(යොහාන් භාසුර)
රජයේ සේවකයන්ට ලබන සඳුදා (20 වැනිදා) සිට සති දෙකක කාලයක් නිවසේ සිට වැඩකිරීමට නිර්දේශ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්න මහතා අද (17) පස්වරුවේ චක්‍රලේඛය නිකුත් කළේය.
රට තුළ ඉන්ධන සැපයීම සිමා සහිත වීම තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම දුර්වල මට්ටමක පැවතීම සහ පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගෙන ප්‍රවාහන පහසුකම් සැලසීම ද දුෂ්කර කටයුත්තක් වීම සැළකිල්ලට ගෙන පසුගිය 15 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය මගින් සිකුරාදා දින නිවාඩුවට අමතරව ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් රජයේ නිලධාරීන් කාර්යාලවලට කැඳවීම සීමාකරන බව එහි සදඟන් වේ.
රජයේ කාර්යයන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා අවම කාර්ය මණ්ඩලය තීරණය කිරීම සහ අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ, ආයතනයේ නිලධාරියෙක් එම නිලධාරියා පදිංචියට ආසන්නයේ අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ, ආයතනයේ වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේ බලය අදාල අමාත්‍යංශයේ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ආයතන ප්‍රධානීන් වෙත පවරා තිබේ.
අවම සේවක සංඛ්‍යාවක් කැඳවන අවස්ථාවේ වුවද සේවා මුරක්‍රමයක් හෝ වෙනත් විධිමත් ක්‍රම වේදයක් අනුගමනය කළ යුතු බවත් එලෙස සේවා මුරක්‍රමයක් හෝ වෙනත් විධිමත් ක්‍රමවේදයක් සැලසීමෙන් පසු යම් නිලධාරියෙක් සේවයට වාර්තා කළ යුතු දිනයක සේවයට වාර්තා නොකළේ නම් පමණක් එම දිනය නිලධාරියාගේ පෞද්ගලික නිවාඩුවලින් අඩු කිරීමට කටයුතු කළ යුතු බවත් චක්‍රලේඛයේ සඳහන්ව තිබේ.
සේවාමුර ක්‍රමයට හෝ විධිමත් ක්‍රමවේදයට වුවද සේවයට නොකැඳවූ දිනක වුවද සෑම නිලධාරියෙක්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිය රාජකාරියේ යෙදීමට සූදානම්ව සිටිය යුතු බවත් එක් ප්‍රදේශයක සිට රජයේ කාර්යාලවලට නිලධාරීන් කැඳවීම සඳහා ලංකා ගමනා මණ්ඩලය සමඟ සාකච්ඡා කර අවශ්‍ය බස් රථ ලබාගැනීමට එම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියරව ගත යුතුය.
සේවයට පැමිණෙන නිලධාරීන්ට සෑම අවස්ථාවකදීම පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට උපදෙස් දෙන ලෙසත් කාර්යාලය අසළ පදිංචි සේවකයන්ට ආයතනයේ වාහන භාවිතා කර පිරිවැය කළමනාකරණයකින් යුතුව ක්‍රියාකරන ලෙසත් අධිකරණ ක්ෂේත්රයට අයත් ආයතන වෙත නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් අධිකරණ සේවා කොමිසමෙන් ද, රාජ්‍ය ව්‍යවසාය සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් උපදෙස් ගෙන ඒ අනුව කටයුතු කළ යුතු බවත් එහි වැඩි දුරටත් සඳහන් වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සඳුදා සිට සති දෙකක් නිවසේ සිට වැඩ
මල් මාමා Friday, 17 June 2022 05:37 PM
රට ඉවරයි...!
මරිසිපාලFriday, 17 June 2022 05:54 PM
සහතික ඇත්ත.. මොකද කාර්යාලයට ගියත් රාජකාරි නොකරන අය ගෙදර ඉඳලා හරියටම කරයි කියලා තමයි කියන්න වෙන්නේ...!
මසිරිපාලSaturday, 18 June 2022 07:09 AM
තවත් කියනවා නම් මොන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද තමන්ගේ කාර්යාලය ගැන හරියටම අන්තර්ජාලය හරහා තොරතුරු ගන්න පුළුවන්.. සමහර කාර්යාල වෙබ්සයිඩ් අන්තිමට යාවත්කාලීන කරලා තියෙන්නේ 2013 වසරේ, තවත් සමහරක් ග්‍රාම නිලධාරි වසම්වල තියෙන ලොකුම ගම පවා ඇතුළත් කරලා නැහැ. එහෙම තියෙද්දී කොහොමද ගෙදර ඉඳගෙන රාජකාරි කරන්නේ? මේවා අතීසාරයට අමුඩ ගැසුවා වගේ වැඩක්...!
Prabha Friday, 17 June 2022 06:03 PM
ගෙදර ඉඳන් වැඩ කරන්න පරිගණක, අන්තර්ජාල, දුරකථන එහෙමත් සපයනවද?
Rata Perata Friday, 17 June 2022 06:10 PM
ගෝඨා සහ රනිල් යනකන් රට ගොඩදානවා බොරු... !
Willow Drive Friday, 17 June 2022 06:35 PM
කරන්ට් තියේද කියලා තමයි බය, ගෙදර ඉඳන් වැඩ කරන්න..!
චන්දිම Friday, 17 June 2022 06:40 PM
මේ එන්න හදන්නේ ලොක් ඩවුන් එකකටද?
jinna Friday, 17 June 2022 06:54 PM
මොල 7න් රට කාලා තුන්වේල කන්න දෙන්න එක්කෙනෙකුට බාරදුන්නා. අන්තිමට කබලෙන් ලිපට වැටුණා.
ගමේ එකාලා Friday, 17 June 2022 07:10 PM
රටකට වෙච්චි දෙයක්..?
Sunil Friday, 17 June 2022 07:45 PM
රට නම් දිනෙන් දිනම විනාශ මුඛයට යනවා.
යකාගෙ නීතිය Friday, 17 June 2022 08:09 PM
ඈවරයි, දෑවරයි තුන් ඈවරයි. වචන තුනයි...
රංගෙ Friday, 17 June 2022 09:00 PM
ගෙදර ඉදන් කොහොමද රට ගොඩ නගන්නෙ....අනේ මන්ද මොළ ගේන නැව් මේවා..
ඉන්දික Friday, 17 June 2022 09:19 PM
රජයේ සේවකයින් ගෙදර ඉඳන් වැඩ කරන්න මොනවද රජයෙන් දීලා තියෙන පහසුකම්...? කොම්පියුටර්, ලැප්ටොප් ඉන්ටෙර්නෙට් පහසුකම් දීලා තියෙනවා වගේනේ කතාව. මොන වැඩද කරන්න කියන්නේ ගෙදර ඉඳන්... ගෙදර වැඩ තමයි කරගන්න වෙන්නේ. රටට අබ සරණයි මේ පාලකයින් නිසා. දැන්වත් දාලා යන්න මිනිස්සු මරන්නේ නැතුව...!
Eranda Friday, 17 June 2022 09:43 PM
මොන රැවටිල්ලක්ද? කර්මාන්ත ශාලාවක වැඩ ගෙදර සිට කළ හැකිද?
siril Saturday, 18 June 2022 04:39 AM
ලොක්කන්ගේ තනතුරු ආරක්ෂා කරගන්න කෝටි දෙකකට වැඩි ජනතාවක් පීඩනයකට පත්කරනවා.
Rocky Saturday, 18 June 2022 06:55 AM
පෙන්ෂන් යනතුරුම ඔවුන්ට නිවාඩු දෙන්න...!
Demuni Uduwara Saturday, 18 June 2022 07:29 AM
ගෝඨාභය සමග රනිල්... රටත් සමග සෙල්ලම් කරන්න එපා...!
පුරවැසියා... Saturday, 18 June 2022 09:31 AM
ඵලක් නොමැති තීරණයක්. සති දෙකක නිවාඩුවක් දුන්නා නම් මීට වඩා හොඳයි.
Deepal Nirosh Saturday, 18 June 2022 10:47 AM
අනේ මේ හැම චක්‍ර ලේඛනයකම තියෙන්නේ එකම අදහස, පාරේ යන වාහනය අබලන් තත්ත්වයක පවතින බැවින් 160km ගමන පැය 04ක කාලය තුළ යා හැකි වන පරිදි උපරිම වේගය 40km/h ධාවනය කරන ලෙසටයි උපදෙස් දී තිබෙන්නේ. හැබැයි මේ චක්‍රලේඛන හදන්නේ දේශපාලඥයින් නොවෙයි, අපි වෙනුවෙන් අපි මිසක් වෙන කවුද?
nanda Saturday, 18 June 2022 10:57 AM
කොවිඩ් කාලේ රට වැහුවොත් කෝටි ගාණක් පාඩු වෙනවා කිව්වා නේද? මෙහෙම ගියොත් රට වැහුවා වගේ නේද? රටකට කරපු විනාශයක්... මේ දෙගොල්ලන්ම. හොරු අල්ලන්න කියලා මාරුවෙන් මාරුවට ඡන්දෙ ගත්තා දැන් දෙගොල්ලන්ම එකතු වෙලා. බලපුවාම දෙගොල්ලන්ම හොරු. වාසනාවන්ත රටක් නේද මේ කාබාසිනියා කළේ...!
Sahan Saturday, 18 June 2022 04:20 PM
ඉබ්බා දියේ දැම්මා වගේ.. අයිස් පප්පලාට මරු පල්ලම...
නිහාල් Saturday, 18 June 2022 10:16 PM
අයිස් ගහපු අය දැන් අයිස්පලම් හදලා ගහයි.
fairoos Sunday, 19 June 2022 12:28 PM
අනේ මෙහෙමත් ආණ්ඩුවක්... මේ කාලකණ්ණි එකතුවෙලා රට කනවා.
LGPJ Monday, 20 June 2022 09:31 PM
තම නිවස රජයේ කාර්යාලයක් නොවෙයි. කෙසේහෝ උත්සාහ කරන්නේ විදේශ මුදල් ඉතිරි කර ගැනීමටද විදුළිය ඉතිරි කරගැනීමටද?