IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සිනමා සිත්තමට නිළියත් අධ්‍යක්ෂවරයාත් උඩුගුවනට

රුසියානු සිනමාවේ ජනප්‍රිය නිළියක වන යුලියා පෙරෙසිල්ඩ්, අද (5) ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා පිටත්ව ගියාය. ඒ, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කෙරෙන චිත්‍රපටයක රංගනය සඳහාය.

37 හැවිරිදි යුලියා, අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගියේ රුසියාවේ සෝයූස් රොකට්ටුවේ සහ සෝයූස් එම්.එස්.16 ගගන කැප්සියුලයේ ආධාරයෙනි. පැය කීපයක ගමනකින් අනතුරුව රොකට්ටුවෙන් වෙන්වුණු කැප්සියුලය කිලෝ මීටර් 354 ක් ඉහළින් ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ හා සම්බන්ධ විය.

යුලියා අභ්‍යවකාශය බලා ගියේ තනිවම නොවෙයි. පළපුරුදු රුසියන් ගගනගාමීයකු වන ඇන්තොන් ෂ්කැප්ලෙරෝව් සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම එහි ප්‍රධාන නළුවකු ද වන කිම් ෂිපෙනෝව් ද ගමනට එක් වූහ. ගමන මෙහෙයවමින් ඊට නායකත්වය දීම කළේ ඇන්තොන් ෂ්කැප්ලෙරෝව් ය. සෝයූස් ගගන කැප්සියුලය රැගත් සෝයූස් රොකට්ටුව පිටත් වූයේ කසක්ස්තානයේ බයිකනූර් රුසියන් ගගන මධ්‍යස්ථානයෙනි.

ඉදිරි දින 12 ක කාලයේ අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කෙරෙන මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ 'චැලේන්ජ්' යනුවෙනි. රුසියන් අභ්‍යවකාශ ආයතනය වන 'රොස්කොස්මොස්' සහ රුසියන් රජයේ අනුග්‍රහය ලබන 'චැනල් 1' නාලිකාව සම නිෂ්පාදකවරුන් ලෙස චිත්‍රපටයට සම්බන්ධ වී සිටී.

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම එහි ප්‍රධාන නළුවකු ද වන 37 හැවිරිදි කිම් ෂිපෙන්කෝ පවසන්නේ 'චැලේන්ජ්' චිත්‍රපටය හැකිතාක් තාත්වික අයුරින් ප්‍රේෂ්කයන් හමුවට ගෙන ඒමට අවශ්‍ය බැවින්, එය සැබැවින්ම අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කරන බවය. චිත්‍රපටයේ කැමරාකරණ කටයුතු තමන් අතින් ද අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින සෙසු රුසියන් ගගනගාමීන් අතින් ද සිදුවනු ඇති බවත් අඩුපාඩු පසුව සකසා ගන්නා බවත් කිම් ෂිපෙන්කෝ පැහැදිලි කර තිබේ.

යුලියා, ඇන්තොන් ෂ්කැප්ලෙරෝව් සහ කිම් ෂිපෙන්කෝ

''චැලෙන්ජ් චිත්‍රපටය නිර්මාණය වන්නේ දක්ෂ වෛද්‍යවරයකු පාදක කර ගනිමින්. මොහු අභ්‍යවකාශයට යන්න සිහින දකින කෙනෙක් නම් නොවෙයි. අභ්‍යවකාශ නැවතුම්පොළේ ගගනගාමීන්ගෙන් කෙනකු අකරතැබ්බකට මුහුණ දී රෝගී වෙනවා. ඔහු පෘථිවියට ගේන්න විදියක් නැති වෙනවා. ඔහුට ප්‍රතිකාර කරන්න වෛද්‍යවරයාට අකමැත්තෙන් වුණත් අභ්‍යවකාශ නැවැතුම්පොළට යන්න වෙනවා' යැයි චිත්‍රපටයේ කතාව මාධ්‍ය හමුවේ පැහැදිලි කරමින් කිම් ෂිපෙන්කෝ පවසා ඇත.

කිම් ෂිපෙන්කෝ

'චැලෙන්ජ් චිත්‍රපටයට මා තෝරාගත් අවස්ථාවේ මා සතුටට පත් වුණා. ඒත් හිතුවේ නැහැ ඇත්තටම අභ්‍යවකාශයට යන්න වේවි. මාස ගණනක් තිස්සේ මම සහ කිම් ෂිපෙන්කෝ රුසියන් අභ්‍යවකාශ ආයතනයේ පුහුණුවීම් කළා. ගගනගාමීන්ට ලැබෙන පුහුණුව අපට ලැබුණා.' යැයි ගගන ගමනට එක්වීමට පෙර යුලියා පෙරෙසිල්ඩ් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය.

මේ අතර ඇමෙරිකාව ද අභ්‍යවකාශයේ චිත්‍රපටයක් රූගත කිරීමට සුදානම් වෙයි. එහි නිර්මාණ කටයුතු තව නොබෝ දිනකින් ආරම්භ වනු ඇත. එය ජනප්‍රිය හොලිවුඩ් නළි ටොම් කෲස්ගේ නවතම චිත්‍රපටයයි. 58 හැවිරිදි ටොම් කෲස් සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂ 55 හැවිරිදි ඩග් ලීමන් එම චිත්‍රපටයේ නිර්මාණ කටයුතු සඳහා අභ්‍යවකාශයට යෑමට සූදානම් වන්නේ නාසා ආයතනය සහ ඇමෙරිකාවේ ස්පේස් එක්ස් සමාගම හවුල් කර ගනිමිනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

සිනමා සිත්තමට නිළියත් අධ්‍යක්ෂවරයාත් උඩුගුවනට

ගමේ එකාලා Tuesday, 05 October 2021 07:43 PM

අපේ රටෙත් ඉන්නවා රොකට් යවාපු කෙනෙක්

:       1       21

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2469 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 604 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1196 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


වාර්තා බිඳ විජිත කප් එක ගනී
2024 නොවැම්බර් මස 15 6153 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 841 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 5188 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1728 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site