගන්න එක තහනම් කරන්න. අලියාගේ කකුලට දම්වැල් වලින් දාන අලිතිරිංගයට කකුල් තුවාල වෙනවා. කකුල් තුවාල වුන අලින්ගේ අයිතිකාරයොන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. මොකා වුනත් කරන්නේ පව් වැඩක්.
නන්දන පනා-මිලානෝTuesday, 21 February 2023 10:42 AM
මිලානෝ අයියේ… අලියා යන්නේ පෙරහැරේ ලස්සනට අන්දලා. කකුලෙන් සැරව බේරෙනවා ජීවිත කාලෙම දාලා තියෙන දම්වැලට. මදකිපුනට කිසිදිතක ඇතින්නියක් ලැබිලා නෑ සංවාසයට. අලිදම්වැල ගලවලා කොට්ට බඩේ බැදන් පෙරහැර පස්සෙන් යන බඩතඩි නිලමෙට දාන්න ඕනෙ කොහොමද කියලා බලන්න.
AlfreadTuesday, 21 February 2023 02:44 PM
මීගමුවේ දහසක් පමණ වන කුකුල් ෆාර්ම්, ගව ඝාතනාගාර, ඌරන් ඝාතනය කරන තැන් වසා දමා ඔවුන් අත් අඩංගුවට ගන්න. රේස් වලට අශ්වයන්ට කසෙන් තැලීම, යකඩ සපත්තු වලින් උන්ට ඇනීම නීතියෙන් තහනම් කරන්න. අශ්වයා වයසට ගියාම ඌව මරා දැමීම තහනම් කරන්න. විදුලි වැටවල් ගසා වෙඩි තබා අලින් මරා දැමීම වෙනුවට ඔවුන්ව පෙරහැරට ගන්න ඒකට කමක් නෑ. අඩු ගානේ උන් ජීවත් වෙනවානේ.
චමින්ද Tuesday, 21 February 2023 10:15 AM
පන තියෙන කුමන සතෙකුවත් මැරීම ජාති ජාතීත් පඩිසන් දෙන පාපකර්මයක් කියලා කියන්න පුළුවන්. ඒක ඇයට ලැබේවි .ඒත් මෙතන අල්ලාගත් කාන්තාව ඇයගේ නිවස අසලට කිසිවෙකු හෝ ගෙනවිත් දැමූ පැටවුන් වෙන්න ඕන. එහෙම නැත්නම් කිසිවෙකු තමන්ගෙ නිවසේ බැල්ලියක් වැදූ පැටවුන් වෙන්න පුළුවන්. එහෙම නම් මේක කැකිල්ලේ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුවක් කියලා කියන්න පුළුවන්. සමහර විට පැටවු පාරට දැමුව කෙනාම පැමිණිලි කලාද කියලා ඉතාමත් සැකයි .මෙහෙම කැකිල්ලේ තීන්දු දෙනතුරු ලංකාවට සෙතක් නම් නොලැබේවි.
kapila Tuesday, 21 February 2023 10:31 AM
මෙය ඇය හිතා මතා කල දෙයක්ද?
samTuesday, 21 February 2023 11:27 AM
වාහනය එලෙව්වාට, රෝද තියෙන්නේ කොහෙද කියන නොදන්නා කමින් උන වරදක්.
Ruhunu Tuesday, 21 February 2023 10:39 AM
මම හරියට හිතුව කාරෙක පදවන අත කාන්තාවක් කියල.
Prase Tuesday, 21 February 2023 11:19 AM
අනිවාර්යෙන් අවුරැද්දක් වත් හිරේ යවන්න බරිනම් රට නිතියට බුදු අසරනයි.
චමිල kumara Tuesday, 21 February 2023 11:54 AM
එම කාන්තාවගේ පොටෝ එකක් දාන්න ලංකාවටම බලන්න පව් කාර ගැහැනියක් කියලා.
Senarath Tuesday, 21 February 2023 12:25 PM
මෙ ලොකෙ අපිට විතරක් ඔනෙ විඩියට ඉන්න බහ. සෑම සතෙකුටම ජීවත් වෙන්න පුලුවන්කම තියෙන්න ඔනෙ. සතෙකුට අනුකම්පා කරන්න බැරි කෙනෙක් කොහොමද මිනිහෙක් වෙන්නෙ ?
චින්තක Tuesday, 21 February 2023 02:35 PM
බලුවැඩක් ලෙසට පැටවු පාරෙ දමාගිය එවුන් තමයි සමාජයේ වැඩියෙන් ඉන්නෙ කියලා චමින්ද කියපුදේට ඩිස්ලයික් දැමීමෙන් පේනවා .එයින්ම කියන්න පුළුවන් වත්මන් සමාජය අයුක්තට බරවැඩියි කියලා .නැත්නම් කොහොමත් ජාති ජාතීත් විපාක හිමිවෙන කාන්තාවට කිසිවෙකු ශාප කරන්න අවශ්‍ය නැහැ කොහොම වුනත් බලුපැටවු මාර්ගයේ දමාගිය අයට දඩුවම් කරන්නම ඕන
chathuri Tuesday, 21 February 2023 03:32 PM
ඕකිවත් දවසක කාර් එකකට යටවෙලා මැරේවා !!!
එස් ආර් රාමනායක Tuesday, 21 February 2023 07:32 PM
ඒ අහිංසකයින්ට කරපු අපරාධයට දැඩි දඬුවම් දෙන්න. ඒ වගේම කවදාක හරි එයාටත් මේ විදියටම පඩිසන් දෙන්න...!
උදේනි ගලහිටියාව . Tuesday, 21 February 2023 08:50 PM
ඔය බලු පැටව් අත් වැරදීමකින් යටවුණා වෙන්න බැරිද? අර සමහර කමෙන්ට්ස්වල තිබුණාවගේ මොනතරම් කෝටි ගණනක් මුහුදෙ මාලු.. කුකුල්ලු... හරක්.. ඌරො.. එලුවෝ මරනවාද? අපේ අයියලා. මහමග මිනිස්සු අමුඅමුවේ මරනවා. ඔතන අර කෝටිපති කාන්තාවක් කිව්වාම ඒ කෙරෙහි සමහරුන්ට මහා ඉරිසියාවකුත් ඇතිවෙනවා ඇති.. ඕකව මරන්නමයි ඕනේ කියලා. තමුන් ඔය සීලෙ රකින්න ඉස්සෙල්ලා. මම ජනමාධ්‍යවේදීයෙක්. අද වෙනකන් බියර් එකක්වත් බීලා නෑ.. 36 වසරක් නිර්මාංශයි. හිත හරිම සැහැල්ලුයි. ඔයාලත් එහෙම වෙන්න. හරි සැනසීමයි. සමහරු නම් බනීවි. මම මුලු ජීවිතේම සතුටින් ඉන්නේ. හෙට මොනවා වෙයිද මම දන්නෑ. ස්තුතියි ඔයාලා සැමට...
Donald Wednesday, 22 February 2023 05:27 AM
අපේ ගේ ලඟත් ඉන්නවා පූසෝ 5 ක් විතර බෑග් එකක දාලා කට බැඳලා ගඟේ දාපු කෙනෙක්
Donald Wednesday, 22 February 2023 05:30 AM
මොරටුවෙත් ඉන්නවා බළලුන් 5ක් බෑග් එකක දාලා කට බැඳලා ගඟේ ගිල්ලවපු කෙනෙක්...
Donald Wednesday, 22 February 2023 05:38 AM
මොරටුවේත් ඉන්නවා බළලුන් 5ක් විතර බෑග් එකක දාලා කට බැඳලා ගඟේ ගිල්ලවපු කෙනෙක්...
sumana kumara Wednesday, 22 February 2023 05:50 AM
පොලිසිය කොච්චර දක්ෂයිද? ඇත්තටම ඔච්චර දරුණු අපරාධ කාරයෙක්ව තරාතිරම නොබලා දැවැන්ත මෙහෙයුමකින් අත්අඩංගුවට ගන්න... ඉතින් ලංකාවේ මත්ද්‍රව්‍ය නැතිකරන එක සිම්පල්නේ... යෝධබල, යෝධ ශක්තිය ලැබේවා... ඒ පොලිස් නිල දරුවන්ට... මෙවන් අපරාධ කාරියන්ව දුටුතැන අල්ලා සිරකරනු...!
R.A.K. Perera Wednesday, 22 February 2023 05:51 AM
මිනිස්සුන්ට වගේම සතුන්ටත් නීතියේ පිහිට අවශ්‍යයි. රටේ නීතී අලුත්විය යුතුයි.
සුනීතා හල්ගමුව Wednesday, 22 February 2023 08:07 AM
දඩමුදලක් නියම කළාට වැඩක් නැහැ. රුපියල් ලක්ෂයක් කියන්නේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට බොහොම සුළුදෙයක්. දඩයක් ගැහුවාට සත්තුන්ට සාධාරණයක් වෙන්නේ නැහැ. මෙයාට දෙන්න තිබ්බේ වීදී සුනඛයින්ට කෑමබීම, බෙහෙත්, දීලා ආදරයෙන් රැකබලා ගැනීම අනිවාර්ය කීරීම චගේ දඬුවමක්...
Madu Wednesday, 22 February 2023 09:13 AM
සත්තුන්ව පාරට ගෙනත් දාන මිනිස්සු තිරිසන්නු හිරිහර කරන මිනිස්සුත් තිරිසන්නු උන්ටත් මෙ වගෙම වෙන්න ඔනෙ.
හසිත Wednesday, 22 February 2023 10:09 AM
පළවෙනි පැටියා යටවෙනකොට, ඵළවන කෙනාට ඒක හොඳට දැනෙන්න ඕනේ. ඒ ගැන වගේ වගක් නැතිව දෙවැනි පැටියත් යට කරනවා. මේකෙන් හොඳට ඔප්පු වෙනව ඵලවන ඵකාට කිසිම හැඟීමක් දැනීමක් නෑ කියලා. මේවගේ නිර්වින්දනය වෙච්චි අය එලවනකොට තමයි මාරක අනතුරු වෙන්නේ... මේ වගේ අයගේ ලයිසන් කැන්සල් කරන්න ඕනෑ. පැටව් පාරෙ හිටපු ඵක වෙනම කතාවක්... හැබැයි ඵලවන මිනිහා දැනගන්න ඕනෑ පාරෙ හරියට ඵළවන්න. උපරිම දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනෑ...
F.m Wednesday, 22 February 2023 10:50 AM
පාරට බලු පැටව් දමන අයට දඬුවම් ලබාදිය යුතුයි
Eranda Wednesday, 22 February 2023 10:53 AM
අපිත් හදනවා පාරෙ දාලා ගියපු පැටියෙක්... ගේනකොට ඔය වයසෙම ඇති.. ගෙවල්වල පැටව් හදන්න බැරි නම් ඔපරේෂන් කරන්න. පාරෙ ඉන්න අය ගැන බලන්න ක්‍රමයක් හදන්න බැරිද? ඉස්සර නම් බලු වෑන් තිබ්බා..
සනත් Wednesday, 22 February 2023 12:06 PM
මහ කාලකන්නි ගැහැනියක් .මා රැකියාව අවසන් කර නවාතැනට යනවිට පාරෙ ඉන්න බල්ලන්ට කැම ටිකක් කොහොම හරි අරන් යනවා
Kathi Wednesday, 22 February 2023 02:37 PM
ඇයට දඬුවම් හිමිවිය යුතුයි.
සුමින්ද විජේරත්න Wednesday, 22 February 2023 08:40 PM
රුපියල් ලක්ෂයක ශරිර ඇප තියන්න කියනකොට ගොඩාක් බයවෙන්න ඇති..., ආයේ කවදාවත් එහෙම වැරැද්දක් කරන්නේ නැහැ.. කියන්න ඇති...!
Amila Kanchana Bandara Ariyarathna Wednesday, 22 February 2023 09:01 PM
වැරදීමකින් අකැමැතියි කියන එක ක්ලික් වුණොත් එය නිවැරදි කර කැමතියි කියන එක ක්ලික් කිරීමේ අවස්ථාව සලසන්න.
sampath Wednesday, 22 February 2023 09:43 PM
ඇහැට පෙනෙන නොපෙනෙන සියලු සතුන්ට ආදරය දක්වන්න. වාහනය අතට ගත්තාම සැලකිල්ලෙන් ධාවනය කිරීම හැම අතින්ම හොඳයි. මම නම් ඇහැට පේන ඕනෙම සතෙක් බේරන්න උපරිම උත්සාහයක් ගන්නවා. ඒක පුරුද්දක් කරගන්න.
Shehani gajaweera Wednesday, 22 February 2023 09:53 PM
මෙච්චර හිංසාවක් කරලා දඩ මුකුත් ගහන්නේ නැතිව ශරීර ඇපමත මුදාහරලා... ලක්ෂයක දඩයක් නම් තව කමක් නෑ. ඇපත් හම්බවෙලා... දවස් 14ක්වත් ජේල් කරන්න තිබ්බේ...
Rosa Thursday, 23 February 2023 12:15 AM
ඕනෑවට කරපු දෙයක් නෙමෙයිනේ...?
අසෝකා Thursday, 23 February 2023 12:51 PM
දඬුවම මදි...!
චතු Thursday, 23 February 2023 02:19 PM
ඇයගේ සැමියා කෝටිපතියෙක්ලු. ඉතින් රුපියල් ලක්ෂයක් කියන්නේ ඔවුන්ට මහලොකු මුදලක් නෙමෙයිනේ. ඒත් ඒ මැරුනු පැටව් දෙන්නගේ අම්මාගේ සෙනෙහස රුපියල් ලක්ෂයකට සීමා කරන්න පුළුවන්ද? ඒ ලබාදුන් දඬුවම මදි.. මටත් ඉන්නවා පාරෙන් ගෙනාපු බලු පැටව් හතර දෙනෙක්. මගෙ මහත්තයා කෝටිපතියෙක් වුණානම් පාරෙ ඉන්න බලුපැටව් ගෙනත් මම ඒ අයව බලාගන්නවා.