(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු රාජ්‍ය අමාත්‍යවරයකගේ බිරිඳට අයත් මිරිහාන ඇඹුල්දෙනිය සාලාව පාරේ සුඛෝ භෝගී තෙමහල් නිවසක ගරාජයක සඟවා තිබූ රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී ලෙක්සස් වර්ගයේ මෝටර් රථයක් සිය භාරයට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.
ලියාපදිංචි අංක තහඩු රහිත මෝටර් රථයක් සාලාව පාරේ නිවසක ගරාජයක් තුළ තිබෙන බවට පොලිස් මූලස්ථානයට ලද තොරතුරක් අනුව මිරිහාන මූලස්ථාන පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් එම නිවස වෙත ගොස් සිදුකළ විමර්ශනවලදී නිවසේ ඉදිරිපස ගේට්ටු වසා දමා තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව අසල්වාසීන්ගෙන් සිදු කළ විමසීමේදී එම නිවස හිටපු රාජ්‍ය අමාත්‍යවරයකුගේ බිරිඳකට අයත් එකක් බවට අනාවරණය වීමෙන් අනතුරුව ඇයගේ ජංගම දුරකථන අංකය සොයාගෙන ඒ හරහා ඇය සම්බන්ධ වූ බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ ඇඟිලි සටහන් වාර්තා කොට්ඨාසයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ පවත්වා ඇත.
අදාළ මෝටර් රථයේ එන්ජින් අංකය සහ චැසි අංකය සම්බන්ධයෙන් සොයා බලා ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට මෝටර් රථයේ දොරවල් විවෘත කිරීමටත් රජයේ රස පරීක්ෂකවරයා කැඳවීමටත් කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සැප රියක් හිටපු රාජ්‍ය ඇමැති බිරියගේ නිවෙසින් හමු වේ
Chandhima Saturday, 26 October 2024 08:32 PM
රටේ මිනිස්සු තුන්වේල කන්න පුදුම ගේමක් දෙන්නේ. ජීවන බර අහස උසට... ජනාධිපති වුණු ගමන්ම දෙන්නම් කිව්ව ජනතා සහන මතකත් නෑ අද. ඒවා එකක්වත් නොකර ගැලරිය චූන්කරලා මහමැතිවරණයේදී ඡන්ද ටික ගන්න ගහන බෙර පද මේවා. කුඩුකාරයෝ රටපුරා. ඔවුන් අල්ලා ගන්න බෑ. කාට කියන්නද මේවා...?
ShafSaturday, 26 October 2024 08:43 PM
සීයා හිටියානම් 2048 වෙනකම් සද්චද නැතුව ඉන්නවා කියලා නේද හිටියෙ? තාම සීයා තමයි ඉන්නේ කියලා හිතාගෙන ඉන්න.
ලක්විදුSaturday, 26 October 2024 09:08 PM
චන්දිම මහත්තයෝ, ඔයා කියන විදියට, අනුර කුමාර සහෝදරයා රටේ අනිත් ප්‍රශ්ණ විසදනකල් පොලිසියට එන පැමිණිලි වලට මොකුත් නොකර ඉන්නද කියන්නෙ. දැන් ජනතාව බය සැක නැතිව තොරතුරුලබා දෙන බව තේරෙන්නෙ නැද්ද? මීට කලින් ඔය වගේ පැමිනිල්ලක් කලා නම්, පැම්නිල්ල කරපු එකාගෙ කෑලිවත් ඉතිරිවෙන එකක් නෑ.
AselaSaturday, 26 October 2024 09:14 PM
පලතුරු සීයා රට හදනකන් 2048 වෙනකන් බලන් ඉන්න හිටපු කෙනෙක් නේද ? අයි මේ දැන් කලබල.
ඒ.එම්.ඒ. කුමාරSaturday, 26 October 2024 09:27 PM
ඔහේගේ හාමු මහත්තුරු භාර දුන්නේ සංවිධානය කරපු සුර පුරයක් නේ. මිනිසුන්ට තුන්වේල කන්න නැතිවුනේ මේ වගේ කම්බ හොරු නිසයි. රටේ මිනිස්සු හිඟා නොකා හිඟා කද්දී මුන් පරම්පරා ගාණකට හරියන්න හොරකම් කලා. ජනතා මුදල් වලින් සුර සැප වින්දා. පාට කණ්නාඩි දාගත්ත සමහරුන්ට ඒවා පෙනෙන්නේ නෑ. අවුරුදු හැත්තෑ ගාණක් විනාශ කරපු රටක් මාසයකින් හදන්න බෑ මහත්තයෝ. ඇස් කන් ඇරගන බලාගන ඉන්න. එතකොට එදායි අදයි වෙනස පෙනෙනවා.
Pradeep KumaraSaturday, 26 October 2024 09:46 PM
මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා චන්දිම. බලයට පත් වූ විගසම ජනතාවට සහන දෙන්න මොකද හිටපු අය භාණ්ඩාගාරයේ සල්ලි පුරවලා ගිහින් කියලා හිතුවද? කාලාන්තරයක් තිස්සේ කාබාසිනියා කරපු රටක් එක රැයෙන් ගොඩ දාන්න බෑ කියලා ඔයාට නොතේරුනාට ඕනම මෝඩයෙකුට වුනත් තේරෙනවා. ඔයාලට 2048 වෙනකල් ඉන්න පුළුවන් කම තිබුනා නම් ඇයි තව ටික කාලයක් ඉවසන් ඉන්න බැරි?
SunandaSaturday, 26 October 2024 09:51 PM
පොලිසිය ඒගොල්ලන්ගේ රාජකාරිය කරන්නේ.මේක ඉදිරියේ එන මැතිවරණය නිසා කරන පොලිස් පරීක්ෂණයක් නොවෙයි.ඉස්සර හිටපු මයිනාගේ හෝ නාකි රනිල්ගේ පක්කලි පොලිසි දැන් අවසන් වෙලා මාසයකටත් වැඩියි. ප්‍රභල පාර්ලිමේන්තුවක් හැදුන පසු " හොරු " අල්ලන එක ඉක්මන්වේවි. එතකොට කියන්න එපා " දේශපාලන පලිගැනීම් " කියලා. දැක්කනේ , එංගලන්තෙන් හොරකම් කරපු වාහනයක් පාවිච්චි කරලා අහුවුනාට පසු , රිමාන්ඩ් කරපු ජොනියා කීවා " දේශපාලන පලිගැනීම් " කියලා.
MalikaSunday, 27 October 2024 06:37 AM
ඔව්. බොහෝ පොලිසි සුද්ද වෙලා. ඒත් අත්දැකීම් වලින් කියන්නේ වත්තල පොලොසිය නම් තාම තිබුන තැනමයි. අවුරුදු ගනන් වත්තල පොලීසියේ ඉන්න නිලධාරි මහතුන්ලා කොටසක් ඉන්නවා. පගා මරුවෝ. හොර කමක් රපොර්තු කරන්න ගියාම ඒ සුලු පැමිනිලි අංශයේ අය ගන්නේ හොරාගේ පැත්ත. හොරාගෙන් පගාව අරන් හොරාව අඩු තරමින් ගෙන්වන්නෙත් නෑ. ප්‍රජා ඒකකයේ ඉන්නවා මරණයක් උනාම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිතුමා ලඟට යන්න දෙන්නෑ. එතන ඉන්න නිලධාරියා ඒ මරනය එයා බාරයට අරන් එයාගේ හිතවත් මල් ශාලාවකට බාර දීලා එතනින් එයාට ගානක් ගන්නවා. බොරුවට මෘත දේහය රාගම ඉස්පිරිතාලෙට දාලා පරික්ශනයට කියලා කපලා දේහය අයිතිකරුවන්ගෙන් මුදල් ගන්නවා. කොහොම උනත් මේ වගකිය යුතු නිලධාරියා එක මෘත දේහයකින් දවසකට රුපියල 25000/- පමන හොයනවා.
JanahithaSaturday, 26 October 2024 10:01 PM
ජනපතිලගෙන් කන්න බලන් ඉන්න කුම්මැහියන්.
Rajitha JSaturday, 26 October 2024 10:23 PM
මු බුරුව නෙමේද? මෙචර කලක් නිදාගන ඉදල 2048 වෙනකන් බලන් ඉන්න හිටපු එවුන්ට පුදුම හදිසියක් තියෙන්නේ එකපාර දවසෙන් දෙකෙන් මේක සුරපුරයක් වෙනකන්?
Janahitha Saturday, 26 October 2024 09:59 PM
ඔබ කියන්නේ සහන දෙන්න සල්ලි නැහැ, ඔක්කොම සොරකම් කරලා ණය ගන්නති බැරිනම්, ණය ගෙවන්නත් බැරි නම් සොරකම් කරන උන් හොයා ගන්න බැරිනම් දැන් නිලධාරීන් කරන තවත් හොරු පත් කරලා ඉදිරි පරම් පරාව සිඟන භාවයට පත් කරපල්ලා. වැඩ නොකරන කාලකන්නි ජීවත්වන රටක හොරු පිරිසකට රටක් කිසිදා ගොඩදාගන්න බැහැ.
Lasa Saturday, 26 October 2024 10:12 PM
අහුවෙලා තියෙන්නේ සැප විදපු උන්ගේ දේවල්. රිදිලා තියෙන්නේ කටුකන මැක්කන්ට.
බකල ජයා Saturday, 26 October 2024 10:19 PM
හිරගෙවල්වලට රෑට රෑට ගිහින් එල්ලූම් ගහ බලන්න යන එක, සිරකරුවන් ඉන්න තැනින් එලියට අරගෙන විහිලුකිරීම විනෝදාංශය කරගත් ඒ අතිගරු ප්‍රභූවරයාගේ නම සඳහන් කිරීම අකැපද?
69 ලක්ෂ ය Sunday, 27 October 2024 06:19 AM
පඩ ෂෝ ජනතාව පිලිගන්නේ නැත ඇල්පිටියේ ජනතාව එය දන්වා ඇත මාලිමාව ට 50% නැත මාලිමාව 15 විපක්ෂය 15 නාමල් බේබි පමණ ක් ඡන්ද ටිකක් වැඩිකරගෙන ඇත ගෝටා ගත් ප්‍රතිඵලය ඉදිරියට කාටවත් නැත හොරු ඇල්ලිය යුතුය.
පොඩිඑකා Sunday, 27 October 2024 09:50 AM
මට මේක පැහැදිලි නැහැ මහත්තයෝ! බිරියගේ ද නැත්නං “බිරියකගේ” ද?
nimal Sunday, 27 October 2024 01:45 PM
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තගේ බිරිඳවන ශෂී ප්‍රභා රත්වත්තේට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට පොලිස් මූලස්ථානයට තොරතුරක් ලැබී තිබුණි. හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳ පොලීසියට සාක්ෂි දී ඇත්තේ, අදාළ රථය නිවසේ ගරාජයට ගෙනැවිත් දැමුවේ මීට දින කිහිපයකට පෙර වෙඩි වැදී මියගිය සිය පෞද්ගලික ලේකම්වරයා බවය.