IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සනත් ජයසූරියට වසර දෙකක තහනමක්

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දුෂණ මර්ධන නීති පද්ධතියේ වගන්ති දෙකක් උල්ලංඝණය කළ බව පිළිගැනීම හේතුවෙන් ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක සනත් ජයසූරියට වසර දෙකක පූර්ණ තහනමක් පැනවීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු තේරීම් කමිටු ප‍්‍රධානියාද වූ සනත් ජයසූරිය මහතා අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් පනවන ලද දුෂණ මර්ධන නීති සංග‍්‍රහයේ පහත සඳහන් වගන්ති දෙක උල්ලංඝණය කළ බව පිළිගෙන තිබේ.

වගන්තිය 2.4.6

දුෂණ මර්ධන ඒකකය විසින් පවත්වාගෙන යනු ලබන කිසියම් විමර්ශනයක් සම්බන්ධයෙන් සාධාරණ හේතුවකින් තොරව සහයෝගය නොදීම හෝ සහයෝගය දීම ප‍්‍රතික්ෂේප කිරීම. එම විමර්ශන සඳහා අදාළ වන පරිදි ¥ෂණ මර්ධන ඒකකය විසින් ඉල්ලා සිටිනු ලබන කිසියම් තොරතුරක් හෝ ලියවිල්ලක් සැපයීම ප‍්‍රතික්ෂේප කිරීම නැතහොත් සම්පූර්ණ නොකිරීමද මෙම වගන්තියට ඇතුළත් වේ.

වගන්තිය 2.4.7

දුෂණ මර්ධන ඒකක විසින් පවත්වාගෙන යනු ලබන කිසියම් විමර්ශනයක් සම්බන්ධයෙන් බාධා කිරීම හෝ එම විමර්ශන ප‍්‍රමාද වන පරිදි කටයුතු කිරිම. එම විමර්ශන සඳහා අදාළ වන තොරතුරු හෝ සාක්ෂි හෙළිදරව් විය හැකි තොරතුරු වසංකිරීම හෝ විකෘති කිරීම නැතාහොත් විනාශ කිරීමද මීට ඇතුළත් වේ.

මෙම වගන්ති දෙක උල්ලංඝණය කිරීම පිළිගෙන සිටින බැවින්, කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් වසර දෙකක කාලයක් පුරා, කිසිදු ආකාරයකින් දායකත්වය දැරිය නොහැකි වන පරිදි තහනමක් ඔහු විසින් බාරගනු ලැබ තිබේ.

කි‍්‍රකට් කී‍්‍රඩාවට සම්බන්ධ වන්නන් කි‍්‍රකට් විමර්ශන සම්බන්ධයෙන් දායකත්වය දැක්වීමේ වැදගත්කම මෙම දණ්ඩනය මගින් තහවුරු වන බව ද අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දුෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා පැවසීය.

‘‘අපගේ කී‍්‍රඩාව දුෂණයෙන් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම විමර්ශන වලට සහාය දීම ඉතාමත් වැදගත් මෙන්ම මූලික ආයුධයක් බව කීමට කැමැත්තෙමි. අපගේ කී‍්‍රඩාවේ අවංකභාවය රැකගැනීම සඳහා මෙම නීති රීති අත්‍යවශ්‍ය මෙවලම් වේ‘‘ යයිද ඇලෙක්ස් මාෂල් මහතා පැවසීය.

සනත් ජයසූරියට පනවන ලද තහනම අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් මෑතකදී කරන ලද විමර්ශන වල අලූත්ම ප‍්‍රතිඵලයයි. පසුගිය ජනවාරි මාසයේදී ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව හා සම්බන්ධ වූවන්ට සහන කාලයක් දුන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව කි‍්‍රකට් දුෂණ සම්බන්ධයෙන් යමක් දන්නේ නම් ඒවා පසුගිය ජනවාරි මස 31 වැනිදාට පෙර තමන්ට ප‍්‍රකාශ කරන ලෙසත් දැනුම් දුන්නේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කී‍්‍රඩකයෝ 11 දෙනෙක් සහ තවත් කිහිප දෙනෙක් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දුෂණ මර්ධන ඒකකයට තොරතුරු සැපයූහ.

‘‘මේ සහන කාලය ඉතාමත් හොඳින් කි‍්‍රයාත්මක වුණා විතරක් නෙමේ ඒ කාලයේදී ඉතාම වැදගත් අලූත් තොරතුරු රැසක්ම අපට ලැබුණා.  ඒ අලුත් තොරතුරු වලින් දැනට කෙරීගෙන යන අපගේ විමර්ශන වලට ලොකු පිටිවහලක් ලැබුණා. ඒ විතරක් නෙමේ. අලූත් විමර්ශන ආරම්භ කරන්නත් පුළුවන් වුණා‘‘ යැයිද ඇලෙක්ස් මාෂල් මහතා පැවසීය.

‘‘මේ සහන කාලයේදී අපට තොරතුරු ලබා දුන් අයට, එසේ තොරතුරු දීම ගැන, මා ඉත සිතින්ම ස්තුති කරනවා. මේ තොරතුරු නිසා ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අපට දැන් ඉතාමත් පැහැදිළි පින්තූරයක් තියෙනවා.ඒ නිසා අපගේ විමර්ශන ඉදිරියටත් ගෙනියනවා‘‘ යයිද අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දුෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

 



අදහස් (22)

සනත් ජයසූරියට වසර දෙකක තහනමක්

Buddika Tuesday, 26 February 2019 01:16 PM

ඉතාම කණගාටුයි.

:       538       751

Raveendra Tuesday, 26 February 2019 02:34 PM

ලෝක වාර්තා කීපයකටම හිමිකම් කියන මෙන්ම අපගේ මාතෘ භූමියට කීර්තියක් ලබා දුන් ඔබ වන්නෙකුට මෙවන් දඩුවමක් විදීමට සිදුවීම කණගාටුවට කරුණකි. නමුත් ඔබ විසින් යම් කිසි සමාජ විරෝධී ක්‍රියාවක් කලේ නම් ඔබ දඩුවම් විදිය යුතුය. එහි කිසිදු වෙනසක් නොමැත. මෙය මටත් , අප සියල්ලොටමත් අප රටේ මුල් පුරවැසියාටත් පොදු විය යුතුමය. යම්කිසිවකු කිනම් හෝ සමාජ විරෝධී ක්‍රියාවක් කර අවංක මිනිසුන් සේ රගපැවත් මනසින් ඔවුන් සිය දහස් වාරයක් දුක් විදින්නොය. එවන් මිනිසුන් පිලිබදව අප සමාජයේ ඕනා තරම් උදාහරණ දැක ගත හැක.

:       242       1200

PerumalTuesday, 26 February 2019 04:45 PM

වරදක්, නීති විරොධි වැඩක්, අපරාධයක් කර ඇත්නම් තරාතිරම තත්වය නොබලා ඔවුන් දඬුවම් ලැබිය යුතු බව ජයසූරියට කිවුවත් රණවිරුවන් වශයෙන් හඳුන්වනු ලබන සමහර වැරදි කරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමටත් විරුද්ධ වෙන, ඉඩ නොදෙන අය දේශ රේමින් ඉන්න රටක් තමයි ලංකාව.

:       63       334

rohan Tuesday, 26 February 2019 02:47 PM

කණගාටුයි

:       41       88

mohan Tuesday, 26 February 2019 06:46 PM

සදහටම තහනම් කරන්න ඕනේ. නැත්නම් ඊලගට එන ක්‍රීඩකයන්ට හොද පාඩමක්

:       109       91

Sarasi Tuesday, 26 February 2019 07:40 PM

ක්‍රීඩකයෙකු වේවා , කලාකරුවෙකු හෝ දේශපාලකයෙකු වේවා තමන්ගේ වෘත්තීය ගරුත්වය සැමවිටම රැකගෙන සිටීම වැදගත්. ඒ මන්ද තමන් දෙස සමාජයේ කුඩා දරුවාගේ සිට පරිනත නොවූ ලාබාල තරුණයන් පවා බලා සිටින නිසාය. සමහරවිට වැරදි පුර්වාදර්ශ අනාගත පරපුරට ඉතා නරක අනුකරණයක් වීමට ඉඩ ඇති නිසාය.

:       34       151

RaveendraWednesday, 27 February 2019 01:48 AM

සහතික ඇත්ත..

:       0       7

abaran Tuesday, 26 February 2019 09:21 PM

ජාත්‍යන්තර විනිශ්චයක් නිසාවෙන් මොහුගේ වැරදිවලට දඬුවම් ලැබුනා. අපගේ රට පාලනය කරන්නවුන් හටද ජාත්‍යන්තර විනිශ්චයක් දෙන්නේ නම් අද දියවන්නාවේ දියකෙලින කිසිවෙකුත් ඉතිරි නොවනු ඇත..

:       1       175

රසික Wednesday, 27 February 2019 02:56 AM

සියලුම රටවල මැති ඇමතිවරුන්ගේ දුෂණ සෙවීමට මේ වගේ අන්තර්ජාතික සභාවක් පිහිටුවන්න බැරිද ?

:       0       14

හිච්චි මල්ලි Tuesday, 26 February 2019 10:16 PM

කවුද කැමති තමුන්ගෙ දුරකථනය විමර්ශනය කරන්න දෙන්න? තරඟ තහනම හොඳයි තමුන්ගෙ පෞද්ගලිකත්වය නිරාවරණය කරනවාට වඩා. වරදක් කලා හෝ නොකලා හෝ මම වුනත් කවදාවත් කැමති නැහැ මගෙ දුරකථනය වෙන කෙනෙක් රිංගනවාට. විමර්ශනය කල යුත්තේ කෙනෙකුගේ පෞද්ගලික දේවල් වලින් නෙමේ.

:       272       72

RasikaWednesday, 27 February 2019 02:52 AM

විමර්ශනය කරන්න දුන්නා නම් මොනවා හෙළ වෙයිද කියා බයට තමයි නොදෙන්නේ . අන්තර්ජාතික පරීක්ෂණයක් නිසා වෙන දේවල් හොයන එකක් නැහැ .

:       0       51

Nuwan Tuesday, 26 February 2019 11:43 PM

පුද්ගලයා කව්ද කියන එක වැදගත් නැ නීති කඩනවානම්. ඔහු ජනාධිපති වුනත්. නිතිය සැමට සමාන විය යුතුයි. අන්න ඒ දවසට මේ ලෝකය අගනේය.

:       0       65

Sapumal. Wednesday, 27 February 2019 01:32 AM

නීතිය සැමට සාධාරණ විය යුත්තේය. ජයසුරියටද එය එසේ යයි සිතමු. එහෙත්, රන්ජන්ගේ හෙළිදරව්වට අනුව මෙතෙක් ලේ සාම්පල් පරීක්ෂා කලේ ඔහු සහ බුද්ධික පමණි. අනිත් පක්ෂ විපක්ෂ මැති ඇමතීන්ට තවමත් එසේ බැරිවුයේ මන්ද? ඔවුන්ට නීතිය වලංගු නොවන්නේද ? ජනපති තමන්ගේ පක්ෂයේ අයගේ ලේ පරීක්ෂාව කොට තම පිරිසිඳු භාවය පෙන්වා සිටීමට මෙතෙක් අපොහොසත් වුයේ ඇයි ? තම කණ්ඩායමේ අයගේ රුධිර සාම්පල් පරීක්ෂාවට මහින්ද පියවර නොගන්නේ මන්ද ? ඔහු කියන්නේ එවැන්නක් අවශ්‍ය නොවන බවද ? එසේ නම් එයට හේතුව කුමක්ද ? මරණ දඬුවම මෙතෙක් ප්‍රමාද වුයේ තමන්ගේ උදවිය එල්ලීමට වේ යයි තිබෙන බිය නිසාද ? නීතිය හරි හැටි ක්‍රියාත්මක වනුයේ ජයසුරිය වැනි අයට පමණද ? පාර්ලිමේන්තුවේ අයට නීතිය බලපාන්නේ නැතිද ? නීතිය හරිහැටි ක්‍රියාත්මක විය යුත්තේ පාර්ලිමේන්තුවේ නේද ? ඔවුන් කරනා වැරදි වැරදි නොවේද ? නීතිය සැමටම පොදුයි නේද ?

:       0       311

RaveendraWednesday, 27 February 2019 04:38 AM

ඔබගේ වටිනා අදහස් සමග අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු කෙසේ වෙතත් "ගවයන් සියල්ලෝම මොනවද ගිලපු මිහරකුන් " සේ සිටින්නේ පිරිසිදුවට සුදු පිරුවට ඇගේ ඔතා ගත්තාට මුළු පංචස්කන්ධයම කුණු වලින් නැවි ඇති බැවිනි.

:       31       99

පාර්ලිමේන්තු සභාපති Thursday, 28 February 2019 03:36 PM

මේ හලෝ ගවයා කවුද? තමන්ගේ ඡන්ද කොට්ටාශය භාර නිලධාරියාට තමන් ගැන ක්‍රියාකිරීමට දැනුම් දී ඇත.

:       0       0

Bamunuarachchi Wednesday, 27 February 2019 02:05 AM

පරුමාල් යුද්දයේදී සහ ආදරයෙදී සිදුවන හැමදෙයක්ම සාධාරණයි කියා ජේ. කේ. රෝව්ලින් කියා තිබෙනවා. එමනිසා යුද්දකාලයේ උන සිදුවීම් වලට දැන් සොල්දාදුවන්ට දඬුවම් දීම සාධාරණ නොවේ. ඒ නිසයි රජය දෙමල ත්‍රස්තයින් පුනරුත්තාපනය කර සමාජ ගත කලේ. අපේ හමුදාව ත්‍රස්තයින්ට එසේ නොකලානම් යුද්දය දිනන්න තවත් කල් යන්න තිබුණා. රටේ යුද්දයක් තිබුණාද කියා නොදන්නා බැංකු කොල්ල කරුවන් පිරිසක් ඔය ත්‍රස්තයින් වෙනුවෙන් පෙනී සිට සොල්දාදුවන්ට චෝදනා කොරන්නේ. ඒ ගැන අපි සිතන්නේ නැත.

:       45       0

sarath Wednesday, 27 February 2019 04:24 AM

ගාමිණි දිස්සනයක 80 දශකයේ ලංකා ටීම් එකටම දුන්නු දඬුවමෙන් 96 දිනනකල් මේ අය හොඳට හිටිය .එත් දැන් ?

:       0       2

isurandi Wednesday, 27 February 2019 04:36 AM

මණ්ඩලයේ කචල් හා සිදුවූ දේ ගැන මට නම් වැටහීමක් නැත. නමුත් සනත්ගේ කීර්තිනාමයට මෙය හොඳ සලකුණක් නෙමෙයි.

:       0       2

wedage Wednesday, 27 February 2019 05:04 AM

මේ අපේ රටේ ඉන්නා වීරයන්ට මඩ ගහන ඉන්දියන් ක්‍රිකට් කොම්පැනිය ( I C C ) භංග වේවා!!!!!!!!!!!!!!

:       11       26

boca junior Wednesday, 27 February 2019 05:48 AM

ෆොන් එක දෙන්න බැහනෙ එකේ මොනව තියෙනවද කියල සනාවත් දන්නෙ නැ. සධාරණයි.

:       1       18

Rata Perata Wednesday, 27 February 2019 07:06 AM

සල්ලි පෙරේත මුන් රටේ නම කනවා.

:       1       21

sandy123 Wednesday, 27 February 2019 07:25 AM

ගමෙන් ඇවිත් ලෝකයටම ප්‍රහාරාත්මක පිති හරබය හදුන්වා දෙමින් මුළු ලෝකයම මවිත කර ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කල 20-20 තරග ලෝකයට හදුන්වාදෙන්න මුලික අඩි තාලම දැමු කීර්තිමත් ක්‍රිකට් තරුවක් මෙවන් සෝචනීය තත්වයකට වැටීම අනුමත කල නොහැක.

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 277 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 360 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 237 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 217 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 5553 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 1460 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 536 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 744 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site